1200 x 80 DMirror

දේශපාලනඥයන් සමග එක් වී දුෂිත ගනුදෙනු සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින

රාජ්‍ය බැංකු ප්‍රධානියකු එම තනතුරෙන් ඉවත් කර වෝහාරික විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් අගනගරයේදී විරෝධතාවයක් දියත් කර තිබේ.

ගෙවී ගිය වසර දෙක හමාරක පමණ කාලයක් දේශපාලනඥයන් සමග එක් වී දුෂිත ගනුදෙනු සිදු කළ බවට ලංකා බැංකුවේ සභාපති කංචන රත්වත්තේට චෝදනා කරමින් ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ලංකා බැංකු සේවක සංගමය අගෝස්තු 26 වැනි සිකුරාදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම උද්ඝෝෂණය දියත් කළ බව කොළඹ වාර්තාකරුවෝ පවසති.

ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ සභාපති විසින් සිදු කරන ලද ඇතැම් දුෂිත ගනුදෙනු පිළිබදව රජයේ විගණකාධිපතිවරයා ලිඛිතවම තහවුරු කර ඇති බවයි.

සභාපතිවරයා මහජන මුදල් අවභාවිතා කරමින් අල්ලස් ලබාදීම සහ මහා කළමනාකරුට සන්තෝෂම් වශයෙන් රුපියල් ලක්ෂ 500 ක් පමණ වටිනා සුපිරි රථයක් රුපියල් ලක්ෂ 6 ට ලබාදීම විගණකාධිපති විසින් තහවුරු කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

"එම අපරාධයන්ට එරෙහි වීම නිසා උරණ වු සභාපතිවරයා ශාඛා සංගමය සමග බද්ධ වෛරයෙන් කටයුතු කරමින් බැංකුවේ හර පද්ධතිය විනාශ කරමින් පහත් පෙලේ පළිගැනීම් වලට යොමුව ඇති" බව ලංකා බැංකු සේවක සංගමයේ අභ්‍යන්තර විවරණිකාවක සදහන්ව තිබේ.

ලංකා බැංකු සේවක සංගමය විරෝධතාවය දියත්කරමින් බල කර සිටින්නේ ලංකා බැංකුව රැක ගැනීම වෙනුවෙන් දුෂිත සභාපතිවරයා කඩිනමින් ඉවත්කර වෝහාරික විගණනයක් සිදු කරන ලෙසයි.

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය