The Leader News
BREAKING
සාක්ෂිකරුවන් හතක් එක් කිරීමට පැමිණිල්ලට අවසර●පියවුරුවල ප්‍රමාණය අනුව තරුණියන් ගේ වයස කියන විදිය දන්නව ද…? (වීඩියෝ)●සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●
Top Ad
පුවත්

ජනපති රනිල් චීනයට

T

The Leader Desk

July 27, 2022 • 5:25 AM

ජනපති රනිල් චීනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පෙන්වා දී ඇත්තේ වෙළෙඳ, ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බවයි.
  • රනිල් වික්‍රමසිංහ චීනයට අමුත්තකු නොවන බවත් ඔහු 2016 අගමැතිවරයා ලෙස බීජිංහි සංචාරය කළ අවස්ථාවේ චීන ජනපති ෂී ජිං පින් වෙත අතට අත දෙන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ එල්ලා තබා ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
  • චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද තානාපති කොහොන රොයිටර් වෙත පවසා තිබේ.
  • එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ යතුර චීනය බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පෙන්වා දී ඇත්තේ වෙළෙඳ, ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ චීනයට අමුත්තකු නොවන බවත් ඔහු 2016 අගමැතිවරයා ලෙස බීජිංහි සංචාරය කළ අවස්ථාවේ චීන ජනපති ෂී ජිං පින් වෙත අතට අත දෙන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ එල්ලා තබා ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද තානාපති කොහොන රොයිටර් වෙත පවසා තිබේ. එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ යතුර චීනය බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ කළු තේ, නිල් මැණික්, කුළු බඩු සහ ඇඟලුම් වැඩි වැඩියෙන් මිලදී ගන්නා ලෙසත් චීන ආනයන නීති වඩාත් සරල කරන ලෙසත් චීනයෙන් ඉල්ලා සිටින බවද තානාපති කොහොන සිය සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


රනිල්ට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්


රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධිපති ෂි ජින්පින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කර සිටියේය.

චීන ජනාධිපතිවරයා ලෙසත් චීන ජනතාව වෙනුවෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂි ජින්පින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවත්, දීර්ඝ කාලයක් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සහයෝගීතාවය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අයෙක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින තාවකාලික දුෂ්කරතා මඟහරවා ගනිමින් සමාජීය සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙතැයි චීන ජනාධිපති ෂි ජින්පින් විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...