The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

මුහුදු කූඩලු ගොවිපලවල් උතුරේ ධීවර කර්මාන්තයේ ලේ උරා බෝයි

T

The Leader Desk

October 22, 2022 • 5:20 AM

මුහුදු කූඩලු ගොවිපලවල් උතුරේ ධීවර කර්මාන්තයේ ලේ උරා බෝයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • '' උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ කරලා.
  • දැන් අපේ මුහුදේ ගෙනත් දානවා,'' යැයි යාපනය දිසා ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නරාසා පවසයි.
  • යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී ධීවර නායකයා කියා සිටියේ මුහුදු කූඩැල්ලන් බෝකිරීම තහනම් කිරීමට අර්ධද්වීපයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් මැදිහත් විය යුතු බවයි.
  • '' සමහරු හිතන්නේ මතුපිට මුහුද හිස් නම්, ඒකෙ මුහුදු කුඩල්ලෝ හදන්න බැරි මොකද කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

 


'' උතුරු මුහුදේ  මත්ස්‍ය සම්පත විනාශ කරලා. මුහුදු කුඩලු ගොවිපලවල් දානවා. මේවා ඉන්දියාවේ තහනම් කරලා තියෙන්නේ. දැන් අපේ මුහුදේ ගෙනත් දානවා,'' යැයි යාපනය දිසා ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නරාසා පවසයි.

යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී  ධීවර නායකයා කියා සිටියේ මුහුදු කූඩැල්ලන් බෝකිරීම තහනම් කිරීමට අර්ධද්වීපයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් මැදිහත් විය යුතු බවයි.

'' පසුගිය සුමානේ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ඇවිත් මන්නාරමේ  ඔලෙයිතුඩුවායි හි මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න යන එක ගැන අපේ විරෝධය පළ කරනවා. ඉන්දියාවේ තහනම් දේවල් මෙහෙ ගෙනත් අපේ ජීවනෝපාය විනාශ කරන්න එපා කියලා අපි ඉන්දියාවෙන් ඉල්ලනවා.''

cxvxfg
යාපනය දිසා  ධීවර සමුපකාර සමිති සම්මේලනයේ සභාපති අන්නාලිංගම් අන්නාරාසා අනතුරු අඟවන්නේ උතුරු මුහුදේ සීග්‍රයෙන් වැඩි වන මුහුදු කූඩැල්ලන්   ගොවිපළ නිසා තව වසර කිහිපයකින් ජනතාවට අවශ්‍ය මාළු ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි.


'' සමහරු හිතන්නේ  මතුපිට මුහුද හිස් නම්, ඒකෙ මුහුදු කුඩල්ලෝ හදන්න බැරි මොකද කියලා. යාපනය අර්ධද්වීපය කුඩා ප්‍රදේශයක් වුනත් මුහුද අපේ මුතුන් මිත්තන්ගේ සිට ඉස්සන් හොඳින් බෝවෙන ස්වභාවික ස්ථානයක්. මේ මුහුදු කුඩල්ලෝ වගා නිසා ඒ සම්පත් අපිට අහිමි වීම වැඩි ඈතක නැහැ.''

යාපනේ මුහුදේ පමණක් නොවේ කිලිනොච්චි පුනගරි මුහුදත් කුඩල්ලන් වගාවට නතුවී ඇති බව ධීවර නායක අන්නරාසා පවසයි.

පුනගරී, කිරාවන් සහ ඉලවන්කුඩා ප්‍රදේශවල නීති විරෝධිව තනා ඇති  මුහුදූ කූඩැල්ලන් ගොවිපළ හේතුවෙන් තම ජිවන මාර්ග ඇහිරී ඇති බැවින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දිවි ගෙවීම අසීරු බැවින් ඒවා වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශයේ සුළු පන්න ධීවරයෝ අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ.

පුනගරි සුළු පන්න ධීවරයෝ  පවසන්නේ වසර ගණනාවක සිට සිය ජීවිකාව වෙනුවෙන්  ඉස්සන් හා කකුළුවන් අල්ලා ගත් නමුත් මුහුදු කුඩල්ලන් වගාව නිසා මත්ස්‍ය ඇතුළු සෙසු සාගර සම්පත් විනාශ වන බවයි.

Fish 1

Fish 3

Fish 2

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...