The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

වන්නියේ පුරා වස්තු කෙලෙසීම : පොලිසියට තම උත්තර නෑ

T

The Leader Desk

July 1, 2022 • 4:03 AM

වන්නියේ පුරා වස්තු කෙලෙසීම : පොලිසියට තම උත්තර නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උසාවි නියෝග නොතකා මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තුර් මලේ පුරා විද්‍යා භුමියේ නව බෞද්ධ විහාර ගොඩනැගිලි ඉදිකිරීම් ගැන ජුනි 23 වැනිදා පොලිසියේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
  • ඒ සඳහා සතියක් කල් ලබා ගත් පොලිසිය ජූනි 30 බ්‍රහස්පතින්දාත් කරුණු දැක්වීමට අසමත් වූ බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.
  • වන්නි මාධ්‍යවේදීන් පවසන්නේ පොලීසිය වෙනුවෙන් කිලිනොච්චි-මුලතිව් සහකාර පොලිස් අධිකාරි සමුද්‍රජිව, නියෝජ්‍ය පොලිස්පති ලසන්ත විදානගේ සහ මුලතිව් පොලිස් ස්ථානාධිපති කැලුම් ඩි.තිලකරත්න වාර්තා ඉදිරිපත් කිරීමට කාලයක් අවශ්‍ය බවට අධිකරණයට කියා සිටී බවයි.
  • ඒ අනුව පොලිසියේ පැහැදිලි කිරීමට කාලය ලබා දෙමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා නියෝග කළේ ජූලි 14 වැනිදා නඩුව යළි කැඳවීමටයි.
අකුරු ප්‍රමාණය (Font Size):


උසාවි නියෝග නොතකා මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තුර් මලේ පුරා විද්‍යා භුමියේ නව බෞද්ධ විහාර ගොඩනැගිලි ඉදිකිරීම් ගැන ජුනි 23 වැනිදා පොලිසියේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. ඒ සඳහා සතියක් කල් ලබා ගත් පොලිසිය ජූනි 30 බ්‍රහස්පතින්දාත් කරුණු දැක්වීමට අසමත් වූ බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

 වන්නි මාධ්‍යවේදීන් පවසන්නේ පොලීසිය වෙනුවෙන් කිලිනොච්චි-මුලතිව් සහකාර පොලිස් අධිකාරි සමුද්‍රජිව, නියෝජ්‍ය පොලිස්පති ලසන්ත විදානගේ සහ මුලතිව් පොලිස් ස්ථානාධිපති කැලුම් ඩි.තිලකරත්න වාර්තා ඉදිරිපත් කිරීමට කාලයක් අවශ්‍ය බවට අධිකරණයට කියා සිටී බවයි.

 ඒ අනුව පොලිසියේ පැහැදිලි කිරීමට කාලය ලබා දෙමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා නියෝග කළේ ජූලි 14 වැනිදා නඩුව යළි කැඳවීමටයි.


 කුරුන්තුර් මලේ පුරාවිද්‍යා බිමේ පුරාවස්තු සංරක්ෂණය නමින් නව බෞද්ධ විහාරයක් ඉදි කොට ධාතු තැන්පත් කිරීම, බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කිරීම ඉකුත් 12 වැනිදා උත්සව ශ්‍රීයෙන් පැවැත්වීමට ගත් වෑයම අත්හැර දමනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ හා දේශපාලන ක්‍රියාධරයන්ගේ බලවත් විරෝධය හේතුවෙනි.


ඉන් අනතුරුව කුරුන්තුර් මලේ පුරාවිද්‍යා භුමියේ නව ඉදිකිරීම් තහනම් කරමින් 2018 වසරේදී පවරා තිබු අංක AR 673/18  දරණ නඩුව නැවත කැඳවන මෙන් ආදිසිවන් අයියනායර් කෝවිලේ පරිපාලකයන් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මුලතිව් උසාවියට ඉකුත්  [16] දා පෙත්සමක් ගොනු කර තිබුණි.

 එම පෙත්සම්කාර ආදිසිවන් අයියනාර් කෝවිලේ පරිපාලකයන් ඇතුළු පැමිණිලිකරුවන් වෙනුවෙන් මුලතිව් නීතිඥ සංගමයේ නීතිවේදීන් 11 දෙනකු පෙනී සිටී අතර වන්නියේ ප්‍රකට නීතිඥයකු වන එස්.ධනංජන් කියා සිටියේ පැමිණ සිටී පොලිස් නිලධාරීන්ට නව බෞද්ධ ඉදිකිරීම් ගැන සම්පුර්ණ පැහැදිලි කිරීමක් කිරීමට නොහැකි වූ බවයි.

''මේ නඩුවට අනුව 2018 සැප්තැම්බර් 13 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉතා පැහැදිලි නියෝගයක් ලබා දුන්නා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින කුරුන්තුර් මලේ කිසිම ගොඩනැගිල්ලක් අලුතෙන් ඉදි කරන්න තහනම්. පාරම්පරික හින්දු බැතිමතුන්ට මෙහි පැමිණ බාධාවකින් තොරව වැඳ පුදා ගන්න අවස්ථාව ලබා දීම හා කිසිවෙක් අලුත් ඉදිකිරීමක් කරන්නේ නම් ඔවුන්ව වහා අත්අඩංගුවට ගත යුතු බවට උසාවිය නියෝග කළා.ඒත් මේ නියෝග කඩලා බෞද්ධ විහාරයක් නිර්මාණය කරලා විශේෂ පූජාවක් ද සුදානම් කරලා තිබ්බා.එය අත්හැර දැම්මේ කෝවිල් පරිපාලකයන්ගේ, ප්‍රදේශවාසීන්ගේ හා දේශපාලන ක්‍රියාධරයන්ගේ විරෝධය නිසයි.``

මෙම නීතිවිරෝධී ඉදි කිරීම් ගැන පොලිසිය කිසිදු වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කර නොමැති බව නීතිඥ එස්.ධනංජන් විසින් ඉකුත් දා අධිකරණයට පෙන්වා දීමෙන් පසු මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම ඉදිකිරීම් ගැන පොලිසියේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසයි.



 වෙඩි තියලා මරලා දානවා !

VElupillai MadhavaMajor                                       වේලුපිල්ලෙයි මාධවමාජර්


මේ අතර කුර්න්තුර් මලේ උද්ඝෝෂණයන්ට දායක වූ වන්නියේ සමාජ ක්‍රියාකාරිකයෙක් හා හිටපු සටන්කාමියෙකු වූ වේලුපිල්ලෙයි මාධවමාජර්ට මරණ තර්ජන එල්ලවී ඇත.

ඉකුත් 12 වැනිදා අළුයම පුදුකුඩුඉරිප්පු දෙවැනි හරස් විදියේ පිහිටි ඔහු සහ ඔහුගේ මව වෙසෙන නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝලයක් හිසට එල්ල කොට මරණීය තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි කර තිබේ.

''කුරුන්තුර් මලේ බෞද්ධ විහාරයක් හදලා ප්‍රතිමා තියන්න හැදුවේ උසාවි නියෝග තකන්නේ නැතුව. අපි මේකට විරුද්ධව උද්ඝෝෂණය කරලා ඒක කොහොම හරි නැවැත්තුවා. මට සිංහල ටිකක් පුළුවන් නිසා එතැනට ඇවිත් හිටිය සිංහල අයට අපේ විරෝධය ගැන කරුණු පැහැදිලි කරලා දුන්නා.''

''12 වැනිදා පාන්දර 1.30 ට විතර අපේ ගේ ඉස්සරහට ආපු දෙන්නෙක් මගේ ඔලුවට පිස්ටල් එකක් තියලා කිව්වා උඹ අපේ බෞද්ධ සංස්කෘතිය නැති කරන්න වෑයම් කරනවා. එදා උද්ඝෝෂණය සංවිධානය කලෙත් උඹ තමයි. මින් ඉස්සරහට මේ වගේ දේවල් වලට මැදිහත් වුනොත් වෙඩි තියලා මරලා දානවා කියලා.''

මේ කලබලය කණ වැකුණු මාධවමාජර් ගේ මව නිවෙස ඉදිරිපිටට පැමිණීමත් සමග එම පුද්ගලයන් දෙදෙනා ක්ෂණිකව පලා ගොස්  ඇති අතර සමාජ ක්‍රියාකාරී  මාධවමාජර් පවසනුයේ තර්ජනය කළ පුද්ගලයන් රජයේ ආරක්ෂක අංශවල අය බවට සැක කරන බවයි.

යුද්ධය අවසන් වීමෙන් පසු සොයා ගත් කුරුන්තුර් මලේ කැනීම් සඳහා වියදම් දැරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි බව සැලවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ තිලංග සුමතිපාලගේ වැඩිමහල් සොයුරු, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ හිටපු සභාපති, බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල විසින් රුපියල් 15,44,000 ක් පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව උසාවියෙන් ලබා ගත් අවසරයක් මත 2019 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්  කුරුන්තුර් මලේ කැනීම් ඇරඹිණි.


වන්නි වාර්තාකරුවන් පවසන්නේ බෞද්ධ විහාරයේ ප්‍රධානි උතුරු පළාතේ සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි, ප්‍රදේශයේ කඳවුරු ලා සිටින 59.1 සේනාංකයේ , 24 වැනි සිංහ රෙජිමේන්තුවේ සෙබළුන්ගේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ සෙබළුන් ද ඊට මැදිහත් කරගෙන ජගත් සුමතිපාලගේ මුල්‍ය අනුග්‍රහයෙන් බෞද්ධ විහාර නැවත ඉදි කෙරෙනුයේ  පුරාවස්තු සංරක්ෂණය මුවාවෙන්ය.


2018 දී කැනීම් ආරම්භ කළ කුරුන්තුර් මලේ 2022 වන විට චෛත්‍යක් ඉදි කොට උත්සව ශ්‍රීයෙන් ධාතු තැන්පත් කිරීමට කළ සැලසුම ව්‍යර්ථ වුයේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් ප්‍රමුඛ දේශපාලන ක්‍රියාධරයන්ගේ දැඩි විරෝධය මැදය.  

 උද්ඝෝෂකයන් හමුවට පැමිණි මුලතිව් සහකාර පොලිස් අධිකාරිවරයා සහ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණ නීති උල්ලංඝණය කරමින් චෛත්‍ය ඉදිකරන පිරිස කිසිවෙක් අත්අඩංගුවට නොගත් අතර විරෝධතාකරුවන්ට ආහාර පාන රැගෙන එමින් සිටී දෙමළ ජාතික ජනතා පෙරමුණේ දේශපාලන ක්‍රියාධරයන් තිදෙනෙකු වූ එස්.තවපාලන්, අයි.සත්‍යසීලන් සහ එස්.කින්දුජන් අත් අඩංගුවට ගැනීමට යුහුසුළු විය.

 ''නීති කඩන සිංහල මිනිස්සු කවුරුත් අල්ලන්නේ නැති පොලිසිය අපේ අහිංසක විරෝධතා කරුවන් අත්අඩංගුවට ගන්නවා.'' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් ගේ දැඩි විරෝධය හමුවේ ඔවුන් තිදෙනා මුදා හැරීමට පොලිසියට සිදුවිණි.

 විරෝධතාකරුවන් හමුවට පැමිණි පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග කියා සිටියේ කැනීම් වලදී සොයා ගත් පුරාවස්තු සංරක්ෂණය කිරීම හැර නව නිර්මාණයන් ඔවුන් විසින් නොකරන බවයි. හමුදාවේ හා සෙසු අයගේ කටයුතු වලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබැඳියාවක් නොමැති බවද  එහිදී  ඔහු සඳහන් කර තිබේ.

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...