leader s

Hirunika’s Police hug

 

සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට අගමැතිධූරය භාරගත් බවත්, ඔවුන් රටේ ප්‍රශ්න නොවිසඳන බවත් පවසමින් පිරිස විරෝධතාව‍යේ නිරතව සිටිති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ.



''ඒ අමු හඬට පුළුවන් පිරිමි ලෝකේ අවුස්සන්න'' -Mahesh Hapugoda



හිරුනිකාගේ විරෝධය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුවන කථිකාචාර්ය මහේෂ් හපුගොඩ ''හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි...'' යන ශීර්ෂයෙන් යුතුව සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.


හිරුනිකාගේ සීන් එක ගැන මෙච්චරයි. අද රනිල්ගේ ගේ ළඟට ගෑණි එන්නේ මෙගා ෆෝන් එකක් වත් නැතුව. සාරි පොට හද හද අමුවෙන් යටි ගිරියෙන් කෑ ගහනවා. අමුවෙන්.

මේක පොඩ්ඩක් අර වෘත්තියම අරගලකරුවන් ගෙන් වෙනස්. ඒක තමයි මේකේ අනුරාගමය පැත්ත.

වෘත්තීය අරගලකරුවන් එන්නේ මෙගාෆෝන් සෙට් කරගෙන. කඳුළු ගෑස් මාස්ක් සෙට් කරගෙන. මොබයිල් ෆෝන් දාගන්න වතුර ඇතුලට යන්නේ බෑග් සෙට් කරගෙන. ඒක තමයි වෘත්තීයමය බව.

හැබැයි ඒකෙ අනුරාගය වෙනුවට තියෙන්නේ පොඩි යාන්ත්‍රික බවක් (programmed). රොබෝ ගතියක්.

මම කියන්නේ එයාල ඕනි නැහැ කියල නෙවෙයි. හිරුනිකා වඩා ගිණි අවුලන සුළුයි කියල (highly inflammable). ඒ නිසා වඩා බියවිය යුතුයි.

ඒ අමු හඬට පුළුවන් පිරිමි ලෝකේ අවුස්සන්න. ෂෙඩ් ළඟ දවස් ගණන් ලතවෙන පිරිමි පුළුං ආත්මයට ගිණි තියන්න.

ඒ ඇවිළෙන සුළු ගතිකය නිසා මිරිහානේ ඇවිලුනා. මම දන්නේ නැහැ මේකත් ඇවිලෙයිද කියල.

ලෙනින් කියන්නේ අතට අහුවෙන ඕනි දෙයකින් දමල ගහන්න කියල.

ගැහැණියෙක් යක්ෂණියක් වෙන එක හැමෝම මේ වෙනකොට ලියන තියන නිසා ඒක ලිව්වේ නැහැ. ?






 

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil