leader s

දේශපාලනඥයන්ගේ නිවාස ගිනිබත් වීමේදී ලබා දෙන ක්ෂණික සහන, දිගු කලක් ගෙවී ගිය ද

වතු නිවාස සදහා ලබා නොදෙන බවට වතු කම්කරුවෝ චෝදනා කර තිබේ.

''පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පිච්චුනු ගෙවල් වලට අලුතෙන් ගෙවල් දෙනවා. ඒත් වතු කම්කරුවන්ගේ ලයින් ගිනිබත් වෙලා අවුරුදු ගානක් ගියත් තවම කිසිම සහනයක් නැහැ. එහෙම ලයින් ගෙවල් නැතිවුනු අය ඉන්නේ කෝවිල් වල,'' යැයි ප්‍රොටෙක්ට් නම් වෘත්තීය සංගමයේ හැටන් දිස්ත්‍රික් සංවිධායක එම්.කරුපයියා පවසයි.

මැයි 21 වැනිදාට යෙදුනු ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ නිවාස අහිමිවූ කිසිදු දේශපාලනඥයකු වතු කම්කරුවන් මෙන් කෝවිල්, පන්සල් හෝ පල්ලි වල ලැගුම් ගෙන නොමැති බවයි.

''වතු කම්කරුවන්ට ගෙවල් අයිතියක් නැහැ. ඉඩම් අයිතියක් නැහැ. පඩිත් නැහැ. වැඩත් නැහැ. ඒවා ගැන ඇමතිවරු කතා කරන්නෙත් නැහැ. කඳුකරෙන් ගිය අය කතා කරන්නෙත් නැහැ. අගමැති වෙනස් වුනත්, ජනාධිපති වෙනස් වුනත් වතු කම්කරුවන්ට නම් සෙතක් නැහැ.''

දිගු කාලයක් දෙසැම්බර් 15 වැනිදා ජාත්‍යන්තර තේ දිනය සමරනු ලැබුණු මුත්, තුන් වසරකට පෙරාතුව  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම දිනය මැයි 21 වැනිදා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.

 

දකුණු ආසියානු රටවල තේ වතු කම්කරුවන් මුහුණ දෙමින් සිටින ගැටළු අඩංගු සංදේශයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කිරීමට මෙවර ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් බහුජන සංවිධාන හා වෘත්තීය සමිති පියවර ගත් බව වතුකරයේ ඉඩම් අයිතිය වෙනුවෙන් වූ ක්‍රියාකාරිත්වයේ එස්.ටී. ගනේෂලිංගම් පවසයි.

''ලංකාව, ඉන්දියාව හා බංගලිදේශය වගේ තේ නිපදවන දකුණු ආසියාතික රටවල තේ වතු කම්කරුවන්  බොහෝ දුරට මුහුණ දෙමින් ඉන්නේ එක හා සමාන ගැටළු වලට. විදේශ විනිමය හොයන මේ වතු කම්කරුවන්ගේ මූලික ප්‍රශ්න විසඳිලා නැහැ. ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දී නැහැ. අපි 'සුම්' මගින් ඒ ඒ රටවල වෘත්තීය සමිති සහ දේශපාලන, සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කරලා  එක්සත් ජාතීන්ගේ සංවිධානයට සංදේශයක් බාර දුන්නා.``

රටේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව සිටින වතු කම්කරුවන්ට, ඉන්දියානු   සහනාධාර  වැඩසටහනේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුබවට ගනේෂලිංගම් පෙන්වා දෙයි.

''රටේ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය නිසා ඔවුන් විශාල ලෙස  ආර්ථික පීඩාවට පත්වෙලා. රැකියා සුරක්ෂිතතාවයක් නැහැ. අද රටේ තේ පොහොර සහ ඉන්ධන හිඟය නිසා වතු පාලකයෝ ඔවුන්ගේ වැඩ සීමා කරලා. ඒ නිසා බොහෝ දෙනෙකුට රැකියා අහිමි වෙලා.''

srtfcc

 


  

Leader Whats app

  

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil