The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

මන්නාරමේ තෙල් හිඟය නිසා මාළු නැතිව ධීවරයන් අමාරුවේ

T

The Leader Desk

October 22, 2022 • 7:39 AM

 මන්නාරමේ තෙල් හිඟය නිසා මාළු නැතිව ධීවරයන් අමාරුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පිඩාවට පත් මන්නාරම -වන්කාලේ ගම්මානයේ ධීවරයන් පල්ලිමුණේ ධීවර දෙපාර්තමේන්තු කාර්යාලයට අඟහරුවාදා [18] විරෝධතා පා ගමනින් පැමිණ තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් බාර දුන් බව එහි ගිය ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ පවසති.
  • නානට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් නව සියයක් වෙසෙන වන්කාලේ ගම්මානයේ මෝටර් බෝට්ටු 420 ක් යොදා ගනිමින් ධීවර කර්මාන්තය කෙරෙන අතර සෙසු ගැටළු අතරේ මුලිකම ප්‍රශ්නය වන්නේ ඉන්ධන හිඟයයි.
  • වන්කාලේ ගම්වැසි ධීවරයන් සදහන් කරන්නේ ඉන්ධන බෙදා දුන්නත්, කර්මාන්තයක් ලෙස කරගෙන යාමට ලබා දෙන ප්‍රමාණය නොසෑහෙන බවයි.
  • '' දින 10කට වරක් භූමිතෙල් ලීටර් 5ක් ලබා දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පිඩාවට පත් මන්නාරම -වන්කාලේ ගම්මානයේ ධීවරයන් පල්ලිමුණේ ධීවර දෙපාර්තමේන්තු කාර්යාලයට අඟහරුවාදා [18] විරෝධතා පා ගමනින් පැමිණ තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් බාර දුන් බව එහි ගිය ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ පවසති.

නානට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් නව සියයක් වෙසෙන වන්කාලේ ගම්මානයේ මෝටර් බෝට්ටු 420 ක් යොදා ගනිමින් ධීවර කර්මාන්තය කෙරෙන අතර සෙසු ගැටළු අතරේ මුලිකම ප්‍රශ්නය වන්නේ ඉන්ධන හිඟයයි.

වන්කාලේ  ගම්වැසි ධීවරයන් සදහන් කරන්නේ ඉන්ධන බෙදා දුන්නත්, කර්මාන්තයක් ලෙස කරගෙන යාමට ලබා දෙන ප්‍රමාණය නොසෑහෙන බවයි.

'' දින 10කට වරක් භූමිතෙල් ලීටර් 5ක් ලබා දෙනවා. නමුත් මුහුදු යන්න ප්‍රමාණවත් ඉන්ධන අපට නැහැ. බෝට්ටුවකට වැඩට යන්න අවම වශයෙන් ඉන්ධන ලීටර් 50 ක් ඕනේ වෙනවා.''

''පෙට්ට්‍රල් ෂෙඩ් වලට දෙන භූමිතෙල් හොර පාරෙන් කළු කඩේ විකුණනවා. ඒක අරන් වැඩට යන්න රුපියල් 800ක් දෙන්න ඕන.''

ධීවර දෙපාර්තමේන්තු කාර්යාලයට සංදේශය බාර දුන් ධීවරයෝ මන්නාරම කච්චේරිය වෙත පෙළපාලියකින් ගොස් එහි පිටපතක් දිස්ත්‍රික් ලේකම්වරයා හරහා ධීවර ඇමැතිට යොමුකරන ලෙස ඉල්ලා ඇත.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...