leader s

ලංකාවේ ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා මැදිහත්වන තමිල්නාඩු මහ ඇමතිවරයා ඉන්දියාවේ විශේෂ කඳවුරුවල සිරගතව සිටින උතුරේ දෙමළ

ජාතිකයන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවට දෙමළ දේශපාලන පක්‍ෂයක් අවධාරණය කර තිබේ.

''ලංකාවේ තිබුණු යුද්ධය හේතුවෙන් හුඟ දෙනෙක් පිටරට වලට ගියා ජිවිතේ රැක ගන්න. ඒ නිසා මෙහෙ ඉඳන් ඉන්දියාවට ගිය අයව විශේෂ කඳවුරු දාලා රඳවා ගෙන ඉන්න එක අනුමත කරන්න බැහැ. මේවායෙන්  නිදහස් කරලා ඒ ගොල්ලන් කැමති නම් ආපහු ලංකාවට එන්නත්, අකමැති නම් ඉන්දියාවේ ජිවත් වෙන්නත්  පහසුකම් සළසන්න තමිල්නාඩු මහ ඇමැති මැදිහත් වෙන්න ඕනේ,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඉල්ලයි.

 

යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් හමුවේ ගජේන්ද්‍රන් කියා සිටියේ තමිල්නාඩුවේ ත්‍රිචි විශේෂ කඳවුරේ රඳවා සිටින උතුරේ දෙමළ අනාථයන් අරඹා ඇති උපවාසය කෙරෙහි එරට පාලකයන් අවධානය යොමු කර නොමැති බවයි. ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනා යටතේ ලංකාවේ දෙමළ යුද අනාථයන් 104 දෙනෙකු දැනට වසර කිහිපයක සිට රඳවා ගෙන ඇත.

 

ත්‍රිචි කඳවුරේ සිටී දෙමළ අනාථයන්  හය දෙනකු ඉකුත් 20 වැනිදා මාරාන්තික උපවාසයකට මුල පුරමින්  තමන්ව '' නිදහස් කරන්න නැතහොත් මරා දමන්න.'' යැයි තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින්ගෙන් ඉල්ලමිනි.

උපවාසයට දින හයක් ගත වෙද්දී ඔවුන්ව ත්‍රිචි රජයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරිණි.

අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය උපවාසයට එක්ව සිටී තවත් 17 දෙනකුගේ ශරීර සෞඛ්‍ය අයහපත් වීමෙන්, කඳවුරු බලධාරීන් විසින් පසුගිය 6 වැනිදා බලහත්කාරයෙන් රැගෙන ගොස් ත්‍රිචි රජයේ රෝහලට ඇතුලත් කර තිබේ.

සෙසු අනාථයන් කඳවුරු භුමියේ සිය විරෝධය දක්වමින් කියා සිටියේ තමන්ව නිදහස් කරන්නේ නැතිනම් මරා දමා සිරුරු ඥාතීන්ට බාර දෙන ලෙසයි.

22 629cee836c13922 629cee838b8a522 629cee834587f


 

 

Leader Whats app

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්