The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ගුරු වැඩ තහනමකට විරුද්ධව ජෝසප් ස්ටාලින් අනතුරු අඟවයි

T

The Leader Desk

July 30, 2022 • 4:09 AM

 ගුරු වැඩ තහනමකට විරුද්ධව ජෝසප් ස්ටාලින් අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජුලි 28 වැනිදා ලිපියක් යොමු කරමින් ලංකා ගුරු සංගමය ආණ්ඩුකාරවරයාට දැනුම් දි ඇත්තේ එසේ නොකරන්නේනම් මෙම අනීතික වැඩ තහනම සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලීමට සිදු වන බවයි.
  • "එසේම දේශපාලන අවශ්‍යතා මත සිදු කරන මෙවැනි දේශපාලන පලිගැනීම් නතර කිරීමට කටයුතු යොදන ලෙසද ඉල්ලා සිටිමු.
  • " ගුරුවරු රාජ්‍ය සේවයේ දේශපාලන වරප්‍රසාද හිමි කණ්ඩයට අයත් බවත් ගුරු සංගම් නායකයා සිය ලිපිය මගින් ආණ්ඩුකාරවරයාට මතක් කර දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා සිටි.

ජුලි 28 වැනිදා ලිපියක් යොමු කරමින්  ලංකා ගුරු සංගමය ආණ්ඩුකාරවරයාට දැනුම් දි ඇත්තේ එසේ නොකරන්නේනම් මෙම අනීතික වැඩ තහනම සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලීමට සිදු වන බවයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන පරිදි ඌව පළාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතු ජුලි මස හතර දිනැති ලිපියක් මගින් බ/ගලඋඩ මහා විද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියකු වන ඒ.එම් කුමාර අන්දරගේ වැඩ තහනමට ලක් කර තිබේ.


" අන්දරගේ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද අදහස් දැක්වීමක් පාදක කරගනිමින් 2022.05.17 දින ඔහු පොලීසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු බන්ධනාගාර ගත කිරීමට පොලීසිය විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමින් අධිකරණය විසින් අන්දරගේ මහතාට ඇප ලබා දී ඇත."


එසේ තිබියදී හාලිඇල පොලිස් ස්ථානාධිපති විසින් ජුනි 4 දින ලබා දී ඇති පොලිස් පණිවිඩය හා ඌව පළාත් කාර්ය පටිපාටි සංග්‍රහයට අනුව යැයි සදහන් කරමින් ආයතන සංග්‍රහයට ද පටහැනිව මෙම වැඩ තහනම සිදු කර ඇති බවයි ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා වැඩි දුරටත් පවසන්නේ.

ලංකා ගුරු සංගමය ඌව ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ පසුගිය කාලයේ පැවැති ජන අරගලයේ ක්‍රියාකාරීව කටයුතු කළ මෙම ගුරුවරයාට එරෙහිව ඌව පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වු චාමර සම්පත් දසනායක විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැඩ තහනම සිදු කර ඇති අතර මෙය දේශපාලන උවමනාව මත සිදු කරන ලද්දක් බවයි.

"එසේම දේශපාලන අවශ්‍යතා මත සිදු කරන මෙවැනි දේශපාලන පලිගැනීම් නතර කිරීමට කටයුතු යොදන ලෙසද ඉල්ලා සිටිමු. "

ගුරුවරු රාජ්‍ය සේවයේ දේශපාලන වරප්‍රසාද හිමි කණ්ඩයට අයත් බවත් ගුරු සංගම් නායකයා සිය ලිපිය මගින් ආණ්ඩුකාරවරයාට මතක් කර දී තිබේ.

IMG 20220728 WA0115

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...