leader s

ඉන්දියාවේ තහනමට ලක් වූ  මුහුදු කූඩැල්ලන් ගොවි පොළ උතුරු මුහුදේ පිහිටුවීමට එරෙහිව ධීවර ජනයාගේ විරෝධය එල්ල වී තිබේ.

 


'' උතුරු මුහුදේ  මත්ස්‍ය සම්පත විනාශ කරලා. මුහුදු කුඩලු ගොවිපලවල් දානවා. මේවා ඉන්දියාවේ තහනම් කරලා තියෙන්නේ. දැන් අපේ මුහුදේ ගෙනත් දානවා,'' යැයි යාපනය දිසා ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නරාසා පවසයි.

යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී  ධීවර නායකයා කියා සිටියේ මුහුදු කූඩැල්ලන් බෝකිරීම තහනම් කිරීමට අර්ධද්වීපයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් මැදිහත් විය යුතු බවයි.

'' පසුගිය සුමානේ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ඇවිත් මන්නාරමේ  ඔලෙයිතුඩුවායි හි මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න යන එක ගැන අපේ විරෝධය පළ කරනවා. ඉන්දියාවේ තහනම් දේවල් මෙහෙ ගෙනත් අපේ ජීවනෝපාය විනාශ කරන්න එපා කියලා අපි ඉන්දියාවෙන් ඉල්ලනවා.''

cxvxfg
යාපනය දිසා  ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති අන්නාලිංගම් අන්නාරාසා අනතුරු අඟවන්නේ උතුරු මුහුදේ සීග්‍රයෙන් වැඩි වන මුහුදු කූඩැල්ලන්   ගොවිපළ නිසා තව වසර කිහිපයකින් ජනතාවට අවශ්‍ය මාළු ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි.


'' සමහරු හිතන්නේ  මතුපිට මුහුද හිස් නම්, ඒකෙ මුහුදු කුඩල්ලෝ හදන්න බැරි මොකද කියලා. යාපනය අර්ධද්වීපය කුඩා ප්‍රදේශයක් වුනත් මුහුද අපේ මුතුන් මිත්තන්ගේ සිට ඉස්සන් හොඳින් බෝවෙන ස්වභාවික ස්ථානයක්. මේ මුහුදු කුඩල්ලෝ වගා නිසා ඒ සම්පත් අපිට අහිමි වීම වැඩි ඈතක නැහැ.''

යාපනේ මුහුදේ පමණක් නොවේ කිලිනොච්චි පුනගරි මුහුදත් කුඩල්ලන් වගාවට නතුවී ඇති බව ධීවර නායක අන්නරාසා පවසයි.

පුනගරී, කිරාවන් සහ ඉලවන්කුඩා ප්‍රදේශවල නීති විරෝධිව තනා ඇති  මුහුදූ කූඩැල්ලන් ගොවිපළ හේතුවෙන් තම ජිවන මාර්ග ඇහිරී ඇති බැවින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දිවි ගෙවීම අසීරු බැවින් ඒවා වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශයේ සුළු පන්න ධීවරයෝ අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ.

පුනගරි සුළු පන්න ධීවරයෝ  පවසන්නේ වසර ගණනාවක සිට සිය ජීවිකාව වෙනුවෙන්  ඉස්සන් හා කකුළුවන් අල්ලා ගත් නමුත් මුහුදු කුඩල්ලන් වගාව නිසා මත්ස්‍ය ඇතුළු සෙසු සාගර සම්පත් විනාශ වන බවයි.

Fish 1

Fish 3

Fish 2

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්