BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 24ක් රට හැර ගිහින් !

T

The Leader

November 26, 2022 • 10:54 PM

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 24ක් රට හැර ගිහින් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික අර්බුදයේ තවත් එක් අතුරු ඵලයක් වශයෙන් මේවන විට ශ්‍රී ලංකාව තුළ සිදුවන බුද්ධිගලනය ශ්‍රී ලංකන් ගුවන් සේවයට ද බලපා ඇත.
  • සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් නතර වීමත් සමගම අධික අලාභ ලබමින් කටයුතු කල ගුවන් සමාගම කෙටිකාලීන විසඳුමක් ලෙස මුලින්ම ගුවන් නියමුවන්ගේ වැටුප් සහ දීමනා 50% කින් කපා හැරීමට තීරණය කළේය.
  • මේ වන විට ගුවන් ගමන් පෙර නැවතත් සාමාන්‍ය පරිදිම ආරම්භ වී ඇතත් කපා හරින ලද 50% ක වැටුප නැවත ගෙවීමට කළමනාකාරිත්වය එකඟ වී නොමැත.
  • 2020-21 වර්ෂවල ඩොලර් අනුපාතය රුපියල් 194 - 203 ක පමණ වූ අතර මේ වන විට ඩොලරය රුපියල් 362.50කින් ඉහළ ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ වසරේදී ගුවන් නියමුවන් 24 දෙනෙකු ඉල්ලා අස්වී විදේශ රැකියා සඳහා ගොස් ඇති අතර ලබන වසරේ දී තවත් 40 දෙනකු පමණ රට හැර යාමට සැලසුම් කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් වාර්තා වෙයි.


මෙසේ රට හැර යන්නේ ජ්‍යේෂ්ඨ ගුවන් නියමුවන් වන අතර ඔවුන්ට ඉතා විශාල වැටුප් ගෙවීමට විදේශීය ගුවන් සමාගම් ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටියි.


ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර අර්බුදය ආරම්භ වන්නේ covid වසංගතයක් සමඟය.


සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් නතර වීමත් සමගම අධික අලාභ ලබමින් කටයුතු කල ගුවන් සමාගම කෙටිකාලීන විසඳුමක් ලෙස මුලින්ම ගුවන් නියමුවන්ගේ වැටුප් සහ දීමනා 50% කින් කපා හැරීමට තීරණය කළේය.


මේ වන විට ගුවන් ගමන් පෙර නැවතත් සාමාන්‍ය පරිදිම ආරම්භ වී ඇතත් කපා හරින ලද 50% ක වැටුප නැවත ගෙවීමට කළමනාකාරිත්වය එකඟ වී නොමැත.


දෙවන කාරණය වන්නේ ගුවන් නියමුවන්ගේ වැටුප් ගණනය කරනු ලබන්නේ ඩොලර් අනුපාතිකය අනුවය.


2020-21 වර්ෂවල ඩොලර් අනුපාතය රුපියල් 194 - 203 ක පමණ වූ අතර මේ වන විට ඩොලරය රුපියල් 362.50කින් ඉහළ ගොස් ඇත.
එහෙත් කළමනාකාරිත්වය ඩොලර් අනුපාතය අනුව වැටුප් ගෙවීම ද ප්‍රතික්ෂේප කර ඇත.


මෙසේ රට හැර ගොස් ඇත්තේ වඩාත්ම ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවන් සහ උපදේශක මට්ටමේ ගුවන් නියමුවන්ය.


විදේශ ගුවන් සමාගම් මෙම ජේෂ්ඨ නියමුවන්ට වැඩි වැටුප් ගෙවා තම සමාගම් වෙත බදවා ගන්නේ ඔවුන්ගේ රට තුළ ගුවන් නියමුවන් පුහුණු කිරීමේදී විශාල මුදලක් දැරීමට සිදුවන හෙයිනි.

 

ගුවන් නියමුවන්ගේ වෘත්තීය සමිතියට සම්බන්ධ කිහිප දෙනෙකු සඳහන් කරේ ගුවන් නියමුවන්ගේ හිඟය නිසා දැනට සේවය කරන නියමුවන්ට උපරිම පැය සීයයක සීමාවම මාසයකට පියාසර කිරීමට සිදුවන බවයි.

 

තව ද ගුවන් නියමුවකු පුහුණු කර සේවයට බඳවා ගැනීමට රුපියල් මිලියන 8 ක් පමණ වැය වන අතර මේ සඳහා ඔවුන්ගේ ඇපකරයන් ලබාගන්නා නමුත් සමහර ගුවන් නියමුවන් ඇපකරය සමාගමට ගෙවා විදේශ ගත වන බවත් වාර්තා වෙයි .


ගුවන් නියමුවන්ගේ වෘත්තීය සමිතිය අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාර දෙකක් ක්‍රියාත්මක කලත් සභාපතිවරයාගේ තීරණය වී ඇත්තේ මේ ආකාරයට සේවය කිරීමට නොහැකි නම් ඉල්ලා අස් වී යන ලෙසයි.


ඔවුන් මෙහිදී පෙන්වා දෙන්නේ තවත් ගුවන් නියමුවන් 30-40 ක ප්‍රමාණයක් සමාගම හැර ගියහොත් විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට ශ්‍රි ලංකන් සමාගමට සිදුවන බවත් එසේ කෙටි කාලයකදී ගුවන් නියමුවන් බඳවා ගැනීමට නොහැකි වුනොත් ගුවන් යානා විශාල ප්‍රමාණයක ගුවන් වාර නතර කිරීමට සිදුවන බවත් ය.


විදේශ ගුවන් නියමුවන්ට ඩොලරයට සාපේක්ෂව ඉතා විශාල වැටුපක් ගෙවීමට සිදුවන අතර ඔවුන් හට සුඛෝපභෝගී නිවාස මෝටර් රථයක් සහ අසීමිත ගුවන් යානා ටිකට්පත් ලබා දීමට සිදුවන බවයි.


මෙවැනි තත්වයකට මුහුණදීමට ශ්‍රී ලන්කන් සමාගමට සිදුවුවහොත් එය තවත් අතිරේක බරක් වන අතර දැනටත් අනුමත ගුවන් නියමුවන් ප්‍රමාණයක් නොමැති ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලෝකය පුරා සේවා පවත්වා ගෙන යාම අසීරු වන අතර එය සංචාරක ව්‍යාපාරයට ද දැඩි ලෙස බලපානවා ඇත.


දක්ෂ ගුවන් නියමුවකු නිර්මාණය කර ගැනීමට වසර අටක පමණ කාලයක් ගත වන අතර ඔවුන්ගේ සේවා කාලය සහ ජ්‍යෙෂ්ඨත්වය මත ගුවන් සමාගමක විශ්වාසනීයත්වය ජාත්‍යන්තරව පවතින සාධකයක් වන අතර මේ ආකාරයට ගුවන් නියමුවන්ට රට හැර යාමට පසුබිම සැකසීම ලාංකික බුද්ධි ගලනයේ තවත් එක් අවස්ථාවක් බවට පත්වනු ඇත.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...