The Leader News
BREAKING
Top Ad
පුවත්

''ගෝඨාබය එනවට පට්ට බයයි, සජිත්ට ඡන්දය දෙන්න'' - ගායන ශිල්පී සුනිල් පෙරේරා (VIDEO)

T

The Leader Desk

November 11, 2019 • 7:01 AM

 ''ගෝඨාබය එනවට පට්ට බයයි, සජිත්ට ඡන්දය දෙන්න'' - ගායන ශිල්පී සුනිල් පෙරේරා (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'පුරවැසි බලය' සංවිධානයේ රැස්වීමක දී එම ඉල්ලීම කළ සුනිල් පෙරේරා, තවදුරටත් මෙසේද පැවසිය.
  • අපි පෙළගැසිලා ඉන්නේ කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහත්තයා දිනවන්න. ''ඒගොල්ලෝ විවේචනයට කැමැති නැහැ'' අනිත් පාර්ශවය ආවොත් ඇත්තටම හරිම කරදර වෙනවා මොකද ඒගොල්ලෝ විවේචනයට කැමැති නැහැ.
  • මේ පර්මිට් දෙන එකට මම විරුද්ධයි.
  • වැරදිනම් මේන්න මේක වැරදියි. රජයේ සේවකයෝ හැමෝම 55 න් විශ්‍රාම යන්න ඕනේ කියලා නීතියක් තියෙනවා නම් දේශපාලඥයෝ ඇයි ඉන්නේ 55 පහුවෙනකන්.
අකුරු ප්‍රමාණය (Font Size):


'පුරවැසි බලය' සංවිධානයේ රැස්වීමක දී එම ඉල්ලීම කළ සුනිල් පෙරේරා, තවදුරටත් මෙසේද පැවසිය.

''මේ සැරේ ඡන්දය අපි කුරුටුගාන්න කියලා හිටියේ. එහෙම නැත්නම් ස්වාධීන අපේක්ෂකයෙකුට, රොහාල් පල්ලේවත්ත හරි කාටහරි දෙනවා කියලා. නමුත් ඉන්පස්සේ ගෙදර කට්ටියත් සියලු දෙනාම එකතුවෙලා තීරණය කෙරුවා වෙන මොකවත් නිසා නෙවෙයි බය නිසා, බය බය බය පට්ට බය, එක අපේක්ෂකයෙකුට පට්ට බයයි. 

ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක්නේ ඉන්නේ. එක අපේක්ෂකයෙකුට බය නිසා ස්වාධීන අපේක්ෂකයෙකුට අපි දුන්නා කියමුකෝ එහෙම දුන්නොත් අර අපි බය තියෙන අපේක්ෂකයාට වාසිදායකයි. එතකොට අපි කොහෙට දුන්නත් ඡන්දය වෙන කෙනෙකුට දුන්නත් එතන සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්ද අඩුවෙනවා.

 අපි වෙන කෙනෙකුට දුන්නොත් ස්වාධීන කට්ටිය දිනන්නෙත් නැහැ නමුත් අපි ඔහේ දෙනවා කළකිරීමෙන් ගිහිල්ලා. මම කිසිම පක්ෂයක් එක්ක බද්දවෙලා නැහැ. දැනටත් කිසිම පක්ෂයක් එක්ක සම්බන්ධවෙලා නැහැ. පුරවැසි බලය කියන්නේ එක්සත් ජාතික පක්ෂය එක්කවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත්, පොහොට්ටුව එක්කවත් නෙවෙයි අපි ස්වාධීන කණ්ඩායමක්. 

මේ ස්වාධීන කණ්ඩායමේ මේගොල්ලෝ බයයි. අපි පෙළගැසිලා ඉන්නේ කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහත්තයා දිනවන්න. 

''ඒගොල්ලෝ විවේචනයට කැමැති නැහැ''

අනිත් පාර්ශවය ආවොත් ඇත්තටම හරිම කරදර වෙනවා මොකද ඒගොල්ලෝ විවේචනයට කැමැති නැහැ. මම දන්නා හැටියට මට දැනිලා තියෙන හැටියට වෛර බඳිනවා. දැනටත් බලය තිබුණත් නැති වුණත් පවතින රජයෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. පවතින රජයේ ඉහළම සිටින අයට මම පඔයා කියලා තියෙනවා ගමරාළ කියලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගෙන් කිසිම කරදරයක් වෙලා නැහැ ගහන්න එන්නේ නැහැ පොලු අරගෙන එහෙම. මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. 

නමුත් අනිත් පැත්තේ බලය නැති  වුණත් බොහොම දරදඬු මැර කල්ලි ඉන්නේ. ලඟටම ඇවිල්ලා කියනවා 'අඩෝ උඔ දැගනින් කට ඇරලා තිබුණොත් බලාගන්නම්' කියලා. එහෙම කරන එක හරි නෑනේ. හැමදේම සාමකාමීව විසඳගන්න ඕනේ. 

මම හැමදාමත් කිව්වේ දේශපාලන පක්ෂවල තියෙන හොඳ නැති දේවල් අයින් කරන්න ඕන කියාලා, මේ  පැත්තෙන් අනික් පැත්තට පනින එක නවත්වන්න ඕනේ කියලා. මම කැමති නැහැ ඒකට. මේ පර්මිට් දෙන එකට මම විරුද්ධයි. දේශපාලනයෙන් මේවා අයින් කරන්න ඕනේ. ඉතින් ඔවැනි දේවල් තමයි මම එදා ඉඳන් කිව්වේ.  එහෙම නැත්නම් අහවල් මහත්තයාට විරුද්ධව අහවල් මහත්තයා එක්ක මට පට්ට තරහක් කියලා දෙයක් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් එහෙම දේවල් කියනකොට ඒගොල්ලෝ මා එක්ක පට්ට තරහයි.

''කතා කිරීමේ නිදහස සදාකාලිකවම තියාගන්න ඕනේ ''

 ඕනම දේශපාලනයක් මම වැරදි නම් ඒකට විරුද්ධව මම කතා කරලා තියෙනවා. යහපාලනයටත් විරුද්ධව මම කතාකරලා තියෙනවා. මට කතා කිරීමේ නිදහස සදාකාලිකවම තියාගන්න ඕනේ මම මැරෙනකන්. එසේ තියාගන්න බැහැ අර භයානක පුද්ගලයා ආවොත්. එයාට අපේ නෝනලා එහෙම හරි බයයි. එවැනි කෙනෙක් අපි පත්කරගන්න ඕනෙද? 

ඔබලාට වුණත් නිදහසේ ඉන්න කතා කරන්න හෙට දවසේ ඉඳන් පත්වෙලා එන කවුරු වුණත් ඒ නිදහස තියාගන්න. වැරදිනම් මේන්න මේක වැරදියි. 


රජයේ සේවකයෝ හැමෝම 55 න් විශ්‍රාම යන්න ඕනේ කියලා නීතියක් තියෙනවා නම් දේශපාලඥයෝ ඇයි ඉන්නේ 55 පහුවෙනකන්. අඩුම ගානේ 65 දි පළයල්ලා. එවැනි නීති හරිගස්සන්න උත්සාහ කරන්න. එවැනි නීතියක් ගෙනාවනම් 65 න් පස්සේ ඡන්දේ ඉල්ලන්න බැහැ කියලා. එහෙම වුණානම් මේ කුලල්කාගැනීම අඩු වෙනවා. 

මේ දවස්වල මම හිරදෙරින් ආව අයගෙන් අහනවා හිර ගෙදර කොහොමද පහසුකම් නිදාගන්නේ කොහොමද කෑම දෙනවද නිදාගන්න දෙනවද, මොකද අර භයානක මනුස්සයා ආවොත් ඕකට යන්න වෙනවානේ ඒක නිසා අහලා දැනගෙන එහෙහ ඉන්න ඕනේනේ. 

හදිසියේවත් එනවා කිව්වාට එන්නේ නම් නැහැ. මොකද ස්වභාව ධර්මයක් කියලා දෙයක් තියෙනවානේ. මම කියන්නේ වෙන කවුරු ආවත් මට කමක් නැහැ අර භයංකාර පුද්ගලයා එන්නේ නැතුව. එයා ආවොත් සුනේ සුන්...'' 

'පොඩ්ක් හිතලා 16 වෙනිදා සජිත්ට ගහලා යන්න යමල්ලා'

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...