The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

13 අවුරුද්දක් පරණ මුර කපොලු හමුදාවට තවත් ඕනෑලු

T

The Leader Desk

May 10, 2022 • 11:48 AM

13 අවුරුද්දක් පරණ මුර කපොලු හමුදාවට තවත් ඕනෑලු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉවත් කිරීම ප්‍රදේශයේ ඉහළම හමුදා ප්‍රධානියකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
  • ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත එම මුර කපොලු ඉදිකර තිබෙන බැවින් තමන්ට ඒවා ඉවත් කළ නොහැකි බව පැවසු හමුදා නිලධාරියා සිවිල් සංවිධාන නියෝජිතයන්ට පොරොන්දු වී ඇත්තේ ජනතාවට සිදු වන පීඩා අවම කිරීම වෙනුවෙන් දෙමළ කතා කරන නිලධාරීන් යොදවන බවයි.
  • මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සමග පැවැති එම සාකච්ඡාව සදහා මන්නාරම දිස්ත්‍රික් මහජන සංවිධාන එකමුතුවේ සභාපති වී .එස් සිවකරන්, මානව හිමිකම් ක්‍රියාධර අගරදගුරු එස්.ජෙයපාලන් සහ මන්නාරම පුරවැසි කමිටුවේ ලේකම් පත්තිනාදන් සහභාගී වි තිබේ.
  • මාර්ගයේ ගමන් කිරිමේදී මෙලෙස නිරන්තරයෙන් හමුදාවේ සෝදිසි කිරීම් වලට ලක් වීම නිසා රැකියාවල නියුතු ජනතාවට නියමිත වේලාවට රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 ඉවත් කිරීම ප්‍රදේශයේ ඉහළම හමුදා ප්‍රධානියකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංක මූලස්ථානය වෙත මැයි හයවැනි සිකුරාදා ගිය මන්නාරම දිස්ත්‍රික් මහජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සේනාංකාධිපති, මේජර් ජෙනරල් දර්ශන විජේසේකරගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජීවිතයට බාධා වන අයුරින් ස්ථාපිත කර තිබෙන යුද හමුදා මුර කපොලු 16 ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

 

ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත එම මුර කපොලු  ඉදිකර තිබෙන බැවින් තමන්ට ඒවා  ඉවත් කළ නොහැකි බව පැවසු හමුදා නිලධාරියා සිවිල් සංවිධාන නියෝජිතයන්ට පොරොන්දු වී ඇත්තේ ජනතාවට සිදු වන පීඩා අවම කිරීම වෙනුවෙන් දෙමළ කතා කරන නිලධාරීන් යොදවන බවයි.

 

මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සමග පැවැති එම සාකච්ඡාව සදහා මන්නාරම දිස්ත්‍රික් මහජන සංවිධාන එකමුතුවේ සභාපති වී .එස් සිවකරන්, මානව හිමිකම් ක්‍රියාධර අගරදගුරු එස්.ජෙයපාලන් සහ මන්නාරම පුරවැසි කමිටුවේ ලේකම් පත්තිනාදන් සහභාගී වි තිබේ.

මැයි 7 වැනි සෙනසුරාදා මාධ්‍ය හමුවක් කැදවමින් සභාපති වී.එස් සිවකරන් සදහන් කළේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මත් ද්‍රව්‍ය නිවාරණය මුවාවෙන් යුද හමුදාව විසින් එම මුර කපොලු පවත්වාගෙන යන අතර දෛනික අවශ්‍යතා වෙනුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන් දැඩි සෝදිසියට ලක් වීම නිසා ඔවුන්ගේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති බවයි.

මාර්ගයේ ගමන් කිරිමේදී  මෙලෙස නිරන්තරයෙන් හමුදාවේ සෝදිසි කිරීම් වලට ලක් වීම නිසා රැකියාවල නියුතු ජනතාවට නියමිත වේලාවට රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.

හමුදා මුර කපොලු ඉවත් කිරීමට නොහැකි නමුත් එම ස්ථානවලට දෙමළ භාෂාව කතා කළ හැකි නිලධාරීන් යොදවා ජන ජීවිතයට වන බාධාවන් අවම කිරිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පොරොන්දු වු බව මන්නාරම දිස්ත්‍රික් මහජන සංවිධාන එකමුතුවේ සභාපති වී.එස් සිවකරන් වැඩි දුරටත් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...