The Leader News
BREAKING
Top Ad
පුවත්

උද්ඝෝෂණවලට දරුවන් ගෙනියන්න එපා ! - ජාතික ළමාරක්ෂක අධිකාරිය

T

The Leader Desk

October 11, 2022 • 5:49 AM

උද්ඝෝෂණවලට දරුවන් ගෙනියන්න එපා ! - ජාතික ළමාරක්ෂක අධිකාරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
  • පසුගිය මාස කිහිපය පුරා ම කුඩා දරුවන් උද්ඝෝෂණවලට සහභාගි කොට ගත් අවස්ථා බොහෝ සංඛ්‍යාවක් පිළිබඳව වාර්තාවූ නිසා එය විශේෂ තත්ත්වයක් සේ සලකා ඒ පිළිබඳ අවධානය යොමු කරන බවද සභාපතිවරයා ‘මව්බිම’ පුවත්පත කළ විමසීමකදී සඳහන් කර තිබේ.
  • මේ සිදුවීමේදී කිසිදු පාර්ශවයක් ගැනීමට හෝ නිගමනයක් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා එම පැමිණිලි සියල්ල පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කරයි.
  • මේ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවා යම්කිසි පීඩාවකට, අපහසුතාවකට පත්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට තීරණය කොට තිබෙන බව ද සභාපතිවරයා පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය මාස කිහිපය පුරා ම කුඩා දරුවන් උද්ඝෝෂණවලට සහභාගි කොට ගත් අවස්ථා බොහෝ සංඛ්‍යාවක් පිළිබඳව වාර්තාවූ නිසා එය විශේෂ තත්ත්වයක් සේ සලකා ඒ පිළිබඳ අවධානය යොමු කරන බවද සභාපතිවරයා ‘මව්බිම’ පුවත්පත කළ විමසීමකදී සඳහන් කර තිබේ.

මේ සිදුවීමේදී කිසිදු පාර්ශවයක් ගැනීමට හෝ නිගමනයක් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා එම පැමිණිලි සියල්ල පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කරයි.

මේ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවා යම්කිසි පීඩාවකට, අපහසුතාවකට පත්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට තීරණය කොට තිබෙන බව ද සභාපතිවරයා පවසයි.

 

NCPA

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ

 

මෙයට සම්බන්ධ පාර්ශ්ව ගැන සොයා බලා යම් හෙයකින් පොලිසිය අතින් දරුවන් පීඩාවට පත්වන අයුරේ ක්‍රියා සිදුවී ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කරන්නැයි පොලිස්පතිවරයාටත්, මානව හිමිකම් කඩවී ඇත්නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමටත් දැනුම් දෙන බවත් හිතාමතා ම පීඩාවට හා හිංසාවට පත්වන අයුරින් එම ස්ථානයට මවුපියන් දරුවන් රැගෙනවිත් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කරයි.



ඒ සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේ අංශය සමඟ හා නීතිඥවරුන් සමග ඊයේ (ඔක්. 10) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.

 මීට පෙර මෙරට උද්ඝෝෂණ පැවැතියත් ඒ සඳහා ළමයින් සහභාගි කර ගැනීමේ සිද්ධි වාර්තා නොවූ බවත් පැවැති රජයට විරුද්ධව මෑත කාලයේ සංවිධානය කළ උද්ඝෝෂණවලදී මෙවන් සිදුවීම් වාර්තා වූ බවත් හෙතෙම සඳහන් කරයි.

කුඩා දරුවන්ට එම විරෝධතා පවත්වන්නේ කුමක් සඳහා දැයි කිසිදු අවබෝධයක් නොමැති බව ද සභාපතිවරයා කියා සිටියි.

ඔවුන් ඒ සඳහා සහභාගි වන්නේ ඔවුන් විසින් තීරණය කොට විරෝධතා දැක්වීමේ අරමුණින් නොව මවුපියන් හෝ භාරකරුවන් කුඩා දරුවන් ඒ සඳහා රැගෙන යන නිසා යැයි පවසන ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයා, ඇතැම් අවස්ථාවල පාසල් ගුරුවරු පවා මෙවන් විරෝධතා සඳහා පාසල් දරුවන් සහභාගි කරගත් සිදුවීම් වාර්තා වූ බව ද සඳහන් කරයි.

 

ළමයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දේශීය වශයෙන් ඇති ජාතික නීති පිළිබඳව සහ දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එළැඹ ඇති ජාත්‍යන්තර සම්මුති පිළිබඳව ද අවධානය යොමු කරමින් ඒ මත පදනම් වී තම නිරීක්‍ෂණ හා නිර්දේශ ඉදිරිපත් කරන බවත්, ඒ අනුව කටයුතු කරන බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයා සහතික වේ.

 

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ප්‍රකාරව ළමයින් සම්බන්ධයෙන් සියලු ක්‍රියාකාරකම්වලදී, පෞද්ගලික, සුබසාධන, සමාජ, ආයතනික, නීතිය ක්‍රියාත්මක කිරීම් අධිකරණ, ආරක්‍ෂක අංශ හෝ ව්‍යවස්ථාදායක ආදී කවර හෝ පාර්ශවයක් ළමයින්ට අදාළව හෝ ළමයින් සම්බන්ධ කටයුතු කරනවා නම් ළමයාගේ උපරිම යහපත සැලසෙන අයුරින් ක්‍රියාකළ යුතු යැයි දැක්වෙන බවද හෙතෙම අවධාරණය කර සිටියි.

විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාළි ආදියෙහිදී විවිධාකාරයේ නොසන්සුන්තා, ගැටුම් ඇතිවන නිසා ඒවාහිදී ආරක්‍ෂා වීමට දරුවන්ට අවබෝධයක් නැතැයිද අඩු තරමේ දරුවන් රැගෙන යන මවුපියන්ට, භාරකරුවන්ට පවා අවස්ථානුකූලව කටයුතු කිරීමට නොහැකි අවස්ථා උදාවනු ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

මෙවන් තැන්වලට දරුවන් රැගෙන යෑමෙන් ඔවුන් අනතුරුවලට, පීඩාවට හා ජීවිත අවදානමට පවා ලක්විය හැකි බව පවසන සභාපතිවරයා, ඒ පිළිබඳව දරුවන් නොදැන සිටියාට වැඩිහිටියන් ඒ බව දන්නේ යැයිද අවධාරණය කරයි.

එම නිසා ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂවලින්, උද්ඝෝෂකයන්ගෙන්, විරෝධය දක්වන පිරිස්වලින්, විවිධ සමාජ කණ්ඩායම්වලින්, ස්වේච්ඡා සංවිධානවලින් ආදී කවර හෝ එකමුතු පාර්ශවවලින් දරුවන් මෙවන් තැන්වලට රැගෙන යාමෙන් වළකින්නැයි ද මෙය නීතියෙන් කරනු ලබන නියෝගයකට වඩා ළමයාගේ උපරිම යහපත සැලසීම සඳහා කරනු ලබන ඉල්ලීමක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

sdfsdf

සමාජ මාධ්‍ය තුළ පළකර තිබූ තවත් පෝස්ටුවක්....

 

සබැඳි පුවත් :


ළමයි පලිහක් විදිහට පාවිච්චි කිරීමක්!


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...