ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24)

පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.


දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත ඊයේ (24) පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබිණ.

LGBTQ + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් වන අතර මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බොහෝය.  

එසේම ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ළංඝනය වූ අවස්ථා ද වාර්තා වී ඇත.

ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවකි.

නමුත් නූතන මනෝ - වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකයි. එසේම දියුණු රටවල් මෙම ප්‍රජාව දණ්ඩනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.
 
 
සියලු ආකරයේ වෙනස්කොට සැළකිම් ඉවත් කිරීමටත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය ඔහුගේ කැමැත්ත පරිදි පවත්වාගෙන යාමට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් දීර්ඝ කාලයක් තිස්සෙ හඬ නැගූ මංගල සමරවීරගේ නාමයට උපහාරයක් පිණිස මෙම කෙටුම්පත ඊයේ (24) දිනයේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ කථානායක වෙත භාරදෙනු ලැබු බව දොලවත්ත මන්ත්‍රීවරයා පැවසිය.
 



තම සමලිංගික අනන්‍යතාවය ප්‍රසිද්ධියේම පිළිගත් දිවංගත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීරගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණය යෙදී තිබුනේ ඊයේ (24) දිනයේය.

ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදන සංශෝධනය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව දොලවත්ත මන්ත්‍රීවරයා පවසයි.

00005200005

ගෝඨාභයගේ මැදිහත්වීම


2021 මාර්තු 21 වැනිදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ටුවිටර් පණිවිඩයක් වෙත මෙරට සමරිසි ප්‍රජාවගේ අවධානය යොමු විය.

වෙනස්කොට සැළකීම මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනය සැමරීමට සමගාමීව එදින ඔහු නිකුත් කළ ටුවිටර් පණිවිඩය හරහා එවකට ජනාධිපතිවරයා දක්වා තිබුණේ, වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත පදනම් නොවී සෑම පුද්ගලයකුටම අභිමානයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවටයි.

එහෙත් එය හුදු වචන කිහිපයකට පමණක් සීමාවිය. එය යථාර්ථයක් බවට පත්වන නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් ඔහු විසින් ගෙන තිබුනේ නැත.

ඔහු පමණක් නොව විවිධ රජයන් විටින් විට සමලිංගික හා සමරිසි ප්‍රජාව හිරිහැරයට පත්වන නීති වෙනස්කරන බවට විවිධ අවස්ථාවන් හීදී පොරොන්දු වුවත් ඒවා පොරොන්දුවලට පමණක් සිමා වී ඇත.

DSC 9931

ශ්‍රී ලංකාවේ සමලිංගිකයින්ට හිරිහැර වන නීති මොනවාද?


ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ (1883) 365 සහ 365අ වගන්ති වලට අනුව "ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය" සාපරාධී වරදක් වන අතර ඒවා "තදබල අශෝභන ක්‍රියා" ලෙස හඳුන්වනු ලබයි.

එම වගන්තියෙන් යොදාගෙන ඇති පදවලට දණ්ඩ නිති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නොතිබුණද එකඟතාවය මත ඇතිවන ලිංගික සබඳතාද සාපරාධි කරණය කිරීමට මෙම වගන්ති දෙකම යොදාගෙන තිබේ.

මෙම අපරාධයකට වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය හරහා "ස්ත්‍රී පුරුෂ සමාජභාවය වසන් කිරීම" සාපරාධීකරණය කරනු ලබන අතර මෙය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට එරෙහිව නිතර භාවිත කරනු ලබන්නේ ජනතාව නොමඟ යැවීමේ චෝදනාවට එරෙහිව නඩු පැවරීමේ කටයුතුවලදීය.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්මතයන් හා නොගැලපෙන බාහිර පෙනුම ඇති පුද්ගලයින් බිය වැද්දීම ඔවුන්ගෙන් කප්පම් ගැනීම, රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම සඳහා පාදඩ ආඥා පනතේ (1842) අයාලේ හැසිරීමට අදාළ විධිවිධානද බොහෝ විට යොදා ගෙන තිබේ.


මෙම දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතින් කරන යෝජනා :


ප්‍රධාන ප්‍රඥප්තිය 365 වගන්තියේ "යම් පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ යන වචන ඉවත් කර එම වගන්තිය මෙයින් සංශෝධනය කිරීම."

ප්‍රධාන ප්‍රඥප්තිය 365 අ වගන්තියේ " ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමඟ, " යන වචන වලට පසුව "පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අයත් පරිවේශන යටතේ, එනම් : -

අ. ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව :

ආ. අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව:

ඇ. ඒ අනෙක් තැනැත්තා නීත්‍යාණුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරන බය හෝ තුවාල සිදු කිරීමේ බය ඇති කිරීමෙන් හෝ ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව :

ඈ. අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.

ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදනද සංශෝධනය කිරීමට මෙම පනත යෝජනා කරයි.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්