The Leader News
BREAKING
එක්නැළිගොඩ නඩුවේ සාක්ෂියට හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට●සෞඛ්‍ය හේතු මත ශිරන්ති රාජපක්ෂට ඇප හිමිවෙයි●වරාය නගරයේ වීසා ගැන ෂානක්කියන්ගෙන් විමර්ශනාත්මක අනාවරණයක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා●ශ්‍රේෂ්ඨ රතු ඔක්තෝබරය සහ ලොව හෙල්ලූ දස දවස; පොතක් සහ අපේ දේශපාලන මතක●කාවන්තිස්ස කුඹුරක ඇදවැටෙයි: ඩ්‍රෝන නිරීක්ෂණ සැලසුම් අතර බිම්මට්ටමේ අර්බුදයක්●අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න - ප්‍රංශ වැසියෝ සංක්‍රමණිකයන්ට එරෙහිව වීදි බසියි●අධිකරණ නියෝගයෙන් පසු ගාලුමුවදොර අට්ටාල ඉවත් කෙරේ●ක්‍රිෂ් නඩුව: නාමල්ගේ ඇප නියෝගය කල් යයි●
Top Ad
පුවත්

ලංකා බැංකුවේ සභාපති අස්කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ

T

The Leader Desk

August 26, 2022 • 3:02 PM

ලංකා බැංකුවේ සභාපති අස්කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය බැංකු ප්‍රධානියකු එම තනතුරෙන් ඉවත් කර වෝහාරික විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් අගනගරයේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
  • ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ සභාපති විසින් සිදු කරන ලද ඇතැම් දුෂිත ගනුදෙනු පිළිබදව රජයේ විගණකාධිපතිවරයා ලිඛිතවම තහවුරු කර ඇති බවයි.
  • සභාපතිවරයා මහජන මුදල් අවභාවිතා කරමින් අල්ලස් ලබාදීම සහ මහා කළමනාකරුට සන්තෝෂම් වශයෙන් රුපියල් ලක්ෂ 500 ක් පමණ වටිනා සුපිරි රථයක් රුපියල් ලක්ෂ 6 ට ලබාදීම විගණකාධිපති විසින් තහවුරු කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
  • "එම අපරාධයන්ට එරෙහි වීම නිසා උරණ වු සභාපතිවරයා ශාඛා සංගමය සමග බද්ධ වෛරයෙන් කටයුතු කරමින් බැංකුවේ හර පද්ධතිය විනාශ කරමින් පහත් පෙලේ පළිගැනීම් වලට යොමුව ඇති" බව ලංකා බැංකු සේවක සංගමයේ අභ්‍යන්තර විවරණිකාවක සදහන්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය බැංකු ප්‍රධානියකු එම තනතුරෙන් ඉවත් කර වෝහාරික විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් අගනගරයේදී විරෝධතාවයක් දියත් කර තිබේ.

ගෙවී ගිය වසර දෙක හමාරක පමණ කාලයක් දේශපාලනඥයන් සමග එක් වී දුෂිත ගනුදෙනු සිදු කළ බවට ලංකා බැංකුවේ සභාපති කංචන රත්වත්තේට චෝදනා කරමින් ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ලංකා බැංකු සේවක සංගමය අගෝස්තු 26 වැනි සිකුරාදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම උද්ඝෝෂණය දියත් කළ බව කොළඹ වාර්තාකරුවෝ පවසති.

ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ සභාපති විසින් සිදු කරන ලද ඇතැම් දුෂිත ගනුදෙනු පිළිබදව රජයේ විගණකාධිපතිවරයා ලිඛිතවම තහවුරු කර ඇති බවයි.

සභාපතිවරයා මහජන මුදල් අවභාවිතා කරමින් අල්ලස් ලබාදීම සහ මහා කළමනාකරුට සන්තෝෂම් වශයෙන් රුපියල් ලක්ෂ 500 ක් පමණ වටිනා සුපිරි රථයක් රුපියල් ලක්ෂ 6 ට ලබාදීම විගණකාධිපති විසින් තහවුරු කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

"එම අපරාධයන්ට එරෙහි වීම නිසා උරණ වු සභාපතිවරයා ශාඛා සංගමය සමග බද්ධ වෛරයෙන් කටයුතු කරමින් බැංකුවේ හර පද්ධතිය විනාශ කරමින් පහත් පෙලේ පළිගැනීම් වලට යොමුව ඇති" බව ලංකා බැංකු සේවක සංගමයේ අභ්‍යන්තර විවරණිකාවක සදහන්ව තිබේ.

ලංකා බැංකු සේවක සංගමය විරෝධතාවය දියත්කරමින් බල කර සිටින්නේ ලංකා බැංකුව රැක ගැනීම වෙනුවෙන් දුෂිත සභාපතිවරයා කඩිනමින් ඉවත්කර වෝහාරික විගණනයක් සිදු කරන ලෙසයි.

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...