The Leader News
BREAKING
හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●
Top Ad
පුවත්

ඇමරිකාව ජනපතිගේ 'වීසා ඉල්ලුම්පත' ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

July 12, 2022 • 2:21 PM

ඇමරිකාව ජනපතිගේ 'වීසා ඉල්ලුම්පත' ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂයේදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ව්‍යවස්ථාවෙන් බාධාවක් වී තිබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
  • පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය හමුවේ ඇතිවූ මහජන විරෝධය හමුවේ නියමිත කාල සීමාවට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාමට තීරණය කරනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාව බලා යෑම වෙනුවෙන් වීසා අයදුම් කර ඇති බව 'ද හින්දු' වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
  • කොළඹ සිටින නිලධාරියෙකු උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට පැමිණීම සඳහා සිදුකරනු ලැබූ වීසා ඉල්ලුම මෙලෙස අමෙරිකානු බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
  • මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කර ගැනීමට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හරහා උත්සහ කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


2019 වර්ෂයේදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ව්‍යවස්ථාවෙන් බාධාවක් වී තිබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය හමුවේ ඇතිවූ මහජන විරෝධය හමුවේ නියමිත කාල සීමාවට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාමට තීරණය කරනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාව බලා යෑම වෙනුවෙන් වීසා අයදුම් කර ඇති බව 'ද හින්දු' වෙබ් අඩවිය සඳහන් කර තිබේ.


කොළඹ සිටින නිලධාරියෙකු උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට පැමිණීම සඳහා සිදුකරනු ලැබූ වීසා ඉල්ලුම මෙලෙස අමෙරිකානු බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කර ගැනීමට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හරහා උත්සහ කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවද "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනෙන් බැහැරව යාමට දරනු ලැබූ උත්සාහය ද ව්‍යර්ථ වූ බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

මේ අතර, ප්‍රංශ පුවත් සේවය (AFP) වාර්තා කරන්නේ නාවික මුර යාත්‍රාවකින් මෙරටින් පිටවීමට ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවයි.

ඊට පෙර එම පුවත් සේවය විසින් වාර්තා කර තිබුණේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටවීමට ජනාධිපතිවරයා ගෙන තිබුණු උත්සහයක්, ගුවන් තොටුපලේ ආගමන විගමන කාර්ය මණ්ඩලය ව්‍යාර්ථ කළ බවයි.

ජනාධිපති මුක්තිය බුක්ති විඳින රාජපක්ෂ, සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව අත්අඩංගුවට ගත හැකි බැවින් ඊට පෙර විදේශගත වීමට උත්සාහ කරන බවට විශ්වාස කෙරෙන බවද එම වාර්තාවේ දැක්වේ.
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...