leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ විශේෂ සංචාරයකට සූදානම් වේ.


චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පෙන්වා දී ඇත්තේ වෙළෙඳ, ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ චීනයට අමුත්තකු නොවන බවත් ඔහු 2016 අගමැතිවරයා ලෙස බීජිංහි සංචාරය කළ අවස්ථාවේ චීන ජනපති ෂී ජිං පින් වෙත අතට අත දෙන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ එල්ලා තබා ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද තානාපති කොහොන රොයිටර් වෙත පවසා තිබේ. එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ යතුර චීනය බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ කළු තේ, නිල් මැණික්, කුළු බඩු සහ ඇඟලුම් වැඩි වැඩියෙන් මිලදී ගන්නා ලෙසත් චීන ආනයන නීති වඩාත් සරල කරන ලෙසත් චීනයෙන් ඉල්ලා සිටින බවද තානාපති කොහොන සිය සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


රනිල්ට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්


රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධිපති ෂි ජින්පින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කර සිටියේය.

චීන ජනාධිපතිවරයා ලෙසත් චීන ජනතාව වෙනුවෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂි ජින්පින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවත්, දීර්ඝ කාලයක් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සහයෝගීතාවය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අයෙක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින තාවකාලික දුෂ්කරතා මඟහරවා ගනිමින් සමාජීය සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙතැයි චීන ජනාධිපති ෂි ජින්පින් විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil