සමයක දිවි සටන නිමා කර තිබේ.
එක්සත් කම්කරු සම්මේලනයේ සහ වානිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති වු ලීනස් ජයතිලක ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා කලක් රෝගාතුරව සිට මිය යන විට 79 වැනි විය පසු කර තිබුණි.
දේවධර්ම ආචාර්ය උපාධි ලාභී ලීනස් ජයතිලක කතෝලික සභාවට සේවය කරනු වෙනුවට වාමාංශික දේශපාලනය තෝරාගෙන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රධාන ලේකම් ධුරය දරන නව සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති අංශය භාර ලේකම් ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළේය.
ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ අනුග්‍රහයෙන් 83 ජූලියේ දියත් කරන ලද දෙමළ විරෝධී සමුහඝාතනය සමග නසසපය, ජවිපෙ හා කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලද අවස්ථාවේ පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සඳහා සැඟවී සිට ජනතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමේදී ඔහු ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ අයෙකි.
දෙමළ විමුක්ති අරගලය සම්බන්ධයෙන් දරන ස්ථාවරයත්, එක්සත් ජාතික පක්ෂයට සමීපව දේශපාලනය කිරීමත් සම්බන්ධයෙන් නව සමසමාජ පක්ෂය සමග ඇතිවූ මතබේද නිසා එයින් බිඳීගිය කණ්ඩායමක් සමග වමේ හඬ සංවිධානය පිහිටුවන්නට ලීනස් ජයතිලක මුල් විය.
අභාවප්‍රාප්ත වු ලීනස් ජයතිලකගේ දේහය 2022 මැයි 12 වැනි බ්‍රහස්පතින්දා උදේ 9 සිට සවස 4 දක්වා ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) බාලා තම්පෝ ශාලාවේ අවසන් ගෞරවය සදහා තැම්පත් කෙරේ.
සමුදීමේ අවමංගල්‍ය සභාව එදින පස්වරු 3 ට සිදු කෙරෙන බව වානිජ හා කාර්මික සේවක සංගමය නිවේදනය කර ඇත. සවස 4 ට දේහය 222, සාන්ත මරියා පාර, උස්වැටකෙයියාව නිවසට රැගෙන යනු ලැබේ.
දේහය පිළිබද අවසන් කටයුතු 13 වැනි සිකුරාදා පස්වරු 4 ට උස්වැටකෙයියාව පොදු සුසාන භුමියේදී සිදු කරනු ලැබේ.
ලීනස් සහෝදරයා, ඔබට ජය!
ලීනස් ජයතිලක සහෝදරයා, ඔබට සුවබර නින්දක්
T
The Leader Desk
May 11, 2022 • 6:59 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සමයක දිවි සටන නිමා කර තිබේ.
- එක්සත් කම්කරු සම්මේලනයේ සහ වානිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති වු ලීනස් ජයතිලක ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා කලක් රෝගාතුරව සිට මිය යන විට 79 වැනි විය පසු කර තිබුණි.
- දේවධර්ම ආචාර්ය උපාධි ලාභී ලීනස් ජයතිලක කතෝලික සභාවට සේවය කරනු වෙනුවට වාමාංශික දේශපාලනය තෝරාගෙන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රධාන ලේකම් ධුරය දරන නව සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති අංශය භාර ලේකම් ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළේය.
- ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ අනුග්‍රහයෙන් 83 ජූලියේ දියත් කරන ලද දෙමළ විරෝධී සමුහඝාතනය සමග නසසපය, ජවිපෙ හා කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලද අවස්ථාවේ පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සඳහා සැඟවී සිට ජනතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමේදී ඔහු ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ අයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



