The Leader News
BREAKING
සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ජනපති ‌තෝරන දින නියම වෙයි : 'අපි සුදානම්' - සජිත් කියයි

T

The Leader Desk

July 11, 2022 • 11:58 AM

ජනපති ‌තෝරන දින නියම වෙයි : 'අපි සුදානම්' - සජිත් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ අද (11) පස්වරුවේ තීරණය කළහ.
  • ඒ අනුව ලබන පහළොස් වැනිදා සිකුරාදා සිට නාම යෝජනා කැදවීමටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් මේ අනුව තීරණය කර ඇත.
  • මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හෙට උදේ රැස්වී සාකච්ඡා කිරීමටද පස්වරුවේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.
  • සවස පැවැත්වෙන එම සාකච්ඡාවට අරගලයේ නියෝජිතයන්ටද ආරාධනා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ අද (11) පස්වරුවේ තීරණය කළහ.

ඒ අනුව ලබන පහළොස් වැනිදා සිකුරාදා සිට නාම යෝජනා කැදවීමටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් මේ අනුව තීරණය කර  ඇත.

නාම යෝජනා අවසන් කිරීමෙන් පසු ලබන සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිතය.

මේ අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හෙට උදේ රැස්වී සාකච්ඡා කිරීමටද පස්වරුවේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

සවස පැවැත්වෙන එම සාකච්ඡාවට අරගලයේ නියෝජිතයන්ටද ආරාධනා කිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.



''මාතෘ භූමියට නායකත්වය දෙන්න අපි සූදානම්'' – සජිත්



මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, රට රැක ගැනීම සහ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මාතෘ භූමියට නායකත්වය ලබා දීමට සූදානම් බවයි.

ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ජනවරම අවසන් බවත් ඔවුන් රට විනශ කර අවසන් බවත් ඔහු සඳහන් කළේය.

රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළට නායකත්වය ලබා දීම හැර වෙන විසඳුමක් නොමැති බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසී ය.

“ජනාධිපතිවරයා අගමැතිවරයා පොහොට්ටු ආණ්ඩුවේ ජන වරම අවසන්. ඔවුන් එකතු වෙලා මේ ලස්සන මාතෘ භූමිය විනාශ කරලා හමාරයි. විපක්ෂයේ අපි සුදානම් රට ස්ථාවර කිරීමෙන්, රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබා දීමට. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුමක් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ සිටින කවුරු හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා නම් ඒක අපි දකින්නේ දේශ ද්‍රෝහී ක්‍රියාවක් හැටියට. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න. මාතෘ භූමියට නායකත්ව ලබා දෙන්න. රටේ ආර්ථිකය ගොඩ නගන්න. මව්බිමට ජයවේවා . ජනතාවට ජයවේවා.  අරගලයට ජයවේවා!”



’’රටේ පාලනය බාරගන්න සූදානම්’’ -අනුර කුමාර


මේ අවස්ථාවේ රටේ පාලනය භාරදුන්නොත් භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අද පැවසීය.

‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’ යැයි ද අනුර කුමාර සඳහන් කළේය.

නමුත් පාර්ලිමේන්තුවේ තම නියෝජිතයන් තිදෙනෙකු පමණක් බැවින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පනත් පාර්ලිමේන්තුවේ තිබෙනවා නම් ඕනෙ වෙලාවක වෙන කෙනෙකුට නැටවිය හැකි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු බවට පත්වීමේ ඉඩක් තිබෙන බව කී ජවිපෙ නායකයා, එසේ වුවත් ඒ තුළ පවා තමන්ට උවමනා කණ්ඩායමක් පත්කරගන්න දෙනවා නම් ඊට සූදානම් බව කීවේය.

මීට පෙරත් කළ එම ප්‍රකාශය වෙනස් කර නොගන්නා බව ද හෙතෙම කීය.

දැන් ජනතාවගේ කැමැත්තත් පාර්ලිමේන්තුවත් අතර පරස්පරයක් නිර්මාණය වී ඇති බැවින් ජනතා කැමැත්ත පිළිඹිබු වන පාර්ලිමේන්තුවක් ඇතිකර ගත යුතු බව දිසානායක, එතෙක් නිශ්චිත කාලරාමුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙත පැවරෙන වගකීම් භාරගන්නට සූදානම් බව ද කීවේය.


''සියල්ල සිදුවිය යුත්තේ අරගලයේ අභිමතයට අනුවයි'' - කුමාර ගුණරත්නම්

 

මේ අතර, ජන අරගලයේ සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ඊයේ (10)  මෙසේ පැවසිය.

"අපි දන්නෑ කතානායකවරයා හරහා 13 වැනිදා ඉල්ලා අස් වෙනවා කියලා තව කුමන්ත්‍රණයක් අටවයි ද කියලා. මොකද මේ ගොල්ලන්ගෙ දේශපාලන ඉතිහාසය මේ ගොල්ලන්ගේ දේශපාලන පැටිකිරිය එතරම් විශ්වාස කටයුතු එකක් නෙමෙයි."

 

"මේ තරම් බලයක් තියෙන ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න පුළුවන් වුණේ මේ ව්‍යවස්ථාවට පිටින් නම් අපි හිතනවා ජනතාවාදී ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් කැඳවන්න ඕනේ. කවුරු ආණ්ඩු කලත් කවුරු කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තත්, ඔවුන්ට සිද්ධ වෙනවා අරගලයේ ඒ අපේක්ෂාවන් සමඟ සම්මුතියකට එන්න." කුමාර් ගුණරත්නම් අවධාරණය කළේය.

 

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, "පොදුජන පෙරමුණේ දූෂිත නායකයෝ හිතනවනම් ආපහු සැරයක් පාර්ලිමේන්තුවේ තමුන්ට තියෙන බහුතර බලය පාවිච්චි කරලා ආපහු සැරයක් මේක ඇතළේ කුමන්ත්‍රණ කරන්න අපි කියනවා ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ."




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති ‌තෝරන දින නියම වෙයි : 'අපි සුදානම්' - සජිත් කියයි | The Leader