The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ක්‍රිකට් තරු අපකීර්තියට පත් ඕස්ට්‍රේලියාවේ ලාංකික කම්කරු නායකයකුට ජයක්

T

The Leader Desk

November 14, 2022 • 1:44 PM

ක්‍රිකට් තරු අපකීර්තියට පත් ඕස්ට්‍රේලියාවේ ලාංකික කම්කරු නායකයකුට ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය තරුවක් සිඩ්නි නුවර දමා එන්නට සිදුවෙද්දී, ලංකාවෙන් ගිය වෘත්තීය සමිති නායකයකු කම්කරු අයිතීන් දිනාගැනීමේ ප්‍රමුඛ කාර්යභාරයක් කැන්ගරු දේශයේදී ඉටුකරන්නට සමත් වී තිබේ.
  • දින 40ක් පුරා ක්නාෆ් ඒයු (Knauf AU) ගේට්ටු අසල අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වා කළමනාකාරිත්වය විසින් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ඉටුකිරීමට පසුබැස්වූ වන විද්‍යා පතල් කැණීම් සහ බලශක්ති වෘත්තීය සමිතියේ (CFMEU) ප්‍රමුඛ නියෝජිත විරාජ් දිසානායක ප්‍රමුඛ කම්කරුවන් නැවත වැඩ ආරම්භ කිරීමට එකඟ වී ඇත.
  • දශකයකට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ වාමාංශික වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරන විරාජ් ශ්‍රී ලංකාවේ යුක්තිය සඳහා වික්ටෝරියා හි උද්ඝෝෂණ සංවිධානය කිරීමේ ද පුරෝගාමී ක්‍රියාකාරිකයකු ද වෙයි.
  • Knauf සමාගම නවීන පරිවාරක, වියලන පද්ධති, ප්ලාස්ටර් සහ උපාංග, තාප පරිවාරක සංයුක්ත පද්ධති, බිම් පද්ධති සහ ඉදිකිරීම් මෙවලම් ඇතුළු අංගෝපාංග රැසක ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය තරුවක් සිඩ්නි නුවර දමා එන්නට සිදුවෙද්දී, ලංකාවෙන් ගිය වෘත්තීය සමිති නායකයකු කම්කරු අයිතීන් දිනාගැනීමේ ප්‍රමුඛ කාර්යභාරයක් කැන්ගරු දේශයේදී ඉටුකරන්නට සමත් වී තිබේ.

දින 40ක් පුරා ක්නාෆ් ඒයු (Knauf AU) ගේට්ටු අසල අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වා කළමනාකාරිත්වය විසින් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ඉටුකිරීමට පසුබැස්වූ  වන විද්‍යා පතල් කැණීම් සහ බලශක්ති වෘත්තීය සමිතියේ (CFMEU) ප්‍රමුඛ නියෝජිත විරාජ් දිසානායක ප්‍රමුඛ කම්කරුවන් නැවත වැඩ ආරම්භ කිරීමට එකඟ වී ඇත.

දශකයකට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ වාමාංශික වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරන විරාජ් ශ්‍රී ලංකාවේ යුක්තිය සඳහා වික්ටෝරියා හි උද්ඝෝෂණ සංවිධානය කිරීමේ ද පුරෝගාමී ක්‍රියාකාරිකයකු ද වෙයි.

Knauf සමාගම නවීන පරිවාරක, වියලන පද්ධති, ප්ලාස්ටර් සහ උපාංග, තාප පරිවාරක සංයුක්ත පද්ධති, බිම් පද්ධති සහ ඉදිකිරීම් මෙවලම් ඇතුළු  අංගෝපාංග රැසක ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයෙකි.

ස්ථිර කාර්ය මණ්ඩලයක් වෙනුවට අනාරක්ෂිත කුලී කම්කරුවන් පත් කිරීමට කලින් ගත් තීරණය හකුලා ගන්නට  සමාගමට සිදුවූ  බව වෘත්තීය සමිති නායකයෝ පවසති.



සමාගම් වෙබ් අඩවියට අනුව අනුව වාර්ෂිකව යුරෝ බිලියන 12.6 ක් උපයන්නා වූ ක්නාෆ් ඒයු (Knauf AU) රටවල් 90 කට වැඩි ගණනකට විහිදී ඇති  සේවකයින් 40,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත වන සමාගමක් වේ.



“කම්කරුවන් හට එල්ල කරන ලද මෙම ප්‍රහාරය පරාජය කිරීම ක්නාෆ් කම්කරුවන්ගේ අනාගත පරම්පරාවන්ට අප විසින් ලබා දෙන ත්‍යාගයයි. සති හයකට ආසන්න කාලයක් අපි ගේට්ටුවෙන් පිටත ගත කළ නිසා ඔවුන්ට වඩාත් හොඳ රැකියා සුරක්ෂිත භාවයක් භුක්ති විඳින්න අවස්ථාව හම්බෙනවා,” යි විරාජ් දිසානායක මෙල්බර්න්හිදී සමාජවාදී සඟරාවක් වන රතු කොඩිය (Red Flag) වෙත පැවසීය.

සමාගම සමග කරන ලද සාකච්ඡාවේ සාර්ථක ප්‍රතිපල ලෙස, වඩා හොඳ සේවා කොන්දේසි, ආදායම් ආරක්ෂණ යෝජනා ක්‍රමයක්  සහ අතිකාල වැඩ සඳහා ද්විත්ව ගෙවීමක් ලබා දීමට සමාගම විසින් එකඟ වන ලද අතර ඉදිරි වසර තුන සඳහා වැටුප් වැඩිකිරීමක් සහතික කරන ලදී. ඒ අනුව ගිවිසුමේ පළමු වසර තුළ කම්කරුවන්ගේ මූලික වැටුප 5% කින් සහ ගිවිසුමේ ඉදිරි වසර තුන සඳහා 4% කින් ඉහළ යනු ඇති අතර පසුගිය ජූලි මාසයේ සිට ආපසු වැටුප් ගෙවීමද සිදු කරනු ලැබේ.

මෙහිදී සිදුවූ වඩාත් වැදගත් කරුණක් ලෙස, කාර්ය මණ්ඩලය වැඩි කිරීම සහ වෘත්තීය සමිති පුහුණුව සඳහා සමාගම එකඟ වීම දැක්විය හැකි වේ.

xdfe33

කම්කරු ඡන්දයෙන් වැඩ වර්ජන අනතුරු ඇඟවීමක්  සමඟ ඉල්ලීම් ඉදිරිපත් කළ විට, ඕස්ට්‍රේලියානු සමාගම සැප්තැම්බර් මැද භාගයේදී ඒවා ඉවතට විසි කළත් විරාජ් දිසානායකගේ නායකත්වයෙන් යුත් CFMEU සේවකයෝ ගේට්ටුව ඉදිරිපිට අඛණ්ඩව ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙළගැසී සිටියෝය.

වැඩවර්ජනයේ යෙදෙන කම්කරුවන්ට සහයෝගීතාවය ප්‍රකාශ කරමින් සිෆ්එම්එන්ඉයු (CFMNEU) කම්කරුවන්  විසින් එක් ශාඛාවකින් පමණක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන සේවකයන්ට සහයෝගය දැක්වීම සඳහා ඩොලර් 13,000ක් රැස් කළහ. මෙම ව්‍යාපාරය රටපුරා සහාය ලබා පෙරට ගිය අතර බොහෝ පුද්ගලයන් සහ වෘත්තීය සමිති මෙම අරමුණට සහය දැක්වීමටද  ඉදිරිපත් වූහ.

“මේක  අපිට ඇත්තෙන්ම හොඳ අත්දැකීමක් වුනා, ශ්‍රම බලකායක් එකට එක්සත් වූ විට පුද්ගලයකුට කොපමණ බලයක් ලැබෙනවද කියන දේ අපිට ඉගෙනගන්න පුළුවන් වුනා,” යි ක්නාෆ් (Knauf) සේවකයෙක් ඔවුන්ගේ මාධ්‍යවේදීන්ට කියා තිබුණි.

තවත් වැඩවර්ජකයකු ප්‍රකාශ කර සිටියේ සේවා ස්ථානය ආරක්ෂිත, පිරිසිදු විය යුතු අතර කළමනාකාරීත්වයේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ හිරිහැර කිරීම්, බිය ගැන්වීම් සහ තර්ජන වලින් තොර විය යුතු නමුත් අවාසනාවකට මෙන් තම සේවා ස්ථානයේ එසේ නැති බවයි.

ඔවුන් ලද ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් විරාජ් පැවසුවේ, “ලෝකයේ විශාලතම සමාගමකට ඔවුන් සර්වබලධාරී නොවන බව අපි පෙන්වා දුන්නා. අපි මෙල්බර්න් අවට සහ රට පුරා සිටින කම්කරුවන්ට පෙන්වා දුන්නේ කම්කරුවන්ටද ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් ඇති බවයි."

ඇප ප්‍රතික්ෂේප වී නඩු විභාගය ජනවාරි මාසයට කල් ගොස් සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දුෂණයට අදාළ චෝදනා හතරක් යටතේ සිඩ්නි නුවර සිරගෙදරක රඳවා සිටී. ඔහු වෙනුවෙන් වියපැහැදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් වී ඇත. 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...