The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

T

The Leader Desk

June 26, 2022 • 2:29 PM

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති මගින් සිදු කරනු ලැබ ඇති
  • වාර්තාවන අකාරයට එවැනි නිර්දේශයක් ලබාදී ඇත්තේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.
  • එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්‍යසාධක බලකායෙහි අවසාන වාර්තාව පිලියෙළ කර අවසන්ව ඇති අතර එම  එම වාර්තාව නුදුරේදීම ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සමලිංගික සේවනයේ යෙදීම අපරාධ වරදක් බවට පත් කිරීම අහෝසි කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කල විශේෂ කොමිසමක් මගින් නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

වාර්තාවන අකාරයට එවැනි නිර්දේශයක් ලබාදී ඇත්තේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.



සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව (Transgender) වෙනුවෙන් ආරම්භක පියවරක් ලෙස ඔවුන් වෙනුවෙන් අනන්‍යතා සහතිකයක් රජය මගින් නිකුත් කිරීමටත් එකී අය සම්බන්ධයෙන් සමාජයේ පවත්නා අගතිගාමී ආකල්ප වෙනස් කරමින් ඒ අය වෙනුවෙන් සුදුසු සුභසාධන වැඩපිළිවෙළක් රජය මගින් සැකසීමටත් එම බලකාය විසින් යෝජනාකර ඇතැයි ද පැවසේ.

 

ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් 'එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය' පිහිටුවනු ලැබිය.

එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්‍යසාධක බලකායෙහි අවසාන වාර්තාව පිලියෙළ කර අවසන්ව ඇති අතර එම  එම වාර්තාව නුදුරේදීම ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව ඇත.

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...