The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ලංකාවේ ලොකුම සමූහ මිනීවලේ විභාග නැවත අරඹන දවස කවදා ද?

T

The Leader Desk

October 18, 2022 • 11:25 AM

ලංකාවේ ලොකුම සමූහ මිනීවලේ විභාග නැවත අරඹන දවස කවදා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනය ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.
  • එස් ඉබ්දුල්ලා විසින් ඔක්තෝබර් 17 වැනිදා එම නියෝගය කළ බව පළාත් බද අධිකරණ වාර්තාකරුවෝ පවසති.
  • දරුවන් 28 දෙනකු ඇතුලු තුන්සියයකට අධික ගැහැණු සහ පිරිමි ඇට සැකිලි හමුවූ මන්නාරම සමුහ මිනී වලේ කැනීම් කටයුතු යළි ආරම්භ කරන ලෙස මන්නාරම අධිකරණය විසින් 2022 පෙබරවාරි 22දා නියෝග කරන ලද්දේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමිනි.
  • මන්නාරම සතොස භූමියෙන් 2018 මැයි මාසයේ මිනිස් ඇටකටු හමුවීමෙන් අනතුරුව ආරම්භ කළ කැනීම් කටයුතු එයින් අවුරුද්දකට පසු නවතා දමන ලද්දේ මාස තුනකට පමණෙකියි ප්‍රකාශයට පත් කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනය ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.


මන්නාරම මහේස්ත්‍රාත් ඒ. එස් ඉබ්දුල්ලා විසින් ඔක්තෝබර් 17 වැනිදා එම නියෝගය කළ බව පළාත් බද අධිකරණ  වාර්තාකරුවෝ පවසති.


දරුවන් 28 දෙනකු ඇතුලු තුන්සියයකට අධික ගැහැණු සහ පිරිමි ඇට සැකිලි හමුවූ මන්නාරම සමුහ මිනී වලේ කැනීම් කටයුතු යළි ආරම්භ කරන ලෙස මන්නාරම අධිකරණය  විසින් 2022  පෙබරවාරි 22දා නියෝග කරන ලද්දේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමිනි.

 

මන්නාරම සතොස භූමියෙන් 2018 මැයි මාසයේ මිනිස් ඇටකටු හමුවීමෙන් අනතුරුව ආරම්භ කළ කැනීම් කටයුතු එයින් අවුරුද්දකට පසු නවතා දමන ලද්දේ මාස තුනකට පමණෙකියි ප්‍රකාශයට පත් කරමිනි. එසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාවට බාර දීමෙන් පසුත්, පැහැරගෙන යාමෙන් පසුත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඉල්ලා සිටින තුරු කැනීම් කටයුතු ආරම්භ කෙරුනේ නැත.

 

මන්නාරම සතොස සමුහ මිනීවලේ කැනීම් කටයුතු සිදුකළ  වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ ඊයේ දිනයේ අධිකරණයට දැනුම් දී ඇත්තේ  විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීම සදහා වන වියදම් ඇතුළු විස්තර වාර්තාවක් මැයි 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි.


විමර්ශන කටයුතු යළි ඇරඹීම සදහා  අවශ්‍ය මුදල්  සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතීනම්  අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP)හරහා මුදල් සොයා දීමේ හැකියාවක් පවතින බව  (OMP) කාර්යාලය නියෝජනය කරමින් අධිකරණයට පැමිණ සිටි නීතිඥයා පැවසු බව අධිකරණ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.


නීතිඥ  වී.එස් නිරන්ජන්  අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර ඔහු පවසා ඇත්තේ සමූහ මිනී වලේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමට තම පාර්ශවයේ සහාය හිමි වන බවයි.


අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස තීන්දු කරමින් මන්නාරම සතොස සමුහ මිනීවලේ කැනීම් කටයුතු සිදුකෙරෙන බව වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ විමර්ශන කටයුතු සිදුකෙරෙන 190 වැනි දිනයේදී මාධ්‍යවේදීන්ට කියා තිබුනි.

 

මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ගොඩගත් අස්ථි කොටස් හයක් පරීක්ෂා කළ ෆ්ලොරීඩාවේ, මියාමි හි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය විසින් නිගමනය කොට තිබුනේ ඒවා ක්‍රිස්තු වර්ෂ 1404 ත් 1635 ත් අතර සියවස් ගණනක කාල පරාසයකට අයත් බවය.

 

එම නිගමනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව සමූහ මිනිවළෙහි කාලය පිළිබඳ විශ්වසනීය නිගමනයකට එළැඹිය හැකි මිනිස් අස්ථි කොටස් සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ සිය ගණනක් සම්බන්ධයෙන් 2019 ජූලි මාසයේ  අලුතින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.


මේ තාක් හමුවූ ඇටකටු අතරින් සමහරක ගැඹුරු කැපුම් තුවාල දැකගත හැකි වූ අතර එකට ගැටගසා තිබුණු ආකාරයක් දිස්වන අස්ථි කොටස් ද සමූහ මිනී වලෙන් සොයා ගෙන තිබුණි.

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...