The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පාසල් දරුවන්ට ගුටිදීම ගැන රෝයල් ප්‍රින්සිපල්ගෙන් පොරොන්දුවක්

T

The Leader Desk

November 16, 2022 • 5:54 AM

පාසල් දරුවන්ට ගුටිදීම ගැන රෝයල් ප්‍රින්සිපල්ගෙන් පොරොන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අවධාරණය කර තිබේ.
  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම අවධාරණය කර ඇත්තේ, දිවයිනේ ප්‍රධානතම පාසලක විදුහල්පතිවරයෙක් එම චක්‍රලේඛය ගුරුවරුන්ගේ විවේකාගාරවල ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බවට කොමිෂන් සභාව ඉදිරියේ පොරොන්දු වීමෙන් අනතුරුවයි.
  • කොළඹ රාජකීය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල නොවැම්බර් 14 වැනි සදුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ කැදවා ඇත.
  • එහිදී රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ මින් ඉදිරියට එම විද්‍යාලය තුළ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික වධහිංසා සිදුවීමට ඉඩ ලබා නොදෙන අතර එම වධහිංසා පාසල තුලින් තුරන් කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අවධාරණය කර තිබේ.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම අවධාරණය කර ඇත්තේ, දිවයිනේ ප්‍රධානතම පාසලක විදුහල්පතිවරයෙක් එම චක්‍රලේඛය ගුරුවරුන්ගේ විවේකාගාරවල ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බවට කොමිෂන් සභාව ඉදිරියේ පොරොන්දු වීමෙන් අනතුරුවයි.


කොළඹ රාජකීය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල නොවැම්බර් 14 වැනි සදුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ කැදවා ඇත.


එහිදී රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ මින්  ඉදිරියට එම විද්‍යාලය තුළ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික වධහිංසා සිදුවීමට ඉඩ ලබා නොදෙන අතර එම වධහිංසා පාසල තුලින් තුරන් කරන බවයි.

 

" තවද පාසල තුළ විනය ආරක්ෂා කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දී ඇති 12/16 චක්‍රලේඛය ගුරුවරුන්ගේ විවේකාගාරවල ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බවට විදුහල්පතිවරයා කොමිෂන් සභාව ඉදිරියේ පොරොන්දු විය. " ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සදහන්ය.

 

පාසල් වල දරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍ර ලේඛයට පටහැනිව කටයුතු සිදුකිරීම තුල පාසල් පද්ධතියට එරෙහිව බරපතල සමාජ විරෝධයක් එල්ල වී තිබෙන ආකාරය ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විසින්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබුනි.


සබැඳි පුවත් :
විදුහල්පතිනියගේ වැඩ තහනම්! -ළමුන් කෲරත්වයට පත්වීම වැළැක්වීමට නව නීති

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...