සමරිසි (LGBT+) පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීති ප්‍රතිසංස්කරණය කරන මෙන් ඉල්ලා කරන මතවාදී මෙහෙයුමට හිටපු ක්‍රිකට් නායක

සමඟ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ද එක්ව තිබේ.  

සමරිසි (LGBT+) ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම හෙලා දකින ආචාර්ය හරිනි, ඩේලි මිරර් සහ ලංකාදීප පුවත්පත් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියේ වඩාත් ඇතුළත්භාවයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

මෙවැනි වෙනස්කොට සැලකීම් සිදුවන්නේ මහජනතාව අතර සිටින ඇතැම් කණ්ඩායම් වල දැනුවත්භාවය නොමැතිවීම සහ නූගත්කම නිසා බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැහැදිළි කළාය.

 

සමරිසි (LGBT+) අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නිල වශයෙන් පිළිගත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගයයි.

 

සිය පක්ෂ ස්ථාවරය හා පෞද්ගලික මතය උදාහරණයට ගනිමින් ආචාර්ය අමරසූරිය පැහැදිලි කළේ වෙනසක් ඇතිවීමට කාලය එළඹ ඇති බවයි.


සමරිසි (LGBT+) පුද්ගලයන් බලහත්කාරයෙන් ගුද හා යෝනි පරීක්ෂාවලට යොමුකරන අන්දම පිළිබඳ පුළුල් මාධ්‍ය අනාවරණයක් ඉකුත් 2020 වර්ෂයේදී සිදුවිය. සමරිසි (LGBT+) ප්‍රජාවට එරෙහිව පොලීසිය සහ අධිකරණ වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබන මෙවන් කුරිරු ක්‍රියා ශිෂ්ට සමාජයක සහ පොලිස් බලකායේ සම්මතයන්ට පටහැනි බව ආචාර්ය හරිනි පැහැදිලි කළාය.


ශ්‍රී ලංකාව ප්‍රගතිශීලී සමාජයක් බවට පත්වීමට නම්, සෑම ආකාරයකම මෙවන් ප්‍රචණ්ඩත්වයන් සහ වෙනස්කොට සැලකීම් අවසන් කළ යුතු බව ඈ අවධාරණය කළාය.

සිය ස්ත්‍රීවාදී චින්තනය ගෙනහැර පාමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පවසා සිටියේ, සමාජයේ පුරුෂමූලික ස්වභාවය පිළිබඳව තමා දැනුවත් බවත්, සමරිසි (LGBT+) ප්‍රජාවේ සාමාජිකයන් සමඟ සහසම්බන්ධව කටයුතු කිරීම නිසා ඔවුන්ගේ දුක්වේදනා පිළිබඳව වඩාත් සංවේදී වීමට තමාට හැකිව ඇති බවත් ය.

එමෙන්ම, තම වඩාත් හෘද්‍යාංගම අදහස් බෙදාගනිමින් ආචාර්ය අමරසූරිය පවසා සිටියේ, සිය පවුලේ සාමාජිකයන් මෙන් සමීපව ඇසුරු කරන සමරිසි (LGBT+) අනන්‍යතා ඇති මිතුරන් තමාට සිටින බවත්, ඔවුන්ගේ මිත්‍රත්වය තමා බෙහෙවින් අගය කරන බවත් ය.

ආචාර්ය අමරසූරිය සමරිසි (LGBT+) ප්‍රජාවේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ, ඔවුන් වෙනස්කොට සැලකීම් වලට ලක්ව ඇතිනම් ප්‍රජා සංවිධාන සහ ජාලවලින් උපකාර සහ සහාය ලබාගන්නා ලෙසයි.

එමෙන්ම, ඔවුනට සහයෝගය දැක්වීම සඳහා වඩාත් විවෘතව සිටින ලෙසත්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලෙසත්, සමරිසි (LGBT+) පුද්ගලයකුගේ අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කරගන්නා ලෙසත් ඇය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

ජාතික ජන බලවේගයේ නියෝජිතවරිය මෙලෙස සම්බන්ධ වන්නේ ‘එකට එක්ව’ (Better Together) නමින් ක්‍රියාත්මක වන නව ව්‍යාපාරයක කොටසක් වශයෙනි.

නොමිලේ නීතිමය සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ (iProbono) විසින් රැගෙන යන මෙම ව්‍යාපාරය, සමරිසි (LGBT+) ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කොට සැලකීම් හුවා දැක්වීමට සහ එම ප්‍රජාවට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් පවත්වාගෙන යන නීතිවල ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටීම සඳහා ක්‍රීඩා, ව්‍යාපාර, දේශපාලන සහ සංස්කෘතික ආදී ක්ෂේත්‍රවල නායකයන් එකට එක්කිරීම සඳහා කටයුතු කරනු ලබයි.

සමරිසි ප්‍රජාවට ද නිසි ගෞරවය හා පිළිගැනීමක් ලබාදීම සඳහා විජය පුවත්පත සමාගම i-Probono, FPA Sri Lanka, සහ IPPF, South Asia Region සමඟ ‘එකට එක්ව’ මාලාව දියත් කර ඇති අතර මිට ඉහතදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයි.



සබැඳි ලිපි :


සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්