The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

කොළඹත්, වන්නියේත් තොරතුරු රැස් කරන හමුදා, පොලිස් මෙහෙයුම්

T

The Leader Desk

November 25, 2022 • 4:30 PM

 කොළඹත්, වන්නියේත් තොරතුරු රැස් කරන හමුදා, පොලිස් මෙහෙයුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිරතව සිටින බවට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී චෝදනා කළ දිනයේම, යුද හමුදාව උතුරේ මාධ්‍යවේදීන්ගේ කාර්යාලයකට ඇතුළු වී පුද්ගලික තොරතුරු ඉල්ලා තිබේ.
  • මනෝට ටිරාන්ගෙන් පිළිතුරු දෙමළ ප්‍රගතිශීලි සංධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නොවැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ කොළඹ නගරයේ ජීවත් වන දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පොලීසිය පුද්ගලික තොරතුරු එක්කාසු කිරීමේ නිරතව සිටින බවයි.
  • "මේ ඉලක්ක කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන, කොළඹ නගරයේ දෙමළ ජනයාව.
  • හොඳට තේරුම් අරගන්න එක." දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පුද්ගලික තොරතුරු එක්රැස් කරන බවට කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළත් ජනතාවගේ පුද්ගලික තොරතුරු එක්කාසු කරන බව ඔහු පිළිගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිරතව සිටින බවට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී චෝදනා කළ දිනයේම, යුද හමුදාව උතුරේ මාධ්‍යවේදීන්ගේ කාර්යාලයකට ඇතුළු වී පුද්ගලික තොරතුරු ඉල්ලා තිබේ.

මුලතිවු මාධ්‍ය සමාජයේ කාර්යාල පරිශ්‍රයට ඇතුල් වූ ශ්‍රී ලංකා හමුදාවේ 591 බලසේනාවට අයත් සෙබළුන් දෙදෙනෙක් නොවැම්බර් 24 වැනි  බ්‍රහස්පතින්දා  සිය බලසේනාධිපතිවරයාගේ නියෝගය අනුව මාධ්‍ය ආයතනයේ මූලිකයන්ගේ නම් සහ දුරකතන අංක ඇතුළු තොරතුරු ලබාදෙන ලෙස දෙමළ මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ගෙන් ඉල්ලා ඇත. ඊට හේතු දැක්වීමට හමුදා සොල්දාදුවන් අපොහොහොසත් වූ නිසා තොරතුරු ලබාදීම මාධ්‍යවේදියා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

xcx

යුද පීඩිත උතුරේ සිදුවන අපරාධ සහ දුෂණ වංචා හෙළි කරන ජනමාධ්‍යවේදීන් හිරිහැරයට පත් කිරීම සඳහා සිදු වන ශාරීරික පහර දීම් වලට අමතරව මෙවැනි තත්වයන් ද එම පළාතේ මාධ්‍යවේදීන් පීඩාවට පත් කිරීමට හේතුවී තිබේ.

මල්ලාවියේ ඉන්ධන හිඟය පිළිබඳව වාර්තා කිරීමේ යෙදී සිටියදී ඔත්තු සේවා සාමාජිකයකු ලෙස සැකකෙරෙන අයකුගේ පහර දීමට මේ වසරේ ජුනියෙදී ලක්වූ  මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ෂන්මුගම් තවසීලන් මෙයින් දෙවසරකට ඉහතදී හොර ලී ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා කනපතිපිල්ලේ කුමනන් සමග දරුණු ප්‍රහාරයකට ගොදුරු වූවෙකි.


මනෝට ටිරාන්ගෙන් පිළිතුරු

දෙමළ ප්‍රගතිශීලි සංධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නොවැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ කොළඹ නගරයේ ජීවත් වන දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පොලීසිය  පුද්ගලික තොරතුරු එක්කාසු කිරීමේ නිරතව සිටින බවයි.

"මේ ඉලක්ක කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන, කොළඹ නගරයේ දෙමළ ජනයාව. කරන්න එපා ඒක. සාමාන්‍ය පුද්ගලික තොරතුරු ටික පොලීසියටවත්, කාටවත් දෙන්න කැමති නැ කවුරුවත් අපි. හොඳට තේරුම් අරගන්න එක."

දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පුද්ගලික තොරතුරු එක්රැස් කරන බවට කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළත් ජනතාවගේ පුද්ගලික තොරතුරු එක්කාසු කරන බව ඔහු පිළිගත්තේය.

"ඒක සම්පුර්ණයෙන් වැරදියි. ඔබතුමා ඔහොම නෙමෙයි ඔබතුමා කොහොම කෑ ගැහුවත් ඒක වැරදියි. අපි සිංහල ගෙවලුත් කරනවා, මුස්ලිම් ගෙවලුත් කරනවා, ඔක්කොම කරනවා."

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මීට ඉහතදී ප්‍රකාශ කර තිබුනේ කොළඹ නගරවාසීන් පොලිසියේ ලියාපදිංචි කිරීම අත්හැර දමන්නට නැවතත් පොලිස්පතිට කියන බවට පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දීපාවලි සැමරුම් උත්සවයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වු බවයි.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...