සමරිසි (LGBT+) ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම් තමා “අධෛර්‍යට පත්කළ” බවත්, සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව බලහත්කාරයෙන් සිදුකරනු

ලබන ගුද හා යෝනි පරීක්ෂා තමා “පිළිකුලෙන් යුතුව” හෙළා දකින බවත් උමාරියා සිංහවංශ පවසයි.

ජනප්‍රිය සංගීතවේදිනියක සහ පටිගතකිරීමේ ශිල්පිනියක වන උමාරියා සිංහවංශ “එකට එක්ව” (Better Together) ව්‍යාපාරයට සිය සහයෝගය පළකරන අතරම ලිංගික දිශානතිය මත සිදුවන වෙනස්කොට සැලකීම් හෙළා දකිමින් ඒවා අසාධාරණ සහ අයුක්තිසහගත බව පවසා සිටියි. මෙවැනි වෙනස්කොට සැලකීම්වලට තිත තැබීමට ශ්‍රී ලංකාව තුළ වෙනසක් සිදුවිය යුතු කාලය එළඹ ඇති බව ඈ අවධාරණය කළාය.

සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් තුරන්කිරීම සඳහා දියත් කළ ව්‍යාපාරයට සහාය පළ කිරීමට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සමඟ උමාරියා ද ඩේලි මිරර් පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූවාය.

 

එකිනෙකා අතර පවතින වෙනස්කම්වලට ගරු කිරීමට සහ එකිනෙකා සමඟ ආදරය සහ කරුණාව බෙදා ගැනීමට තරුණ පරපුර උනන්දු කිරීමේ වැදගත්කම පිළිගත් ඇය පෙන්වා දුන්නේ සෑමදෙනෙකුම පිළිගැනීමට සහ ඔවුනට ඇතුළත්භාවයෙන් යුතුව සැලකීමට තරුණ පරපුර උනන්දු කිරීම සමාජයේ අත්‍යාවශ්‍ය වෙනසකට හොඳ ආරම්භයක් වනු ඇති බවයි.

 

සමරිසි (LGBT+) දරුවකු, සහෝදරයකු හෝ සහෝදරියක හමුවේ පවුල් ඒකකයකට පැවරෙන කාර්යභාරයේ වැදගත්කම පැහැදිලි කළ උමාරියා, ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාව කුමක් වූවත් දරුවන්ට ඔවුන්ගේ පවුලේ අයගෙන් හැකිතරම් ආදරය සහ සහයෝගය ලබා දිය යුතු බව අවධාරණය කළාය.

සමාජයේ පිළිගැනීම ලැබීමට නම් තම පවුලෙන් ලැබෙන පිළිගැනීම මූලික විය යුතු බව පෙන්වා දුන් ඈ දෙමාපියන්ට උපදෙස් දුන්නේ, සමාජයේ සහ ලෝකයේ පවතින ගතිකත්වයන්ට අනුගත වීම සඳහා සිය මනෝභාව පුළුල් කරගන්නා ලෙසයි.

පොලීසිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සමරිසි (LGBT+) ප්‍රජාවට එරෙහිව බලහත්කාරයෙන් සිදුකරනු ලබන ගුද සහ යෝනි පරීක්ෂා පිළිබඳ පුවත ඇසීමට ලැබීම තමා අධෛර්‍යමත් කළ බව සැලකළ උමාරියා, මෙවන් වධහිංසා නතර කර දමන මෙන් ඉල්ලා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත්කළ යුතු බව පෙන්වා දුන්නාය.

මෙම බලහත්කාර ශාරීරීක පරීක්ෂා මඟින් මනුෂ්‍යයකුගේ අභිමානයට සහ තවත් කෙනෙකුට කිසිඳු හානියක් හෝ අපහසුතාවයක් ඇති නොකර තම ජීවිතය නිදහසේ ජීවත්වීමට ඇති අයිතියට අගතියක් ඇති කරනු ලබයි.

තමාට ද සමරිසි (LGBT+) මිතුරන් කිහිප දෙනෙකු සිටින බව පිළිගත් උමාරියා, විශේෂයෙන්ම ඔවුන්ගේ සෘජුභාවය සහ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමේ නිර්භීතකම අගය කළාය.

 

කෙසේවෙතත්, සමරිසි (LGBT+) ප්‍රජාව ඔවුන්ගේ ලිංගික දිශානතිය මත වෙන් කිරීම වෙනුවට ඔවුන් ද සෙසු මිනිසුන් ලෙස පිළිගැනීමේ පළමු පියවර තැබිය යුත්තේ එම ප්‍රජාවේ හිතවතුන් හෝ සහචරයන් විසින් බව ද ඇය වැඩිදුරටත් සිහිපත් කළාය. 

 

සමාජයක ඇතුළත්භාවයේ වැදගත්කම පදනම් විය යුත්තේ මූලික නිදහස, මානව හිමිකම්, විවිධත්වය සහ ආන්තීකරණයට ලක්වන කණ්ඩායම් කෙරෙහි දක්වන ගෞරවය මත බව උමාරියා අවධාරණය කළාය.

පටු අදහස් මත පදනම් වූ සම්මතයන් සහ රාමුවෙන් පිටත සිතීමට අපොහොසත් වීම මත අප රට එක තැන ලතවන හෙයින්, විවිධත්වය සහ ඇතුළත්භාවය පිළිගැනීම තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය නව්‍යකරණය ස්ථාපිත කළ හැකි බව ඈ ප්‍රකාශ කළාය.

ඒ අනුව, ඈ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, සෑම ආකාරයකම වෙනස්කොට සැලකීම් නවතා දමන ලෙසත්, ඔවුන් කවුරුන්ද සහ ඔවුන් ආදරය කිරීමට කැමති කාටද යන්න, හා ඔවුන් ද නිදහසේ ජීවත් වීමට කැමති බව වටහා ගන්නා ලෙසත්, එය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් වන බැවින් එය පිළිගැනීමට ඉගෙන ගන්නා ලෙසත් ය.

 

තම සමරිසි (LGBT+) රසික රසිකාවියන්ට පණිවිඩයක් ලබා දෙමින් උමාරියා පවසා සිටියේ, ප්‍රජාව වෙනුවෙන් හඬක් නැඟීමට අවස්ථාව ලැබීම තමා ලද ගෞරවයක් බවත්, සමරිසි (LGBT+) ප්‍රජාවට වඩාත් ඇතුළත්භාවයෙන් යුතුව සැලකීම සහ පිළිගැනීම ලබා දීම සඳහා මීට සමාන ව්‍යාපාරයන් තවතවත් දායක වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ය.

 

නොමිලේ නීතිමය සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ (iProbono) විසින් රැගෙන යන එකට එක්ව (Better Together) ව්‍යාපාරය, සමරිසි (LGBT+) ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කොට සැලකීම් හුවා දැක්වීමට සහ එම ප්‍රජාවට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් පවත්වාගෙන යන නීතිවල ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටීම සඳහා ක්‍රීඩා, ව්‍යාපාර, දේශපාලන සහ සංස්කෘතික ආදී ක්ෂේත්‍රවල නායකයන් එකට එක්කිරීම සඳහා කටයුතු කරනු ලබයි.




''LGBT පුද්ගලයන්ට වෙනස් කොට සැලකීමට මමත් විරුද්ධයි'' - හර්ෂ ද සිල්වා


LGBT පුද්ගලයන්ට වෙනස් කොට සැලකීමට තමා විරුද්ධ බවත් LGBT ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කිරීමට අවශ්‍ය දේ තම පක්ෂය කරන බවත් හර්ෂ ද සිල්වා පවසයි.




සබැඳි ලිපි :


'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්