leader s

යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා මුර කපොලු

 ඉවත් කිරීම ප්‍රදේශයේ ඉහළම හමුදා ප්‍රධානියකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංක මූලස්ථානය වෙත මැයි හයවැනි සිකුරාදා ගිය මන්නාරම දිස්ත්‍රික් මහජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සේනාංකාධිපති, මේජර් ජෙනරල් දර්ශන විජේසේකරගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජීවිතයට බාධා වන අයුරින් ස්ථාපිත කර තිබෙන යුද හමුදා මුර කපොලු 16 ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

 

ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත එම මුර කපොලු  ඉදිකර තිබෙන බැවින් තමන්ට ඒවා  ඉවත් කළ නොහැකි බව පැවසු හමුදා නිලධාරියා සිවිල් සංවිධාන නියෝජිතයන්ට පොරොන්දු වී ඇත්තේ ජනතාවට සිදු වන පීඩා අවම කිරීම වෙනුවෙන් දෙමළ කතා කරන නිලධාරීන් යොදවන බවයි.

 

මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සමග පැවැති එම සාකච්ඡාව සදහා මන්නාරම දිස්ත්‍රික් මහජන සංවිධාන එකමුතුවේ සභාපති වී .එස් සිවකරන්, මානව හිමිකම් ක්‍රියාධර අගරදගුරු එස්.ජෙයපාලන් සහ මන්නාරම පුරවැසි කමිටුවේ ලේකම් පත්තිනාදන් සහභාගී වි තිබේ.

මැයි 7 වැනි සෙනසුරාදා මාධ්‍ය හමුවක් කැදවමින් සභාපති වී.එස් සිවකරන් සදහන් කළේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මත් ද්‍රව්‍ය නිවාරණය මුවාවෙන් යුද හමුදාව විසින් එම මුර කපොලු පවත්වාගෙන යන අතර දෛනික අවශ්‍යතා වෙනුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන් දැඩි සෝදිසියට ලක් වීම නිසා ඔවුන්ගේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති බවයි.

මාර්ගයේ ගමන් කිරිමේදී  මෙලෙස නිරන්තරයෙන් හමුදාවේ සෝදිසි කිරීම් වලට ලක් වීම නිසා රැකියාවල නියුතු ජනතාවට නියමිත වේලාවට රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.

හමුදා මුර කපොලු ඉවත් කිරීමට නොහැකි නමුත් එම ස්ථානවලට දෙමළ භාෂාව කතා කළ හැකි නිලධාරීන් යොදවා ජන ජීවිතයට වන බාධාවන් අවම කිරිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පොරොන්දු වු බව මන්නාරම දිස්ත්‍රික් මහජන සංවිධාන එකමුතුවේ සභාපති වී.එස් සිවකරන් වැඩි දුරටත් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

 
 

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්