සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනෙකුගෙන් ම 03 දෙනෙකු සහාය නොදක්වන බව මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද දීප ව්‍යාප්ත

සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) විසින් ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කර තිබේ.

මහජන අදහස් සහ ඔවුන්ගේ හැඟීම් නිවැරදිව පුරෝකථනය කිරීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර තලයේ අවශ්‍යතා සපුරාලන මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 51.4 ක් ම සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ හිමිකම් වැඩිදියුණු කරන නීතිවලට සහාය දක්වන බව ද පවසා තිබීම විශේෂත්වයකි.

එය හුදෙක් නිර්සාපරාධීකරණයෙන් (decriminalisation) පවා ඔබ්බට යාමක් බව පැහැදිලි වේ.  


ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 48 ක් පවසා තිබෙන්නේ, සංක්‍රාන්ති සමාජභාවී (transgender) අනන්‍යතාවයක් ඇති ජනාධිපතිවරයකු ලැබීම ඔවුනට ලැජ්ජාවට කරුණක් නොවන බවයි. මෙය ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් කෙරේ සමාජය තුළ ගොඩනැඟෙන පිළිගැනීමේ අතිවිශාල ප්‍රගතියක් පෙන්නුම් කරනු ලබයි.


තමා බෞද්ධ සහ හින්දු ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් අතර සමරිසි (LGBT+) පුද්ගලයන් සඳහා දක්වන සහාය අතිමහත් ලෙස ඉහළ මට්ටමක පවතින අතර, ක්‍රිස්තියානි භක්තික පුද්ගලයන් අතර එය සාධාරණ ලෙස ඉහළ මට්ටමක පවතී.  

සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම අවසන් කිරීමට සහ සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර ඇති පසුබිමක, මෙම පුද්ගලාවබෝධයට අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම විශේෂයෙන් වැදගත් වේ.

ඉකුත් දින නිකුත් කළ නිවේදනයක් හරහා ජනාධිපති වික්‍රමසිංහ තහවුරු කරනු ලැබුවේ, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව තම රජය විසින් ප්‍රතික්ෂේප නොකරන බවත්, ඊට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ඇති බවත් ය.

නිර්සාපරාධීකරණයට ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් තුනක්ම පාහේ සහාය ලබාදෙන පසුබිමක, ජනතා මතය පාර්ලිමේන්තුව තුළින් පරාවර්තනය වන්නේ ද, හා දොලවත්ත මන්ත්‍රීවරයාගේ යෝජනාවට ඔවුන්ගේ සහාය හිමිවන්නේ ද යන පැණය තවමත් නොවිසඳී පවතී.


සබැඳි පුවත් :

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සමරිසි (LGBT+) අයිතීන් වෙනුවෙන් ජීවන්ගේත් සහාය

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

සමරිසි පිරිමියෙක් ජනාධිපති වීම!

අමාගේ සමරිසි විරෝදේ - Faculty of Sex

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්