The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

බදුල්ලේ මළ වතු කම්කරුවාගේ දේහය කොළඹ විරෝධයකට ගෙන ඒමේ අවදානමක්

T

The Leader Desk

October 14, 2022 • 4:41 AM

බදුල්ලේ මළ වතු කම්කරුවාගේ දේහය කොළඹ විරෝධයකට ගෙන ඒමේ අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරිපිට විරෝධය දක්වන බවට වතු වෘත්තීය සමිතියක් අනතුරු අඟවා තිබේ.
  • නමුනුකුල වැවිලි සමාගමට අයත් පස්සර කනවරැල්ල වත්තේ විසි එක් හැවිරිදි හර්ෂන් ගනේෂමුර්ති නමැති තරුණ වතු කම්කරුවා මිය ගොස් ඇත්තේ පාලකයන් විසින් විදුලි නඩත්තුවක් සඳහා බලහත්කාරයෙන් යෙදවීමෙන් අනතුරුව විදුලි සැර වැදීමෙනි.
  • ඔක්තෝබර් 9 වැනිදා විදුලි සැර වැදීමෙන් මියගිය මෙම තරුණ කම්කරුවාගේ පවුලේ අය විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සඳහා CWC පූර්ණ සහය ලබාදෙන බවට ද ඔහු පවසයි.
  • අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සම්පූර්ණ වියදම පමණක් දැරීමට වතු කළමනාකාරිත්වයේ තීරණයට එරෙහිවූ CWC සභාපති තොණ්ඩමාන් කියා සිටියේ මරණයට වන්දි නොගවන්නේ නම් ඔහුගේ මළ සිරුර කම්හලේ තැන්පත් කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිපිට විරෝධය දක්වන බවට වතු වෘත්තීය සමිතියක් අනතුරු අඟවා තිබේ.

නමුනුකුල වැවිලි සමාගමට අයත් පස්සර කනවරැල්ල වත්තේ විසි එක් හැවිරිදි හර්ෂන් ගනේෂමුර්ති නමැති තරුණ වතු කම්කරුවා මිය ගොස් ඇත්තේ පාලකයන් විසින් විදුලි නඩත්තුවක් සඳහා බලහත්කාරයෙන් යෙදවීමෙන් අනතුරුව විදුලි සැර වැදීමෙනි.

 

''මරණය වෙනුවෙන් රුපියල් කෝටි එකයි ලක්ෂ දෙකක වන්දියක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම වතු කළමනාකාරවරයාත් කර්මාන්තශාලා නිලධාරියාත් වහාම ස්ථාන මාරු කරන්න ඕනේ. මේ  කොන්දේසිවලට අවනත වෙන්නේ නැත්නම්, මිනියත් අරන් අපි නමුණුකුල  වැවිලි සමාගමේ කොළඹ තියෙන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වනවා,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් අනතුරු අඟවයි.

 

ඔක්තෝබර් 9 වැනිදා විදුලි සැර වැදීමෙන් මියගිය මෙම තරුණ කම්කරුවාගේ පවුලේ අය විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සඳහා  CWC පූර්ණ සහය ලබාදෙන බවට ද ඔහු පවසයි.

අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සම්පූර්ණ වියදම පමණක් දැරීමට වතු කළමනාකාරිත්වයේ තීරණයට එරෙහිවූ CWC සභාපති තොණ්ඩමාන් කියා සිටියේ මරණයට වන්දි නොගවන්නේ නම් ඔහුගේ මළ සිරුර කම්හලේ තැන්පත් කරන බවයි.

පසුව මියගිය අයගේ පවුලට ලක්ෂ 15 ක වන්දියක් ගෙවීමට පාලනාධිකාරිය එකඟ වී තිබේ.

''ඒ  මුදල ප්‍රමාණවත් නැහැ. අවුරුදු  21 දී ගනේෂමුර්ති මැරුනේ. තවත් අවුරුදු  34කට වඩා වැඩි කාලයක් වත්තේ වැඩ කරන්න පුළුවන් කමක් එයාට තිබුණා. දැනට ලැබෙන රුපියල් 1000 පඩිය අනුව ගණන් කළොත් රුපියල් කෝටි 1 ලක්ෂ 2ක් ගෙවන්න ඕනෑ,'' යැයි  විරෝධය දක්වමින් ලංකා කම්කරු කොංග්‍රස් සභාපති සෙන්දිල් තොණ්ඩමන් පෙන්වා දෙයි.

විදුලි කාර්මික ශිල්පය ගැන කිසිදු විශේෂඥ දැනුමක් නොමැති සාමන්‍ය කම්කරුවකු වූ ගනේශමුර්ති බලහත්කාරයෙන් විදුලි අලුත්වැඩියාවට  යොදා ගත්තේද යන්න ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු ඇමැති මනුෂ නානායක්කාර විසින් අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස් ජෙනරාල්ට නියෝග කර තිබේ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...