The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පොදු සමාව අහිමිවූ පුතු නොදැකම දෙමළ මාතාවක් අවසන් ගමනේ

T

The Leader Desk

June 17, 2022 • 3:04 PM

පොදු සමාව අහිමිවූ පුතු නොදැකම දෙමළ මාතාවක් අවසන් ගමනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මවක් ඇය අපේක්ෂා කළ පුතු නිදහසේ ජීවත්වනු නොදැකම මියගොස් තිබේ.
  • වසර 26ක් සිරගතව සිටි දෙමළ සිරකරු වික්නේෂ්වරනාදන් පාර්තිබන්ගේ මව පසුගිය 15 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.
  • යාපනය තිරුනෙල්වේලි කලසාලෙයි පාරේ අංක 88 ලිපිනයේ පදිංචිව සිටි කන්නඩි අම්මා නමින් ප්‍රකට 78 වැනි වියේ පසු වූ වික්නේෂ්වරනාදන් වාකිස්වරී මාතාවගේ අවසන් කටයුතු 19 ඉරිදා සිදු කිරීමට නියමිත බව යාපනයෙන් වාර්තාවේ.
  • තම පුත්‍රයා ජීවිතයේ වැඩි කාලයක් ගතකොට ඇත්තේ සිරගතව බව උතුරේ මාධ්‍යවේදීන්ට කියා ඇති ඇගේ ලොකුම බලාපොරොත්තුව වී තිබුනේ ඔහු නිදහස් ජීවිතයක් ගත කරනු දැකීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මවක් ඇය අපේක්ෂා කළ පුතු නිදහසේ ජීවත්වනු නොදැකම මියගොස් තිබේ.

වසර 26ක් සිරගතව සිටි දෙමළ සිරකරු වික්නේෂ්වරනාදන් පාර්තිබන්ගේ මව පසුගිය 15 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.

යාපනය තිරුනෙල්වේලි කලසාලෙයි පාරේ අංක 88 ලිපිනයේ පදිංචිව සිටි කන්නඩි අම්මා නමින් ප්‍රකට 78 වැනි වියේ පසු වූ වික්නේෂ්වරනාදන් වාකිස්වරී මාතාවගේ අවසන් කටයුතු 19 ඉරිදා සිදු කිරීමට නියමිත බව යාපනයෙන් වාර්තාවේ.



තම පුත්‍රයා ජීවිතයේ වැඩි කාලයක් ගතකොට ඇත්තේ සිරගතව බව උතුරේ මාධ්‍යවේදීන්ට කියා ඇති ඇගේ ලොකුම බලාපොරොත්තුව වී තිබුනේ ඔහු නිදහස් ජීවිතයක් ගත කරනු දැකීමයි.



ඒ අපේක්ෂාවෙන් වාකිස්වරී මාතාව තම පුත්‍රයාට මානුෂීය හේතූ මත පොදු සමාවක් දී නිදහස් කර යවන ලෙස කිහිප වාරයක්ම බලධාරීන්ගෙන් ඉල්ලා තිබුනේ ඔහුගේ කායික හා මානසික තත්වයද දුර්වල බව පෙන්වා දෙමිනි.

එල්ලුම් ගසට නියමවී සිටි මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු සුනිල් රත්නායකට සහ භාරත ලක්ෂමන් ඝාතනයේ වරදකරු දුමින්ද සිල්වා යන දෙදෙනාට උදාවූ ඒ වාසනාව වික්‍නේෂ්වරනාදන් පාර්තිබන් වෙත ආවේ නැත.

ශ්‍රී ලංකාවේ මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ වික්‍නේෂ්වරනාදන් පාර්තිබන් අත් අඩංගුවට ගනු ලැබූ 1996 සිට සිරගතව සිටියි.

එකල ඔහුගේ වයස අවුරුදු 19 කි.

ඔහුගේ පියා මියගිය 2017 දී ඔහුගේ අවසන් කටයුතු සඳහා පාර්තීබන් රැගෙන එනු ලැබූ බව ඇය උතුරේ මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණි.

අත්අඩංගුවට ගෙන වසර 4කට පසුව ගොනු කරන ලද නඩුවකින් මහ බැංකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට වරදකරු වූ ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

වික්නේෂ්වරනාදන් පාර්තිබන් සමග වරදකරුවන් කරනු ලැබූ කදිරකුමනම් ශිවකුමාර් සහ සෙල්වකුමාර් නර්මදන් විසින් ඊට එරෙහිව අභියාචනයක් ගොනු කර තිබුණි.

එම අභියාචනය 2018 නොවැම්බර් 08 වැනි දින අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...