leader s

තිස්පස් වසරකට පෙර විදේශීය හමුදා ප්‍රහාරයකින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ තවත් නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී

අනුස්මරණය කර තිබේ.                                  


ප්‍රහාරයට චෝදනා ලබන්නේ ඉන්දීය සාමසාධක හමුදාවයි.


ඝාතනයට ලක්වුවන් හතලිස් දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පවුල් වල ඥාතීන් විසින් ඔක්තෝබර් 16 වැනිදා හවස් යාමයේ යාපනය උරුම්පිරායි කලෙයිවාන් විදියේදී මෙම අනුස්මරණය සිදු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.


මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.

03020405

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 16 වැනිදා රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව විසින් යාපනය, කොන්ඩාවිල් ඩිපෝව ආසන්නයේදී   දෙමළ වැසියන් 40 දෙනකු ඝාතනයට ලක් කළ බවයි.


යාපනය හින්දු විද්‍යාලයේ ඒ. බාලකුමාර් නමැති පාසල් සිසුවකු ඇතුළු කුඩා දරුවන් හා කාන්තාවන්ද එම පිරිසට අයත් බව ඔවුහු වැඩි දුරටත් පවසති.


ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් සාම සාධනය සඳහා යැයි පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් 1987  ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.


එම සමූහ ඝාතන මාලාවකට ඉන්දීය හමුදා මුල පුරා ඇත්තේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුවයි.

 

ඉන්දීය හමුදාවේ සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් පස් වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

 

ඉන්දීය මැදිහත් වීමෙන් බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වී පසුකලෙක එයින් එක් ශ්‍රී ලාංකික ආණ්ඩුවක අමාත්‍ය පදවි ද ඉසිලූ ජනතා විමුක්ති පෙරමුණ ද, “වඳුරු හමුදා” නමින් සමච්චලයට ලක්කළ ඉන්දීය හමුදා විසින් උතුරේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා දෙන්නට කිසිත් කර නැත.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil