The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ආණ්ඩුව කැඳවාගත් විදේශීය හමුදාවකින් ඝාතනය කළ තිස්පහක් සැමරේ

T

The Leader Desk

October 21, 2022 • 11:48 AM

ආණ්ඩුව කැඳවාගත් විදේශීය හමුදාවකින් ඝාතනය කළ තිස්පහක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රහාරයට චෝදනා ලබන්නේ ඉන්දීය සාමසාධක හමුදාවයි.
  • ඝාතනයට ලක්වුවන් හතලිස් දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පවුල් වල ඥාතීන් විසින් ඔක්තෝබර් 16 වැනිදා හවස් යාමයේ යාපනය උරුම්පිරායි කලෙයිවාන් විදියේදී මෙම අනුස්මරණය සිදු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 16 වැනිදා රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව විසින් යාපනය, කොන්ඩාවිල් ඩිපෝව ආසන්නයේදී දෙමළ වැසියන් 40 දෙනකු ඝාතනයට ලක් කළ බවයි.
  • බාලකුමාර් නමැති පාසල් සිසුවකු ඇතුළු කුඩා දරුවන් හා කාන්තාවන්ද එම පිරිසට අයත් බව ඔවුහු වැඩි දුරටත් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුස්මරණය කර තිබේ.                                  


ප්‍රහාරයට චෝදනා ලබන්නේ ඉන්දීය සාමසාධක හමුදාවයි.


ඝාතනයට ලක්වුවන් හතලිස් දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පවුල් වල ඥාතීන් විසින් ඔක්තෝබර් 16 වැනිදා හවස් යාමයේ යාපනය උරුම්පිරායි කලෙයිවාන් විදියේදී මෙම අනුස්මරණය සිදු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.


මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.

03020405

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 16 වැනිදා රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව විසින් යාපනය, කොන්ඩාවිල් ඩිපෝව ආසන්නයේදී   දෙමළ වැසියන් 40 දෙනකු ඝාතනයට ලක් කළ බවයි.


යාපනය හින්දු විද්‍යාලයේ ඒ. බාලකුමාර් නමැති පාසල් සිසුවකු ඇතුළු කුඩා දරුවන් හා කාන්තාවන්ද එම පිරිසට අයත් බව ඔවුහු වැඩි දුරටත් පවසති.


ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් සාම සාධනය සඳහා යැයි පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් 1987  ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.


එම සමූහ ඝාතන මාලාවකට ඉන්දීය හමුදා මුල පුරා ඇත්තේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුවයි.

 

ඉන්දීය හමුදාවේ සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් පස් වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

 

ඉන්දීය මැදිහත් වීමෙන් බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වී පසුකලෙක එයින් එක් ශ්‍රී ලාංකික ආණ්ඩුවක අමාත්‍ය පදවි ද ඉසිලූ ජනතා විමුක්ති පෙරමුණ ද, “වඳුරු හමුදා” නමින් සමච්චලයට ලක්කළ ඉන්දීය හමුදා විසින් උතුරේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා දෙන්නට කිසිත් කර නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...