BREAKING
කොළඹ විරෝධතාවෙන් පසු ජන අරගල සාමාජිකයෝ හයක් අත්අඩංගුවට●අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග● පාම් තෙල් තහනම ඉවත් නොකරන්නැයි ඇමැති වසන්තගෙන් ඉල්ලීමක්● කටුනායකදී කෝටි 3.6ක රන් භාණ්ඩ සමග පල්ලේකැළේ ව්‍යාපාරිකයෙක් දැලේ●ව්‍යාජ ආනයන හරහා කෝටි 19,000ක ඩොලර් ජාවාරමක්: තවත් සමාගම් 17ක් දැලේ● අත්අඩංගුවට ගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයට●flydubai නියමු ප්‍රහාරය: ඕස්ට්‍රේලියානු සම්බන්ධතා ගැන පුළුල් පරීක්ෂණ●සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●
Top Ad
පුවත්

අඛණ්ඩ අරගලයේ නිරත 75 හැවිරිදි මාතාවක් මරණයට පත් වේ

T

The Leader Desk

May 2, 2022 • 1:17 PM

අඛණ්ඩ අරගලයේ නිරත 75 හැවිරිදි මාතාවක් මරණයට පත් වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර දාහතරකට ඉහතදී අතුරුදහන් වු එකම පවුලේ තිදෙනකු සොයා ගැනිමේ අඛණ්ඩ අරගලයක යෙදී සිටි
  • අසනීප තත්වයේ පසුවු වව්නියාව, ක්‍රිස්තවකුලම් පදිංචි  75 වැනි වියේ පසුවු තංගරාසා සෙල්වරානි මාතාව ජගත් කම්කරු දිනයේ ම සිය ජීවිත ගමන නිමා කළ   බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • සෙල්ලයියා සෙල්වරානි මාතාවගේ පුතා, බෑනා සහ මුණුපුරා 2008 වසරේ  දර කැඩීම සදහා වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයට ගොස් සිටියදි   අතුරුදහන් වී තිබේ.
  • ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරන්නේ සිය සමීපතමයන් රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති බවටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වන්නියේ දෙමළ මාතාවක් සිය දරු මුණුබුරන්ට අත්වු ඉරණම නොදැනම දිවි ගමන නිමා කර තිබේ.

අසනීප තත්වයේ පසුවු වව්නියාව, ක්‍රිස්තවකුලම් පදිංචි  75 වැනි වියේ පසුවු තංගරාසා සෙල්වරානි මාතාව ජගත් කම්කරු දිනයේ ම සිය ජීවිත ගමන නිමා කළ   බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ අත් අඩංගුවේදීත් යුද්ධයේ අවසන් අදියරේදීත් අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ මුල් කාර්තුවේදී  වව්නියාවේ ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට දින 1898 ක් සම්පුර්ණ වු මැයි පළමු දින දක්වාම ඇය අරගලයේ යෙදී සිටි බව ඔවුහු වැඩි දුරටත් පවසති.

සෙල්ලයියා සෙල්වරානි මාතාවගේ පුතා, බෑනා සහ මුණුපුරා 2008 වසරේ  දර කැඩීම සදහා වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයට ගොස් සිටියදි   අතුරුදහන් වී තිබේ.

ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරන්නේ සිය සමීපතමයන් රජයේ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති බවටයි.

අතුරුදහන් වන විට සෙල්ලයියා සෙල්වරානි මාතාවගේ පුතා තංගරාසා දයාබරන් ( 45), බෑනා තම්බු ත්‍යාගරාසා (56) සහ මුණුපාරා ත්‍යාගරාසා මනෝහරන් (31) වැනි වියේ පසුව ඇත.


ඉරණම නොදැන අවසන් ගමනේ

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ  දියත් කර ඇති අඛණ්ඩ අරගලයට  එක්ව සිටි දෙමාපියන් 115  දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ. ඒ අතුරින් 15දෙනකු වව්නියාවේය.

සිය සමීපතමයන්ට අත් කර දුන් ඉරණම හෙළි නොකර මුදල් දී මරණ සහතික දීමට ආණ්ඩුව ගන්නා උත්සාහය අතුරුදහන් කරනු ලාබුවන්ගේ ඥාතීන් විසින් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කර තිබේ.


අවුරුදු හතරත් පසුකළ OMP කාර්යාලය

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර හතරකුත් මාස දෙකක්   පිරි තිබේ.

මෛත්‍රී රනිල්  ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු OMP ප්‍රධානී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ද පිළිගෙන තිබුනි.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

 

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි හිටපු OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.

 


කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.

1454

 


Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...