leader s

දිනෙන් දින උග්‍ර වන ආර්ථිකය හමුවේ තම ජීවිකාව කරගෙන යාමට නිසි පරිදි ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා මන්නාරමේ ධීවරයෝ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පිඩාවට පත් මන්නාරම -වන්කාලේ ගම්මානයේ ධීවරයන් පල්ලිමුණේ ධීවර දෙපාර්තමේන්තු කාර්යාලයට අඟහරුවාදා [18] විරෝධතා පා ගමනින් පැමිණ තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් බාර දුන් බව එහි ගිය ප්‍රදේශයේ මාධ්‍යවේදියෝ පවසති.

නානට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් නව සියයක් වෙසෙන වන්කාලේ ගම්මානයේ මෝටර් බෝට්ටු 420 ක් යොදා ගනිමින් ධීවර කර්මාන්තය කෙරෙන අතර සෙසු ගැටළු අතරේ මුලිකම ප්‍රශ්නය වන්නේ ඉන්ධන හිඟයයි.

වන්කාලේ  ගම්වැසි ධීවරයන් සදහන් කරන්නේ ඉන්ධන බෙදා දුන්නත්, කර්මාන්තයක් ලෙස කරගෙන යාමට ලබා දෙන ප්‍රමාණය නොසෑහෙන බවයි.

'' දින 10කට වරක් භූමිතෙල් ලීටර් 5ක් ලබා දෙනවා. නමුත් මුහුදු යන්න ප්‍රමාණවත් ඉන්ධන අපට නැහැ. බෝට්ටුවකට වැඩට යන්න අවම වශයෙන් ඉන්ධන ලීටර් 50 ක් ඕනේ වෙනවා.''

''පෙට්ට්‍රල් ෂෙඩ් වලට දෙන භූමිතෙල් හොර පාරෙන් කළු කඩේ විකුණනවා. ඒක අරන් වැඩට යන්න රුපියල් 800ක් දෙන්න ඕන.''

ධීවර දෙපාර්තමේන්තු කාර්යාලයට සංදේශය බාර දුන් ධීවරයෝ මන්නාරම කච්චේරිය වෙත පෙළපාලියකින් ගොස් එහි පිටපතක් දිස්ත්‍රික් ලේකම්වරයා හරහා ධීවර ඇමැතිට යොමුකරන ලෙස ඉල්ලා ඇත.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil