The Leader News
BREAKING
"ඔත්තු බලන තරු" ඔක්තෝබර් 30වන දා සිට…●භික්ෂූන්ගේ නම් ඇතුළත් කර ඉවත් කිරීමෙන් අධිකරණය නොමඟ යැවූ බවට එජාපයෙන් චෝදනාවක්●බන්ධනාගාරගත නාමල්ට මහින්දගෙන් ලිපියක්: පළිගැනීම් එපා; අධිකරණය විශ්වාස කරන්න●පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා●ලෝක කායවර්ධන සිහිනය නිලධාරීවාදයේ මලකඩ කයිද?●ඉහළ වේදිකා තාක්ෂණයෙන් පිරිපුන් ‘මේපාර ඉවරයි’●රු. බිලියන 13.6ක NDB මූල්‍ය වංචාව: මුදල් අයකර ගැනීමේ ප්‍රගතිය කොහේද?●නාගෝයා ක්‍රීඩා උළෙලේ අවුල : ජපානය මුහුණ දුන් අභියෝග!●කාන්තා ව්‍යවසායකත්ව 'ප්‍රතිභාභිෂේක' තරග බිමට ඔක්තෝබර් 31 තෙක් ඉඩ●සිඩ්නි විද්‍යාඥවරියකගෙන් පිළිකා මාරයා පරදන ලොව පළමු එන්නත වාර්තාවේ●
Top Ad
පුවත්

සිවරාම් වෙනුවෙන් යුක්තිය ඉල්ලන දෙමළ මාධ්‍යවේදීන්ටත් තර්ජන

T

The Leader Desk

April 30, 2022 • 3:56 AM

 සිවරාම් වෙනුවෙන් යුක්තිය ඉල්ලන දෙමළ මාධ්‍යවේදීන්ටත් තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලධාරීන් විසින් වීඩියෝ ගත කිරීමත් සමග මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදව නැවත වතාවක් බිය පළ වී තිබේ.
  • තමන් පොලිස් නිලධාරියෙකු බවට හදුන්වා දුන් පුද්ගලයාට තරුණ මන්ත්‍රීවරයා එහිදී අවවාද කළේ කොළඹට එක නීතියකුත් මඩකලපුවට එක නීතියකුත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොදරන ලෙසයි.
  • ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ලත් සන්නද්ධ කල්ලි විසින් පැහැරගෙන ගොස් 2005 අප්‍රේල් 29 දා මරා දමන ලද ධර්මරත්නම් සිවරාම් සිහි කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණ සංවිධානය කර තිබුනි.
  • යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය සහ වව්නියා මාධ්‍ය සමාජය විසින් ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම්ගේ 17 වැනි ගුණ අනුස්මරණය දිනයේ ඔහුගේ ඡායාරූපයකට මල් මාලයක් පළඳා මලින් පහනින් ගෞරව දැක්වීමට කටයුතු කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරීන් විසින් වීඩියෝ ගත කිරීමත් සමග මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදව නැවත වතාවක් බිය පළ වී  තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ටැමිල්නෙට් පුරෝගාමී කතුවර ධර්මරත්නම්  සිවරාම් ගේ 17 වැනි  ගුණානුස්මරණ දිනයේ ඔහුට යුක්තිය ඉල්ලා ජනතා නියෝජිතයන් සමග මාධ්‍යවේදීන් මඩකලපුවේදී දියත් කළ උද්ඝෝෂණයක් පොලිස් නිලධාරීන් විසින් වීඩියෝ ගත කර ඇත.

"ඇයි මේගොල්ලන්වත් මරන්නද ? ඇයි මේ ගොල්ලන්ව වීඩියෝ කරගෙන පොටෝ අරගෙන ගිහිල්ලා මරන්නද? බලු වැඩ කරන්න එපා!" යි  මාධ්‍යවේදීන් අතර සැඟවීගෙන වීඩියෝ කරන සිවිල් හැඳගත් පොලිස් භටයන්ගෙන් ශානක්‍යන් රාසපුත්‍රම් මන්ත්‍රීවරයා කෝපයෙන් අසන ආකාරය වීඩියෝ ගත වී තිබේ.



තමන් පොලිස් නිලධාරියෙකු බවට හදුන්වා දුන් පුද්ගලයාට තරුණ මන්ත්‍රීවරයා එහිදී අවවාද කළේ කොළඹට එක නීතියකුත් මඩකලපුවට එක නීතියකුත්   ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොදරන ලෙසයි.

 


ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ලත් සන්නද්ධ කල්ලි විසින් පැහැරගෙන ගොස් 2005 අප්‍රේල් 29 දා මරා දමන ලද ධර්මරත්නම් සිවරාම් සිහි කරමින්  උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණ සංවිධානය කර තිබුනි.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලදී ජනතා නියෝජිතයන් සමග එක්ව මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ට උපහාර දැක්වු මඩකලපුව දෙමළ මාධ්‍ය සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා  නැගෙනහිර පළාත් දෙමළ මාධ්‍ය සංගමය ඉන් පසුව  විරෝධතාවය දියත් කරමින් ඉල්ලා සිටියේ එම ඝාතනයට වග කිව යුත්තන් ලෝකය හමුවේ හෙළි කරන ලෙසයි.

යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය සහ  වව්නියා මාධ්‍ය සමාජය විසින් ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම්  සිවරාම්ගේ 17 වැනි ගුණ අනුස්මරණය  දිනයේ ඔහුගේ  ඡායාරූපයකට මල් මාලයක් පළඳා මලින් පහනින් ගෞරව දැක්වීමට  කටයුතු කර තිබුනි.

JDS 2022.01 1
මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනයට ලක්වී දාහත් වසරක් ගතවී ඇතත් ඔහුට මේ තාක්  යුක්තිය ඉටු වී නොමැති බව සදහන් කළ එම අවස්ථාවට එක්ව සිටි වෘත්තිය මාධ්‍යවේදීන් වැඩි දුරටත් අවධාරණය කලේ  මේ වන විටත් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තම රාජකාරිය ඉටු කරන්නේ  දැඩි  තර්ජන මධ්‍යයේ බවයි.  

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණීයයන්ට අත්වු ඉරණම හෙලි කරන ලෙස රජයට බල කරමින් වසර ගණනාවක් පුරා අඛණ්ඩ විරෝධතාවයක යෙදී සිටින වව්නියාවේ මව්වරුන්ද සිය අරගල භුමිය තුලදී මාධ්‍යවේදී ධර්මරත්නම්  සිවරාම් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබුනි.


ආරක්ෂා සහිත ඝාතනයක්



1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැරගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසිනි.

ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවරේ අධි ආරක්ෂක කලාපයේ දී ය.  ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.

ඝාතනයට ලක්වන විට සුප්‍රකට ටැමිල් නෙට් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ සිවරාම් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ 1990 දී ඝාතනය කෙරුණු සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මඟ පෙන්වීම යටතේ ය.

1997දි ටැමිල් නෙට් වෙබ් අඩවිය අරඹන තුරු සිවරාම් ‘දි අයිලන්ඩ්’, ‘සන්ඩේ ටයිම්ස්‘, ‘ඩේලි මිරර්‘, ‘වීරකේසරී‘, ‘ටැමිල් ටයිම්ස්‘ යන මාධ්‍ය ආයතනවල නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේ ය.



තරාකී


1989දී ‘දි අයිලන්ඩ්‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ගාමිණී විරකෝන් විසින් දේශපාලන විශ්ලේශකයෙක් සොයනු ලබමින් සිටියදී රිචඩ් ද සොයිසා විසින් ඔහුට සිවරාම් හඳුන්වා දෙනු ලැබිණ.

ගාමිණී වීරකෝන් විසින් සිවරාම් වෙනුවෙන් නිර්මිත අරූඪ නාමය වූයේ ‘තාරක‘ යන්නයි. නමුත් උප සංස්කරණ දෝෂයක් හේතුවෙන් ඒ නම මුද්‍රණය වී තිබුණේ ‘තරාකී‘ වශයෙනි. නමුත් දෝෂ සහිතව පළවූ එම නම සිවරාම් විසින් දිගින් දිගටම තම ආරූඪ නාමය ලෙස භාවිතා කෙරුණි.

>

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...