The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

වෘත්තීය සමිති සහන සලාකයක් ඉල්ලයි

T

The Leader Desk

July 26, 2022 • 12:10 PM

වෘත්තීය සමිති සහන සලාකයක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් වෙළඳ කළාප කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් අවධාරණය කර තිබේ.
  • නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය යෝජනා කරන්නේ දුගී බවින් පෙළෙන ජනයාට සහන සලාකයක් ලබා දෙමින්, ආර්ථිකය පිළිසකර කිරීමේ සැළසුම් ක්‍රියාවට නැංවීමට ජාතික සම්මේලනයක් කැඳවිය යුතු බවයි.
  • වෘත්තීය සමිති, ගොවි, ධීවර, වෘත්තිකයන්ගේ සමිති සංවිධාන, වාණිජ මණ්ඩල සහ අවිධිමත් ආර්ථිකයේ නියෝජිතයන් ද ඇතුලත් ජාතික සම්මේලනයක් කැඳවීමේ වැදගත්කම නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
  • ''ආණ්ඩු මාරු කරන්නට, රාජ්‍ය බලය හා ගැටීමෙන් සාමන්‍ය ජනතාව මුහුණ දෙන බරපතල ජිවන අරගලයට මේ මොහොතේ විසදුම් ලැබෙන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිදහස් වෙළඳ කළාප කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් අවධාරණය කර තිබේ.

නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය යෝජනා කරන්නේ දුගී බවින් පෙළෙන ජනයාට සහන සලාකයක් ලබා දෙමින්, ආර්ථිකය පිළිසකර කිරීමේ සැළසුම් ක්‍රියාවට නැංවීමට ජාතික සම්මේලනයක් කැඳවිය යුතු බවයි.

වෘත්තීය සමිති, ගොවි, ධීවර, වෘත්තිකයන්ගේ සමිති සංවිධාන, වාණිජ මණ්ඩල සහ අවිධිමත් ආර්ථිකයේ නියෝජිතයන් ද ඇතුලත් ජාතික සම්මේලනයක් කැඳවීමේ වැදගත්කම නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

''ආණ්ඩු මාරු කරන්නට, රාජ්‍ය බලය හා ගැටීමෙන් සාමන්‍ය ජනතාව මුහුණ දෙන බරපතල ජිවන අරගලයට මේ මොහොතේ විසදුම් ලැබෙන්නේ නැහැ. පසුගිය තෙමසක අරගලයට ජනතාව සහාය දුන්නේ ඔවුන්ගේ ජිවත්වීමේ සටනට විසදුම් ලැබේවියැයි ඔවුන්ට දුන් පොරොන්දු හේතුවෙනි. එහෙත් අද  එවැනි විසදුම් අහලකවත් නොමැත.''

 

දෛනික විදුලි කප්පාදුව, අවුල්ව ගිය පොදු මගී ප්‍රවාහනය, වසර දෙකකට වැඩි කලක් අඩාල වූ පාසැල් අධ්‍යාපනය, දහසක් දෙනා දින ගනන් කල් ගෙවන ඉන්ධන හා ගෑස් පෝලිම්, ඖෂධ නොමැතිව ජිවිත අපේක්‍ෂා අත් හළ රෝගීන්, මොහොතින් මොහොත ඉහල යමින් තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල මෙන්ම ආහාර ද්‍රව්‍ය හිඟය ඇතුළු දහසකුත් ගැටළු හමුවේ හෙම්බත්වූ ජනයාට අවශ්‍ය වන්නේ සහනදායි ආර්ථික විසදුම් බව ඇන්ටන් මාකස් සිය මාධ්‍ය නිවේදනය මගින්  පෙන්වා දී ඇත.

නිදහස් වෙළඳ කළාප වෘත්තීය සමිති නායකයා සඳහන් කරන්නේ රට තුල අරාජිකත්වයක් හා අස්ථාවර බවක් පෙන්නුම් කිරීම මගින් විදේශ ආයෝජන නොලැබී යාම විශේෂයෙන්  අපනයනය  වෙනුවෙන් වූ ඇඟළුම් නිෂ්පාදන ඇණවුම් නොලැබී යාමේ බරපතල අවදානමක් දැනමත් පවතින බවයි.

''මේ මගින් විදේශ විනිමය ආදායම් නැති වෙනවා පමණක් නොවේ, කම්කරුවන් සිය දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානම ගැන අනතුරු ඇඟවීමට ද අපිට සිදුවෙලා තියෙනවා.''


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෘත්තීය සමිති සහන සලාකයක් ඉල්ලයි | The Leader