The Leader News
BREAKING
සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●
Top Ad
පුවත්

විරෝධතාකරුවන් අරගල භූමියෙන් අද ඉවත්වේ !

T

The Leader Desk

August 10, 2022 • 4:26 AM

 විරෝධතාකරුවන් අරගල භූමියෙන් අද ඉවත්වේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයේ ක්‍රියාකාරිණියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගෝල්ෆේස් අරගල භූමියේ ඊයේ පැවති විරෝධතාවයකට එක් වෙමින් කියා සිටියාය.
  • newst clips · DAMITHA 01 'අරගලය ඉවර නෑ - දිනනතුරු හැරෙන්නෑ' - ගාලුමුවදොර අරගලකරුවෝ 'ගාලුමුවදොර අරගලකරුවෝ' නමින් ප්‍රකාශයට පත්කර ඇති සටහනක මෙසේ සඳහන් වේ.
  • ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරියනි, සහෝදරවරුනි, අපේ රටේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති වගේම ඒ වැරදි ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පාලකයන්ට බලය දුන් ජනතාව නිසාත් අප රටක් විදිහට පත්ව ඇති දුක්ඛිත තත්ත්වය දැන් අපි අත් විඳිමින් ඉන්නවා.
  • ඔබට මතක ඇති පොහොර ඉල්ලලා ගොවියෝ පාරට ඇදල දැම්මා.
අකුරු ප්‍රමාණය (Font Size):


අරගලයේ ක්‍රියාකාරිණියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගෝල්ෆේස් අරගල භූමියේ ඊයේ පැවති විරෝධතාවයකට එක් වෙමින් කියා සිටියාය.



'අරගලය ඉවර නෑ - දිනනතුරු හැරෙන්නෑ' - ගාලුමුවදොර අරගලකරුවෝ

 

 'ගාලුමුවදොර අරගලකරුවෝ' නමින් ප්‍රකාශයට පත්කර ඇති සටහනක මෙසේ සඳහන් වේ.


ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරියනි, සහෝදරවරුනි,

අපේ රටේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති වගේම ඒ වැරදි ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පාලකයන්ට බලය දුන් ජනතාව නිසාත් අප රටක් විදිහට පත්ව ඇති දුක්ඛිත තත්ත්වය දැන් අපි අත් විඳිමින් ඉන්නවා.

මේ දුක්ඛිත තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් ඔබ අප සියලු දෙනාම සටන් කරමින් ඉන්නවා.

මේ අරගලය ඉබේ මතු වූවක් නෙවේ.

ඒ විතරක් නෙමෙයි පාලකයො කියන විදිහට තරුණකමට මුරණ්ඩුකමට හරි නිකං ඉන්න බැරිකමට හරි එක පාලකයෙක් වෙනුවට තවත් ඒ වගේ පාලකයෙක් ගේන්න නෙමෙයි, මේ අරගලය පටන් ගත්තේ.

ඔබට මතක ඇති පොහොර ඉල්ලලා ගොවියෝ පාරට ඇදල දැම්මා. ගුරුවරු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් හිටියේ. ශිෂ්‍යයෝ අධ්‍යාපනය විකුණන්න එපා කියල සටන් කරමින් හිටියේ. ජාතික සම්පත් විකුණන්නෑ කියලා ආපු රාජපක්ෂලා හොරෙන්ම ජාතික සම්පත් විකුණමින් හිටියේ. ජනතාව ඒවාට එරෙහිව සටන් කරමින් හිටියේ.

ඒ අස්සේ බඩුමිල, බදුබර අහස උසට නැග්ගා. ජීවිතයම පෝලිම්වල ගතකරන තැනට පාලකයෝ අපව ඇදල දැම්මා. පැය ගාණක් කරන්ට් කැපුවා. මේවා නිසා තමයි ජනතාවක් විදිහට අපට පාරට බහින්න වුණේ.




මිලියන ගාණක් ජනතාව එකතු වෙලා ගෝඨාභයව පන්නලා දැම්මා. තුනෙන් දෙකක බලය තිබුණ අගමැති රාජපක්ෂව ඒ තනතුරෙන් පහකළා. කැබිනට් මණ්ඩල වෙනස් කළා. වෙනදා වාහන හත අට ඉස්සර කරන් ගියපු මැති ඇමතිවරු අද හොරෙන් හොරෙන් පාරේ යන ගානට මේ අරගලය ශක්තිමත් වුණා.



මේ ඔක්කොම අස්සෙ රනිල් රාජපක්ෂ පොහොට්ටුවේ ආශිර්වාදයෙන් කුමන්ත්‍රණකාරී විදිහට දැන් ජනාධිපති වෙලා අරගලකරුවන්, වෘත්තීය සමිති නායකයින් මර්දනය කරමින් ඉන්නවා. ගෝඨාභයලා කරපු දේ දැන් රනිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව කරමින් ඉන්නවා. අපේ ප්‍රශ්නවලට තාම උත්තර ලැබිලා නෑ. ඒ නිසා අපේ අරගලය තාම ඉවර නෑ.

මේ වෙනකොට රනිල්-‍රාජපක්ෂ ජනතා විරෝධී ආණ්ඩුව විසින් ඊනියා සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනාවක් ඉදිරිපත් කරමින් සිය කුමණ්ත්‍රණකාරී බලය තව දීර්ඝ කාලයකට තහවුරු කරගැනීමේ පිඹුරු පත් සකසමින් ඇති බව පැහැදිලියි.

කුප්‍රකට පොහොට්ටු නියෝජනයේ අණසක මගින් පත් කෙරුණු, ජන මතයක් නැති 'ජනපතියෙකු' හරහා ඇරයුම් කෙරෙන 'සර්ව පාක්ෂික ආණ්ඩුව' කියන්නෙ, කිසිසේත්ම ජනතාව මුහුණ දෙන ආර්ථික-දේශපාලන ව්‍යසනයට තාවකාලික විසඳුමක් හෝ ලබා දිය හැකි අන්තර් වාර පාලනයක් වෙන්නෙ නැහැ. ඒක පැහැදිලිවම රනිල්-‍රාජපක්ෂයේ සර්ව පූට්ටු අටමගලයක්  විතරයි.


දැන් අපි මොකද කරන්නේ.?


රනිල් රාජපක්ෂලා හිතන්නේ හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළකීමේ පනත වගේ මර්දනකාරී අණපනත් හරහා මේ අරගලය මර්දනය කරන්න. ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ නිසා මේ මර්දනයට අපි විරුද්ධ වෙන්න ඕන. ඒ වගේම රනිල් රාජපක්ෂ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පන්නා දැමීම වෙනුවෙන් සටන් කරන්න ඕන. ඒ වගේම අපි ඔබට මීට පෙර ඉදිරිපත් කරපු ක්‍රියාකාරී සැලැස්මේ අභිලාෂ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපි සටන් කරන්න ඕන.

ඒ වගේම තමයි රටේ ජනතාව අරගල කරලා ගෝඨාභය රාජපක්ෂත් මහින්ද ‍රාජපක්ෂත් ගෙදර යැව්වා වුනාට තවදුරටත් ඔවුන්ගේ බලය පවත්වාගෙන ‍යන්න සහ ඔවුන්ව ආරක්ෂා කරන්න මේ පවතින පාර්ලිමේන්තුව කටයුතු කරමින් ඉන්නවා කියන එකත් අපිට අමතක කරන්න බැහැ.

 ජනාධිපතිවරයා තෝරා පත්කරගන්න පාර්ලිමේන්තුවේ තිබුණ ඡන්ද විමසීමෙදිම ඒ තත්ත්වය අපි දැක්කා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අද නියෝජනය වෙන්නේ සැබෑ ජනමතය නෙවෙයි.


 ඒ නිසා ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව මත තවදුරටත් පීඩනය පටවන, ජනතාව මර්දනය කරලා රාජපක්ෂලාගේ බලය රැකගන්න උත්සාහ දරණ මේ පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යා යුතුව තිබෙනවා. එය ජනතා ඉල්ලීම් දිනාදිය හැකි ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා පුළුල් වෙන්න ඕන.


මෙතෙක් කාලයක් මැතිවරණවලදි අපි දැක්කේ ධන බලය, මැර බලය, මාධ්‍ය බලය සහ ජාති වාදය, ආගම් වාදය හරහා විවිධ ආණ්ඩු ගොඩනැගුන හැටි. ඒත් ජනතාව අරගල කරලා විධායක ජනාධිපති ඇතුළු ආණ්ඩු පන්නන්න දායක වුනු අරමුණ සහිතවම මැතිවරණයෙදිත් කටයුතු කළොත් ඒ සියලු බලයන් පරද්දලා සැබෑ ජනතා නියෝජිතයන් පත් කරගන්න අපිට පුලුවන්.

ඉතිහාසය අලුතෙන් ලියැවෙන මේ යුගයේ අපේ රටට අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න පුලුවන්.

ඒත් මැතිවරණයකින් විතරක් සියල්ල වෙනස් වෙන්නේ නෑ කියලා අපි දන්නවා. ඒ නිසා කවුරු පත් වුණත් අපගේ අභිලාෂයන් දිනාගන්න අවශ්‍ය කරන බලපෑම අපි සාමූහිකව කරන්න ඕන. ඒ වෙනුවෙන් මේ අරගලයට දායක වුන සියලු දෙනාද ඇතුලුව සමස්ත ජනතාවම නියෝජනය කළ හැකි මහජන කවුන්සිල් ගොඩනැගීම ආරම්භ කළ යුතුයි.

පාලනයට සම්බන්ධ වූවත් නැතත් අපි අපේ අභිලාෂයන් ජය ගන්න සංවිධානය වෙන එක අත්‍යවශ්‍යයි. එහෙම සංවිධානය වීමෙන් ගොඩනැගෙන බලය විධායක ජනාධිපති කෙනෙක් සතු බලයටත් වඩා වැඩියි කියන එක අපි කවුරුත් අමතක කරන්න හොඳ නැහැ.


ඒ විතරක් නෙවෙයි ජනතාවගේ නව ආණ්ඩුව ක්‍රම ව්‍යවස්තාවක් වෙනුවෙන් සටන් කළ යුතුය. මොකද, ඊළඟ ආණ්ඩුව මොකක් වුණත් ඒක එන්නේ දැන් තියෙන කොන්දේසි යටතේ නම් අපට ඒකෙන් ප්‍රතිඵලයක් අත් වෙන්නෙ නැති නිසයි. එනිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයි. මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ බලය  ජනතාව ලබාගත යුතුමයි. ඒවගේම ජනතාවගෙන් නිශ්චිත පිරිසක් යම් කරුණක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටින මොහොතක එය ලබා ගැනීමට නීති සම්පාදනය විය යුතුමයි.



අනෙක් පැත්තෙන් දේශපාලුවන් හා ඔවුන්ගේ හිතවත්කම් මත සොරා කෑ ධනය යළි අත්පත් කරගත යුතුමයි. ඒ වගේම නොගෙ වූ බදු නැවත අත්පත් කරගත යුතු අතර බදු ප්‍රතිශතය පූර්ණ  වෙනසකට ලක්කරන්නම ඕන. මේවා කරන්න නම් ජන බලය ශක්තිමත් කරන්න ඕනෙ වගේම  හදිසි ආර්ථික සහන වෙනුවෙන් සටන් කළ යුතුම වෙනවා.

ඒ වගේම ජාතිය, ආගම, ලිංගිකත්වය සහ භාෂාව මත පදනම්ව කෙරෙන වෙනස්කම්වලට එරෙහිව ද සටන් කළ යුතු අතර සියලු දෙනාට සමාන ලෙස සළකන නීති සම්පාදනය කළ යුතුයි.

සරලවම කියන්නවා නම් ගාලු මුවදොර අරගලකරුවන් ලෙස අපගේ සම්මුතිය තිබෙන්නේ මේ රටේ මහජනතාව එක්කයි. ඒ පූර්ව අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන්.

ඒ නිසා ඉහත කාරණා වෙනුවෙන් ජනඅරගලය, අරගලයේ අභිලාෂයන් දිනනතුරු මේ සටන අඛණ්ඩව පෙරට ගෙනයමු.


(ගාලුමුවදොර අරගලකරුවෝ )
 
WhatsApp Image 2022 08 10 at 9.04.30 AM
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...