leader s

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉල්ලුම් කරනු ලැබූ අමෙරිකානු වීසා ඉල්ලුම් පත්‍රය අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට ඉන්දියාවේ "ද හින්දු'' ( thehindu.com) වෙබ් අඩවිය වාර්තා කර ඇත.


2019 වර්ෂයේදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ව්‍යවස්ථාවෙන් බාධාවක් වී තිබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය හමුවේ ඇතිවූ මහජන විරෝධය හමුවේ නියමිත කාල සීමාවට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාමට තීරණය කරනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාව බලා යෑම වෙනුවෙන් වීසා අයදුම් කර ඇති බව 'ද හින්දු' වෙබ් අඩවිය සඳහන් කර තිබේ.


කොළඹ සිටින නිලධාරියෙකු උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට පැමිණීම සඳහා සිදුකරනු ලැබූ වීසා ඉල්ලුම මෙලෙස අමෙරිකානු බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කර ගැනීමට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හරහා උත්සහ කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනෙන් බැහැරව යාමට දරනු ලැබූ උත්සාහය ද ව්‍යර්ථ වූ බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

මේ අතර, ප්‍රංශ පුවත් සේවය (AFP) වාර්තා කරන්නේ නාවික මුර යාත්‍රාවකින් මෙරටින් පිටවීමට ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවයි.

ඊට පෙර එම පුවත් සේවය විසින් වාර්තා කර තිබුණේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටවීමට ජනාධිපතිවරයා ගෙන තිබුණු උත්සහයක්, ගුවන් තොටුපලේ ආගමන විගමන කාර්ය මණ්ඩලය ව්‍යාර්ථ කළ බවයි.

ජනාධිපති මුක්තිය බුක්ති විඳින රාජපක්ෂ, සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව අත්අඩංගුවට ගත හැකි බැවින් ඊට පෙර විදේශගත වීමට උත්සාහ කරන බවට විශ්වාස කෙරෙන බවද එම වාර්තාවේ දැක්වේ.
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil