The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අහේනිය මැදත් දෙමළ ජනයාට කෙනෙහිලි !- ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

T

The Leader Desk

July 2, 2022 • 12:09 PM

  අහේනිය මැදත් දෙමළ ජනයාට කෙනෙහිලි !- ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියා සිටියේ දෙමළ ජනයාට එරෙහිව දියත්වන මර්දනය ගැන වාර්තාවක් එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කරන බවයි.
  • ''පාන්දර 1.30 ට විතර අපේ ගේ ඉස්සරහට ආපු දෙන්නෙක් මගේ ඔලුවට පිස්ටල් එකක් තියලා කිව්වා උඹ අපේ බෞද්ධ සංස්කෘතිය නැති කරන්න වෑයම් කරනවා.
  • මින් ඉස්සරහට මේ වගේ දේවල් වලට මැදිහත් වුනොත් වෙඩි තියලා මරලා දානවා,'' යැයි තමන්ට තර්ජනය කළ බවට මාධවමාජර් විසින් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිලි කර ඇත්තේ දින කිහිපයක් ප්‍රදේශයෙන් බැහැරව සැඟවී සිටීමෙන් අනතුරුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියා සිටියේ දෙමළ ජනයාට එරෙහිව දියත්වන මර්දනය ගැන වාර්තාවක් එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කරන බවයි.

''කුරුන්තුර් මලේ සිංහල බෞද්ධකරණය ගැනත්, දිගින් දිගටම නාවික හමුදාව මගින් දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම ඇතුළු දෙමළ ජනයාට එරෙහිව සිදු කෙරෙන සැම දෙයක්ම ජුලි මාසයේ ඇරඹෙන ජිනීවා සමුළුවේ දී අපි ප්‍රකාශයට පත් කරනවා.''

''කුරුන්තුර් මලේ  බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කරන්න පසුගිය 12 වැනිදා ගත් උත්සාහය ව්‍යවර්ථ වුනේ පැවති විරෝධතා නිසා. පසුව  ජුනි  15 වැනිදා විරෝධතාකරුවන්ට නාඳුනන පුද්ගලයන් පිස්තෝල එල්ල කරලා ක්‍රියාධාරීන්ට මරණීය  තර්ජනය එල්ල කරලා.''

VElupillai MadhavaMajor
                               වේලුපිල්ලෙයි මාධවමාජර්



වන්නියේ සමාජ ක්‍රියාකාරිකයකු හා හිටපු සටන්කාමියකු වූ වේලුපිල්ලෙයි මාධවමාජර්ට ඉකුත් 15 වැනිදා අළුයම පුදුකුඩුඉරිප්පු දෙවැනි හරස් විදියේ පිහිටි ඔහු සහ ඔහුගේ මව වෙසෙන නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් පිස්තෝලයක් හිසට එල්ල කොට මරණීය තර්ජන කර තිබේ.

''පාන්දර 1.30 ට විතර අපේ ගේ ඉස්සරහට ආපු දෙන්නෙක් මගේ ඔලුවට පිස්ටල් එකක් තියලා කිව්වා උඹ අපේ බෞද්ධ සංස්කෘතිය නැති කරන්න වෑයම් කරනවා. එදා උද්ඝෝෂණය සංවිධානය කළෙත් උඹ තමයි. මින් ඉස්සරහට මේ වගේ දේවල් වලට මැදිහත් වුනොත් වෙඩි තියලා මරලා දානවා,'' යැයි තමන්ට තර්ජනය කළ බවට මාධවමාජර් විසින් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිලි කර ඇත්තේ දින කිහිපයක් ප්‍රදේශයෙන් බැහැරව සැඟවී සිටීමෙන් අනතුරුවයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණු නායකයා පවසන්නේ මරණීය තර්ජන එල්ල කළ නාදුනන පුද්ගලයන් දෙදෙනා පසුව අසල පිහිටි ර‍ජයේ හමුදා කඳවුරකට ගොස් ඇති බවයි.

මේ ගැන මානව හිමිකම් කොමිසමේ වවුනියා කාර්යාලයට ද පැමිණිලි කර තිබේ.

''මහජන  ආරක්‍ෂාව භාරව හිටපු  ඇමැති සරත් වීරසේකර අපේ පක්‍ෂයේ මහලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්ගේ නම කියලා දෙමළ ජනතාවගේ අනන්‍යතාව ආරක්‍ෂා කිරීමට උත්සාහ කරන පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් දෙමළ කොටස්‌වලටත්, පොදුවේ දෙමළ ජනතාවටත්  තර්ජනය කළා.''

එහෙත් ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බව ද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පෙන්වා දෙයි.
 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අහේනිය මැදත් දෙමළ ජනයාට කෙනෙහිලි !- ජාත්‍යන්තරයට පැමිණිල්ලක් | The Leader