The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

PTA ත්‍රස්ත නීතියෙන් හිරේ විලංගුවේ දමා සිටින ගණන 130කට ආසන්නයි

T

The Leader Desk

November 8, 2022 • 4:08 PM

PTA ත්‍රස්ත නීතියෙන් හිරේ විලංගුවේ දමා සිටින ගණන 130කට ආසන්නයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අතරින් 125 ක්ම සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බව ශ්‍රී ලංකා පොලිසිය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝගයෙන් ලබා දී ඇති තොරතුරුවල දැක්වේ.
  • ඉන් 42ක් මහාධිකරණය විසින් ද 39ක් මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද රිමාන්ඩ් ගත කරන ලද්දවුන්ය.
  • දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය හා සම්බන්ධ බවට සැකයට 44 දෙනකු අධිකරණ නියෝගයෙන් රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බවද පොලිසිය දැනුම් දී ඇත.
  • අනෙකා එල්ටීටීඊය හා සම්බන්ධ බවට සැකයටය.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ අතරින් 125 ක්ම සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බව ශ්‍රී ලංකා පොලිසිය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝගයෙන් ලබා දී ඇති තොරතුරුවල දැක්වේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ‍යටතේ රඳවා ගෙන සිටින සංඛ්‍යාව පිලිබඳ විස්තර ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ 2021 ජූලියේ කරන ලද ඉල්ලීමක් පොලිසිය විසින් ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් යහපාලන ආණ්ඩු සමයේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් නීතිඥවරිය විසින්කරන ලද අභියාචනයකින් අනතුරුව ඔක්තෝබර් 26 දා කොමිසම දුන් නියෝගයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට  එම තොරතුරු අනාවරණය කරන්නට සිදුවී ඇත.



වැඩිම පිරිසක් රඳවාගෙන සිටින්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සැකයටය. ඒ ගණන 81 කි. ඉන් 42ක් මහාධිකරණය විසින් ද 39ක් මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද රිමාන්ඩ් ගත කරන ලද්දවුන්ය. දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය හා සම්බන්ධ බවට සැකයට 44 දෙනකු අධිකරණ නියෝගයෙන් රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බවද පොලිසිය දැනුම් දී ඇත. අධිකරණ නියෝගයකින් තොරව දෙදෙනකු රඳවාගෙන සිටී. එක් අයකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනි. අනෙකා එල්ටීටීඊය හා සම්බන්ධ බවට සැකයටය.



කෙසේවෙතත්, පොලිසිය දක්වන ගණන් හිලව් හා බන්ධනාගාර සංඛ්‍යාලේඛන අතර පරස්පරයක් ඇති බව හිටපු මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන්නීය .

"2021 අගෝස්තුවේ බන්ධනාගාර සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව LTTE හා සම්බන්ධ වැරදිවලට දඬුවම් ලබන සංඛ්‍යාව 24කි. රිමාන්ඩ් භාරයේ 85කි. පාස්කු ප්‍රහාරයට රිමාන්ඩ් භාරයේ 205 දෙනෙකි. PTA යටතේ එවක රිමාන්ඩ් කර සිටි සංඛ්‍යාව 298කි," යි නීතිඥ අම්බිකා සත්කුනනාදන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

ඉන් පසුව බොහෝ දෙනා ඇප මත මුදා හැර ඇති බවත් ඇය කියා සිටී.

 
ත්‍රස්ත නීති යොදාගෙන පාස්කු ප්‍රහාරයට සැකපිට සිය ගණනක් අත් අඩංගුවට ගන්නා ලද්දේ ආචාර්ය දීපිකා උඩගමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියක් ලෙසින් නීතිඥ සත්කුනනාදන් රාජකාරි කරද්දී ය.
 
 pta
 
සිංහල නොවන ජාතීන් මර්දනයට යොදාගන්නා බිහිසුනු නීතියක් ලෙසින් ගර්හාවට ලක්ව ඇති PTA පනත දකුණේ මෑත කතාබහට ලක්වුණේ වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි යන ශිෂ්‍ය නායකයන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමත් සමගය.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට ජූනි 9 වැනිදා රැස්වීමක් පැවැත්වීම ඔවුන් කර ඇති වරද ලෙස පොලිසිය පවසයි.

ඊට විරෝධය දක්වන බහුතරයක් පවසන්නේ ශිෂ්‍ය නායකයන් දෙදෙනා 'ත්‍රස්තවාදීන්' නොවන බවයි. 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...