The Leader News
BREAKING
සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

සජිත්ගේ තීරණයෙන් රනිල්ගේ ජයග්‍රහණය ශක්තිමත් වුනා -එජපය

T

The Leader Desk

July 19, 2022 • 5:57 PM

සජිත්ගේ තීරණයෙන් රනිල්ගේ ජයග්‍රහණය ශක්තිමත් වුනා -එජපය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හේතුවෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහනය තවත් ශක්තිමත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
  • අද පැවති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බංඩාර එබව කියා සිටියේය.
  • කෙසේවුවද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පැවසුවේ පොදු සතුරා පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට සිය පක්ෂය තීරීණය කළ බවයි.
  • මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ පක්ෂයේ බහුතරයකගේ තීරණයකට අනුව තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ ජනාධිපති අපේක්ෂක නාමයෝජනාව ස්ථීර කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හේතුවෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහනය තවත් ශක්තිමත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බංඩාර එබව කියා සිටියේය.

 

පොදු සතුරා පරාජය කිරීම සඳහා !

කෙසේවුවද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පැවසුවේ පොදු සතුරා පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට සිය පක්ෂය තීරීණය කළ බවයි.

 


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ පක්ෂයේ බහුතරයකගේ තීරණයකට අනුව තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ ජනාධිපති අපේක්ෂක නාමයෝජනාව ස්ථීර කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා වශයෙන් පත්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට තමන් ඇතුළු කණ්ඩායම එකඟ වන බව ඔහු සඳහන් කළේය.

 

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ඩලස්ට

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී ඩලස් අලහප්පෙරුමට සහය පළ කරමින් ඡන්දය ලබා දීමට 'දමිළ ප්‍රගතිශීලී සන්ධානය' තීරණය කළ බව එහි නායක මනෝ ගනේෂන් පැවසීය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය අද (19) පස්වරුවේ නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරඟ කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් මනෝ ගනේෂන් තවදුරටත් කීවේය.


ශ්‍රීලනිප සහාය ඩලස්ට !

ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කල බව එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

 

කෙසේවුවද හෙට පැවැත්වෙන රහස් ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම රනිල් වික්‍රමසිංහ වෙත ඡන්දය ලබාදීමට එකඟත්වය පළකර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්ය ආරංචිමාර්ග සඳහන් කරයි.

දේශපාලන පක්ෂ නායකයින් කෙසේ පැවසුවද ව්‍යවස්ථානුකුලව අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂකයා තෝරාපත්කර ගනු ලබන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙන අතරිනි.


නවවැනි පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය:

dffgdfgdfg
පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය ඉහත පරිදි වුවද පසුගිය මාස කිහිපයේ පැවති ඇතැම් රහස් ඡන්දවලදී විවිධාකාරයේ ප්‍රතිපල ලැබී තිබිණ.

නියෝජ්‍ය කතානායක තේරීම සඳහා පසුගිය මැයි 17 දා පාර්ලිමේන්තුවේදී කළ රහස් ඡන්දය විමසීමේදී ඡන්ද 109ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අජිත් රාජපක්ෂ එම ධූරයට පත්විය. එහිදී විපක්ෂය ඒ සඳහා යෝජනා කළ රෝහිණි කවිරත්නට ඡන්ද 78ක් හිමි වූවාය. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 23කි.

මෙයට පෙර මැයි මස 05 වැනිදා පැවැත්වූ නියෝජ්‍යකතානයක තෝරා පත්කරගැනීමට පැවැත්වූ රහස් ඡන්ද විමසීමෙන් රංජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබාගත් අතර, ඉමිතියාස් බාකීර් මාකර්ට හිමිවූයේ ඡන්ද 65කි. ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය. එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.

මේ අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 109ත් 148ත් අතර ප්‍රමාණයක් ඇති බවයි.

එහෙත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අපේක්ෂකයකු ලෙස තරග වදින්නේ එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංග ද ඉදිරිපත්ව ඇති අවස්ථාවකය.

මේ අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්කිරීමට 'සමඟි ජන බලවේගය' ගෙන ඇති තීරණය හේතුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට එකඟතාව පළකර ඇතැයි වාර්තාව වේ.

කෙසේවුවද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට හෙට (20) පැවැත්වෙන ඡන්දය කරට කර සටනක් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පවසති.

  

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...