The Leader News
BREAKING
චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●
Top Ad
පුවත්

ලංකාවට කන්න දෙන ස්ටාලින්ට තමිල්නාඩු හිරේ ඉන්නා අය ගැන ඉල්ලීමක්

T

The Leader Desk

June 10, 2022 • 7:55 AM

ලංකාවට කන්න දෙන ස්ටාලින්ට තමිල්නාඩු හිරේ ඉන්නා අය ගැන ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතිකයන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවට දෙමළ දේශපාලන පක්‍ෂයක් අවධාරණය කර තිබේ.
  • යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් හමුවේ ගජේන්ද්‍රන් කියා සිටියේ තමිල්නාඩුවේ ත්‍රිචි විශේෂ කඳවුරේ රඳවා සිටින උතුරේ දෙමළ අනාථයන් අරඹා ඇති උපවාසය කෙරෙහි එරට පාලකයන් අවධානය යොමු කර නොමැති බවයි.
  • ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනා යටතේ ලංකාවේ දෙමළ යුද අනාථයන් 104 දෙනෙකු දැනට වසර කිහිපයක සිට රඳවා ගෙන ඇත.
  • ත්‍රිචි කඳවුරේ සිටී දෙමළ අනාථයන් හය දෙනකු ඉකුත් 20 වැනිදා මාරාන්තික උපවාසයකට මුල පුරමින් තමන්ව '' නිදහස් කරන්න නැතහොත් මරා දමන්න.'' යැයි තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින්ගෙන් ඉල්ලමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතිකයන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවට දෙමළ දේශපාලන පක්‍ෂයක් අවධාරණය කර තිබේ.

''ලංකාවේ තිබුණු යුද්ධය හේතුවෙන් හුඟ දෙනෙක් පිටරට වලට ගියා ජිවිතේ රැක ගන්න. ඒ නිසා මෙහෙ ඉඳන් ඉන්දියාවට ගිය අයව විශේෂ කඳවුරු දාලා රඳවා ගෙන ඉන්න එක අනුමත කරන්න බැහැ. මේවායෙන්  නිදහස් කරලා ඒ ගොල්ලන් කැමති නම් ආපහු ලංකාවට එන්නත්, අකමැති නම් ඉන්දියාවේ ජිවත් වෙන්නත්  පහසුකම් සළසන්න තමිල්නාඩු මහ ඇමැති මැදිහත් වෙන්න ඕනේ,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඉල්ලයි.

 

යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් හමුවේ ගජේන්ද්‍රන් කියා සිටියේ තමිල්නාඩුවේ ත්‍රිචි විශේෂ කඳවුරේ රඳවා සිටින උතුරේ දෙමළ අනාථයන් අරඹා ඇති උපවාසය කෙරෙහි එරට පාලකයන් අවධානය යොමු කර නොමැති බවයි. ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනා යටතේ ලංකාවේ දෙමළ යුද අනාථයන් 104 දෙනෙකු දැනට වසර කිහිපයක සිට රඳවා ගෙන ඇත.

 

ත්‍රිචි කඳවුරේ සිටී දෙමළ අනාථයන්  හය දෙනකු ඉකුත් 20 වැනිදා මාරාන්තික උපවාසයකට මුල පුරමින්  තමන්ව '' නිදහස් කරන්න නැතහොත් මරා දමන්න.'' යැයි තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින්ගෙන් ඉල්ලමිනි.

උපවාසයට දින හයක් ගත වෙද්දී ඔවුන්ව ත්‍රිචි රජයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරිණි.

අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය උපවාසයට එක්ව සිටී තවත් 17 දෙනකුගේ ශරීර සෞඛ්‍ය අයහපත් වීමෙන්, කඳවුරු බලධාරීන් විසින් පසුගිය 6 වැනිදා බලහත්කාරයෙන් රැගෙන ගොස් ත්‍රිචි රජයේ රෝහලට ඇතුලත් කර තිබේ.

සෙසු අනාථයන් කඳවුරු භුමියේ සිය විරෝධය දක්වමින් කියා සිටියේ තමන්ව නිදහස් කරන්නේ නැතිනම් මරා දමා සිරුරු ඥාතීන්ට බාර දෙන ලෙසයි.

22 629cee836c13922 629cee838b8a522 629cee834587f


 

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...