The Leader News
BREAKING
හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●
Top Ad
පුවත්

හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි

T

The Leader Desk

June 22, 2022 • 8:35 AM

හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
  • රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට අගමැතිධූරය භාරගත් බවත්, ඔවුන් රටේ ප්‍රශ්න නොවිසඳන බවත් පවසමින් පිරිස විරෝධතාව‍යේ නිරතව සිටිති.
  • ''ඒ අමු හඬට පුළුවන් පිරිමි ලෝකේ අවුස්සන්න'' -Mahesh Hapugoda හිරුනිකාගේ විරෝධය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුවන කථිකාචාර්ය මහේෂ් හපුගොඩ ''හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි...'' යන ශීර්ෂයෙන් යුතුව සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
  • කඳුළු ගෑස් මාස්ක් සෙට් කරගෙන.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට අගමැතිධූරය භාරගත් බවත්, ඔවුන් රටේ ප්‍රශ්න නොවිසඳන බවත් පවසමින් පිරිස විරෝධතාව‍යේ නිරතව සිටිති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ.



''ඒ අමු හඬට පුළුවන් පිරිමි ලෝකේ අවුස්සන්න'' -Mahesh Hapugoda



හිරුනිකාගේ විරෝධය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුවන කථිකාචාර්ය මහේෂ් හපුගොඩ ''හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි...'' යන ශීර්ෂයෙන් යුතුව සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.


හිරුනිකාගේ සීන් එක ගැන මෙච්චරයි. අද රනිල්ගේ ගේ ළඟට ගෑණි එන්නේ මෙගා ෆෝන් එකක් වත් නැතුව. සාරි පොට හද හද අමුවෙන් යටි ගිරියෙන් කෑ ගහනවා. අමුවෙන්.

මේක පොඩ්ඩක් අර වෘත්තියම අරගලකරුවන් ගෙන් වෙනස්. ඒක තමයි මේකේ අනුරාගමය පැත්ත.

වෘත්තීය අරගලකරුවන් එන්නේ මෙගාෆෝන් සෙට් කරගෙන. කඳුළු ගෑස් මාස්ක් සෙට් කරගෙන. මොබයිල් ෆෝන් දාගන්න වතුර ඇතුලට යන්නේ බෑග් සෙට් කරගෙන. ඒක තමයි වෘත්තීයමය බව.

හැබැයි ඒකෙ අනුරාගය වෙනුවට තියෙන්නේ පොඩි යාන්ත්‍රික බවක් (programmed). රොබෝ ගතියක්.

මම කියන්නේ එයාල ඕනි නැහැ කියල නෙවෙයි. හිරුනිකා වඩා ගිණි අවුලන සුළුයි කියල (highly inflammable). ඒ නිසා වඩා බියවිය යුතුයි.

ඒ අමු හඬට පුළුවන් පිරිමි ලෝකේ අවුස්සන්න. ෂෙඩ් ළඟ දවස් ගණන් ලතවෙන පිරිමි පුළුං ආත්මයට ගිණි තියන්න.

ඒ ඇවිළෙන සුළු ගතිකය නිසා මිරිහානේ ඇවිලුනා. මම දන්නේ නැහැ මේකත් ඇවිලෙයිද කියල.

ලෙනින් කියන්නේ අතට අහුවෙන ඕනි දෙයකින් දමල ගහන්න කියල.

ගැහැණියෙක් යක්ෂණියක් වෙන එක හැමෝම මේ වෙනකොට ලියන තියන නිසා ඒක ලිව්වේ නැහැ. ?






 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...