The Leader News
BREAKING
Top Ad
පුවත්

'ජනාධිපති විශ්වාසය කඩකළා' - ස්වාධින මන්ත්‍රීවරු ජනපතිගේ රැස්වීම වර්ජනය කරයි !

T

The Leader Desk

April 12, 2022 • 4:27 AM

  'ජනාධිපති විශ්වාසය කඩකළා' - ස්වාධින මන්ත්‍රීවරු ජනපතිගේ රැස්වීම වර්ජනය කරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව අද (12) දිනයේ දී පැවැත්වීමට නියමිත සාකච්ජාවට සහභාගී නොවීමට 'පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' තීන්දු කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්
  •   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඊයේ (11) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
  • රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ 'පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' නියෝජිතයින් අතර පෙරේදා (10) රාත්‍රී තීරණාත්මක සාකච්ජාවක් පැවැත්විණ.
  • ඒ අනුව, වැඩිදුර සාකච්ජා සඳහා අද දිනයේ (12) තමා හමුවන්නැයි ජනාධිපතිවරයා එම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී  තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

දයාසිරි ජයසේකර පැවසිය.

ඒ, ජනාධිපතිවරයා 'ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' සමග සාකච්ජා පවත්වන අතරවාරයේ තම කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරයකුට රාජ්‍ය අමාත්‍යධුරයක් ලබාදෙමින් බිලිබා ගැනීමට විරෝධය පළකරමිනි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඊයේ (11) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද වන ශාන්ත බණ්ඩාර, ආණ්ඩුවෙන් ඉවත්ව මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රී  කණ්ඩායමේ සාමාජිකයෙකි.



ජනපතිත් ඩබල් ගේම් !



රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ 'පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' නියෝජිතයින් අතර පෙරේදා (10) රාත්‍රී තීරණාත්මක සාකච්ජාවක් පැවැත්විණ.

 පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති මෙම සාකච්ජාවේදී 'ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' ඉදිරිපත් කළ යෝජනා 11 සම්බන්ධයෙන් එකඟතාවය පළකර තිබු ජනාධිපතිවරයා, එම යෝජනාවලියේ සඳහන් ඇතැම් කරුණු ව්‍යවස්ථාවට පටහැනිවිය හැකි බැවින් එම කරුණු සංශෝධනය කර නොපමාව යළි ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබිණ.

ඒ අනුව, වැඩිදුර සාකච්ජා සඳහා අද දිනයේ (12) තමා හමුවන්නැයි ජනාධිපතිවරයා එම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී  තිබිණ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා 'ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව'  නියෝජිතයින් කිහිප දෙනෙකුට ඊයේ (11) පස්වරුවේ ද දුරකථන ඇමතුම ලබාදෙමින්  කරුණු 11කින් සමන්විත යෝජනාවලියේ ප්‍රගතිය පිළිබඳව විමසා ඇතත්, එම කණ්ඩායමේ මන්ත්‍රීවරයකු රාජ්‍ය අමාත්‍ය ධුරයක දිව්රුම්දීමට නියමිත බවට කිසිඳු ඉඟියක් පළකර නොමැත.



'' අපි ජනාධිපතිතුමා කෙරෙහි ලොකු විශ්වාසය තිව්වා. එතුමත් අපිව රැවට්ටුවා . ඒ නිසා අද එතුමා සමග සාකච්ජාවට නොයන්න තීන්දු කළා ..'' යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසිය. එසේම පක්ෂයේ විනය කඩකළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.



ශ්‍රීලනිපය ඊයේ ත් ජනපතිට කඩේ ගිහින් !




ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි බලකරමින් තරුණ තරුණියන් දහස් ගණනින් පාරට බැස විරෝධතාවය පළකරද්දී පවා 'ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' ඊයේ දිනය වනවිටත් පෙනී සිටියේ ජනාධිපතිවරයා වෙනුවෙනි.



මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් 'ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' ඊයේ දිනයේද අවධාරණය කර තිබිණ.  



නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ දිනයේ සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.

The Leader TV අද වීඩියෝ 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...