The Leader News
BREAKING
ලිංගික අතවර චෝදනාවට සුරංජිත් සිල්වා ඕස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි●ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ලක්ෂ දහයක පැටලැවිල්ලක්●චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●
Top Ad
පුවත්

උසාවි නියෝග උල්ලංඝනය කිරීමේ වෑයමක් වන්නිවාසීන් මැදිහත්වී වලක්වයි

T

The Leader Desk

June 14, 2022 • 12:12 PM

උසාවි නියෝග උල්ලංඝනය කිරීමේ වෑයමක් වන්නිවාසීන් මැදිහත්වී වලක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තීන්දුවක් ද නොතකා හරිමින් විහාරයක් ඉදි කිරීම සඳහා බුදු පිළිමයක් තැන්පත් කිරීමට දැරූ උත්සාහයක් දෙමළ ජනතා නියෝජිතයන් සමග එක්වු ප්‍රදේශවාසීන් විසින් වළක්වා තිබේ.
  • යුද හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ භික්ෂුන් පිරිසක් උසාවි නියෝගය උල්ලංඝනය කරන අවස්ථාවේ පොලිසිය හෝ පුරාවිද්‍යා බලධාරීන් හෝ ඊට කිසිදු බාධාවක් නොකළ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
  • සතියක් ඇතුලත මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනයාගේ පාරම්පරික භුමිය රාජ්‍ය බලය යොදවා අත්පත්කරගන්නට දැරූ උත්සාහයක් ජනතාව මැදිහත්වී වලක්වා ගත් දෙවැනි අවස්ථාව මෙයයි.
  • මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් ඉදිවු චෛත්‍යයක් ඉදි කිරීමට සහ අලුතින් බුදු පිළිමයක් තැන්පත් කිරීමට ජුනි 12 වැනි දා උත්සාවකාරයෙන් කටයුතු සංවිධානය කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

තීන්දුවක් ද නොතකා හරිමින් විහාරයක් ඉදි කිරීම සඳහා බුදු පිළිමයක් තැන්පත් කිරීමට දැරූ උත්සාහයක් දෙමළ ජනතා නියෝජිතයන් සමග එක්වු ප්‍රදේශවාසීන් විසින් වළක්වා තිබේ.

යුද හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ භික්ෂුන් පිරිසක් උසාවි නියෝගය උල්ලංඝනය කරන අවස්ථාවේ පොලිසිය හෝ පුරාවිද්‍යා බලධාරීන් හෝ ඊට කිසිදු බාධාවක් නොකළ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

 

සතියක් ඇතුලත මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනයාගේ පාරම්පරික භුමිය රාජ්‍ය බලය යොදවා අත්පත්කරගන්නට දැරූ උත්සාහයක් ජනතාව මැදිහත්වී වලක්වා ගත් දෙවැනි අවස්ථාව මෙයයි.

 

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් ඉදිවු චෛත්‍යයක් ඉදි කිරීමට සහ අලුතින් බුදු පිළිමයක් තැන්පත් කිරීමට ජුනි 12 වැනි දා උත්සාවකාරයෙන් කටයුතු සංවිධානය කර තිබුනි. ඒ අවස්ථාව සදහා සුදු වතින් සැරසුන බෞද්ධ වන්දනා කරුවන් පිරිසක්ද එක්ව සිටි අයුරු මාධ්‍යවේදීන් විසින් විඩියෝ ගත කර තිබේ.

එම අලුත් ඉදිකිරීම් ප්‍රසිද්ධියට පත් කරමින් පළකර තිබූ ප්‍රචාරක පත්‍රිකා වලද කුරුන්තූර්මලෙයි ඓතිහාසික භූමියක් බව පිළිගෙන තිබුණි.

kurunthan

නිර්නාමිකව දෝෂ සහගත සිංහලෙන් බෙදා තිබූ පත්‍රිකාවේ සඳහන් පරිදි ජූනි 12 වැනිදාට නියමිතව තිබුනේ ධාතු නිධානෝත්සවයකි. ස්ථානය "මුලතිව් ඓතිහාසික කුරින්ද පුදබිමේ කුරුදු වෙහෙරහි" ය.

ප්‍රදේශවාසී දෙමළ ජනතාව සමග එම ස්ථානයට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු පිරිස එහිදී සටන් පුවරුද සහිතව විරෝධතා දක්වමින් චෝදනා කර තිබුනේ පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කරන මුවාවෙන් දෙමළ ජනතාවගේ පුජා භුමියක අලුතින් විහාරස්ථානයක් ඉදි කර ඇති  බවයි.

වගා කටයුතු, එලි පෙහෙළි කිරීම, ගිනි තැබීම, ගස් කැපීම, කැණීම්, ගල් කැඩීම, යුතු ලෙස කොටු කරගැනීම, පදිංචි වීම සහ ඉදිකිරීම් සපුරාම තහනම් කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් භාෂා තුනෙන්ම දන්වා ඇති පුවරුවක්ද කුරුන්තූර්මලෙයි භූමියේ ප්‍රදර්ශනය කර තිබේ.

එම පුරා විද්‍යා භුමියෙහි අලුතින් ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදීත් යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් ඉදිකිරීම් සිදුවු  බවටත් ප්‍රදේශවාසී ජනතාව චෝදනා කර තිබේ.

පුරාවිද්‍යාත්මක ගවේෂණය ඇරඹීමේ උත්සවය සඳහා පසුගිය වසරේ කුරුන්තූර්මලෙයි වෙත පැමිණි එවකට ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අනතුරුව ප්‍රදේශයේ සංචාරයක යෙදෙමින් හමුදාව විසින් එහි ගොඩනගන ලද චෛත්‍ය ද වන්දනා කර තිබුනි.

 

සෙබල පිරිස් පිරිවරා ගොස් කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටි ස්ථානයේ බුදු පිළිමයක් තබා බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කිරීමට ගත් වෑයමක් සම්බන්ධයෙන් ද එවකට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකට දෙමළ ජනතාවගේ විරෝධය එල්ල විය. ප්‍රදේශවාසී දෙමළ ජනතාව චෝදනා කරන්නේ වසර සිය ගණනක් තිස්සේ කුරුන්තුර්මලෙයි ශිව දේවාලයේ වන්දනාමාන කරන දෙමළ ජනයාට එදින සිට එම කෝවිල් ප්‍රදේශයට ඇතුළු වීම ද තහනම් වු බවයි.

 

ඒ එය තව දුරටත් ගවේෂණය කිරීම අවශ්‍යව ඇති ‘බෞද්ධ වැදගත්කමකින් යුතු ස්ථානයක්’ යැයි කියමිනි.

පුරාවිද්‍යාවේ හා බෞද්ධ සංස්කෘතියේ මුවාවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන හා සංස්කෘතික පැවැත්ම වලක්වා ඇති බවටත් චෝදනා කරන ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ කුරුන්තූර්මලෙයි ආසන්නයේ පිහිටි අක්කර 400 ට වැඩි සිය පාරම්පරික කෘෂි කාර්මික  ඉඩම්ද අහිමිවීමේ අනතුරකට මුහුණ දී ඇති බවයි.

කුරුන්තූර්මලෙයි ශිව දේවාලය  පිහිටා තිබු ස්ථානයේ අලුතින් බුදු පිළිමයක් තැන්පත් කිරීමට එරෙහිව ජනතා විරෝධතා දියත් වෙද්දී එම ස්ථානයට පැමිණි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත්තේ එම ස්ථානය අලුතින් ඉදිකිරීම් සිදු නොවන අතර සිදු වන්නේ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත නටබූන් සංරක්ෂණය කිරීම පමණක් බවයි.

විරෝධතා කරුවන් එහිදී ප්‍රති උත්තර දී ඇත්තේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදන්නා නමුත් යුද හමුදාව විසින් එහි අලුතින් ඉදිකිරීම් කළ බව ගම්වැසියන් දන්නා බවයි.

පලාත් බද වාර්තාකරුවන් පවසන්නේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විරෝධතාකරුවන් එහිදී සාකච්ඡාවක නිරත වු අතර මේ සම්බන්ධයෙන් වැඩි දුර සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමටත්, බුදු පිළිමය තැන්පත් කිරීම තාවකාලිකව නවතා දැමීමටත් තීරණය කිරීමෙන් පසු  විරෝධතාවය නවතා දැමුණු බවයි.

ksj

විරෝධතාකරුවන් සදහා ආහාර රැගෙන පැමිණි දේශපාලන ක්‍රියාධාරීන් තිදෙනකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පසුව  නිදහස් කර තිබුනි.

මුලතිව්, වට්ටුවාකල් ගෝඨාභය නාවික හමුදා කඳවුර පුළුල් කිරීම වෙනුවෙන් දෙමළ ජනයාගේ ඉඩම් මැනීම සදහා පැමිණි මිනින්දෝරු නිලධාරීන්ට විරෝධය පෑ ඉඩම් හිමියන්  ජුනි 7 වැනි අගහරුවාදා එම උත්සාහයත්  පසුබස්සන්නට සමත් ව තිබුනි.


FB IMG 1655047169563

Leader Whats app

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...