The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

ජන අරගලය මැද සුමන්දිරන් අගමැතිට කියපු කතාව ?

T

The Leader Desk

April 14, 2022 • 5:23 PM

ජන අරගලය මැද සුමන්දිරන් අගමැතිට කියපු කතාව ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීය යුතු බවට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට යෝජනා කර තිබේ.
  • අගමැති මහින්ද රාජපක්ෂගේ ඇරයුමක් අනුව අප්‍රියෙල් 11 වැනිදා කොළඹ අරලිය ගහ මන්දිරයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මේ බව අවධාරණය කළේය.
  • අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධිකාරක මෙන්ම යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අගමැති නියෝජිත වූ ද ගීතනාත් කාසිලිංගම් සංවිධානය කර තිබු මෙම හමුවේදී අගමැති ප්‍රකාශ කර ඇත්තේ, සිය ධූර කාලය අවසන් වන තෙක් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ජනාධිපති ගෝථාභය රාජපක්‍ෂ අදහස් නොකරන බවයි.
  • ''ජනතාව තෝරා පත් කරගත් අයෙක් ඒ දුන්නු ජනවරම අවසන් වූ පස්සෙයි අහෝසි කිරීම කරන්න ඕනෑ.'' අගමැති මහින්ද රාජපක්ෂගේ එම ප්‍රකාශයට විරෝධය දැක්වූ සුමන්තිරන් මන්ත්‍රී වරයා පෙන්වා දුන්නේ අද පවතින අර්බුදයට හේතු වී ඇත්තේ එම ජනවරම බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීය යුතු බවට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට යෝජනා කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂගේ ඇරයුමක් අනුව අප්‍රියෙල් 11 වැනිදා කොළඹ අරලිය ගහ මන්දිරයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මේ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධිකාරක මෙන්ම යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අගමැති නියෝජිත වූ ද ගීතනාත් කාසිලිංගම් සංවිධානය කර තිබු මෙම හමුවේදී අගමැති ප්‍රකාශ කර ඇත්තේ, සිය ධූර කාලය අවසන් වන තෙක් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ජනාධිපති ගෝථාභය රාජපක්‍ෂ අදහස් නොකරන බවයි.

''ජනතාව තෝරා පත් කරගත් අයෙක් ඒ දුන්නු ජනවරම අවසන් වූ පස්සෙයි අහෝසි කිරීම කරන්න ඕනෑ.''

අගමැති මහින්ද රාජපක්ෂගේ එම ප්‍රකාශයට විරෝධය දැක්වූ සුමන්තිරන් මන්ත්‍රී වරයා පෙන්වා දුන්නේ අද පවතින අර්බුදයට හේතු වී ඇත්තේ එම ජනවරම බවයි.


''ඒ ජනවරම දුන්නු ජනතාවම තමයි අද විදී බැහැලා ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනෑ කියලා කියන්නේ. දැන් ඒ ජනවරම අදාළ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය එක් දවසකින් අහෝසි කරන්න බැහැ. මාස කිහිපයක් ගතවේවි.



''නිශ්චිත කාලයකින් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරනවා කියලා ජනතාවට කියන්න ඕනෑ. ඊට පස්සේ කවුද පාලන බලය හොබවන්නේ කියලා පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව තීන්දු කරාවි.'' සුමන්තිරන් පැහැදිලි කරයි.

 මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග තව දුරටත් සාකච්ජා කර විසදුමකට එළඹෙන බවට අගමැතිවරයා සහතිකවී තිබේ.

දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ජා ඉදිරියට ගෙන යාම ගැන අගමැති රාජපක්‍ෂ කළ විමසීමට පිළිතුරු දුන් සුමන්තිරන් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ හවුල්කරුවන් අතර මත වෙනස්කම් තබා ගනිමින් ඊට එක්වූ බවයි.

''කතා බහේදී ඇති කරගත් එකඟතාවන් ඉටු කිරීමට ක්‍රියා කළහොත් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාවට විශ්වාසයක් ඇතිවන බවයි.''

''දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දෙමළ - සිංහල අලුත් අවුරුද්දට පෙර කරන්න තිබුණා. ඒත් ඒක මග හැරියා. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා වෙසක් දිනයේදීවත් ඔවුන්ව නිදහස් කරන්න ඕනෑ.'' ඔහු ඉල්ලයි.
 
 
 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...