The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

වතු කම්කරුවන්ගේ ගෙවතු වගා බැකෝ කිරීමට ජීවන්ගේ විරෝධය

T

The Leader Desk

November 28, 2022 • 6:27 AM

වතු කම්කරුවන්ගේ ගෙවතු වගා බැකෝ කිරීමට ජීවන්ගේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • '' හොරණ වැවිලි සමාගමේ වතු වල වැඩ කරන කම්කරුවන්ගේ ගෙවතු වගා බැකෝ දාලා විනාශ කරන්න සමාගම තීන්දු කරලා.
  • මේ ගැන කම්කරුවෝ ඉන්නේ ඉතාම කනස්සල්ලෙන්,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් පවසයි.
  • ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා සමග කතා කොට සමාගමේ මෙම අත්තනෝමතික ක්‍රියාව නවත්වන්නට පියවර ගත් බවයි.
  • ඉතිරිය වත්තට පිටතින් පැමිණි අය බවට සමාගම් බලධාරීයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

කර තිබේ.


'' හොරණ වැවිලි සමාගමේ වතු වල වැඩ කරන කම්කරුවන්ගේ ගෙවතු වගා බැකෝ දාලා විනාශ කරන්න සමාගම තීන්දු කරලා. මේ ගැන කම්කරුවෝ ඉන්නේ ඉතාම කනස්සල්ලෙන්,'' යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් පවසයි.


වතු කම්කරුවන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් හොරණ වැවිලි සමාගමට අයත් මස්කෙළිය, සාමිමලේ හා ගෞරවිල වතු වල සති අන්තයේ කළ සංචාරයකින් අනතුරුව කොටගල සී.එල්.එෆ්. ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා සමග කතා කොට සමාගමේ මෙම අත්තනෝමතික ක්‍රියාව නවත්වන්නට පියවර ගත් බවයි.


'' වතු සමාගම් පාලකයන් සමගත් අපි මේ ගැන කතා කළා. ඒත් හරි උත්තරයක් දෙන්නේ නැහැ. කම්කරුවන්ගේ ගෙවතු වගා ඉවත් කිරීම වැවිලි ඇමතිවරයා දැන් තහනම් කරලා තියෙන්නේ.''

 

හොරණ වැවිලි සමාගම පවසන්නේ වතුවල සිටින ජනයාගෙන් සියයට 20 ක් පමණක් කම්කරුවන් වන බවයි. ඉතිරිය වත්තට පිටතින් පැමිණි අය බවට සමාගම් බලධාරීයෝ පෙන්වා දෙති. වතු කිහිපයක තමන් කළ සංචාරයේදී හෙළිදරව් වූ කරුණු අනුව සියයට 20 ක ප්‍රමාණයක් සෘජුවම වත්තේ රැකියාවට සම්බන්ධ කම්කරුවන් වන අතර ඉතිරි සියයට 80 වත්තේ පදිංචි තරුණ තරුණියන් බව CWC ලේකම් තොණ්ඩමාන් සඳහන් කරයි.

 

පොලිසියට අපි බය නෑ


'' මේ තරුණ අය වතු වල ඉපදිලා වත්තේම ජීවත්වෙන අය. එයාලට පිටස්තරයෝ කියන්න බැහැ. තේ නැවත වගා කරනවා කියලා වතු පාලකයෝ වතු කැලෑවට ඇරලා. ඒ පැතිවල නැවත තේ වගා කරන්න පුළුවන්. ජනතාවගේ ගෙවතු වගා ඉඩම් වලට අත තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. පොලිසිය දාලා බයකරන්න හැදුවට අපි බය නැහැ.''


CWC ලේකම්වරයා අවධාරණය කරන්නේ හොරණ වැවිලි සමාගමට අයත් අප්කොට් හා ලිඳුල ප්‍රදේශවල තේ වතු වල වෘත්තීය ක්‍රියා මාර්ග දියත් කරන බවයි.


හේලීස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ පවතින හොරණ වැවිලි සමාගමට අයත් ඉහල කඳුකරයේ පිහිටි  බඹරකැලේ, එල්ඩන් හෝල්, ට්‍රිලිකේට්‍රි, ගෞරවිලා, ෆෙයාර්ලෝන්, ස්ටොක්හෝම්, මහනිලූ වැනි තේ වතු රැසකි.


ආගරපතන වැවිලි සමාගමට එරෙහිව වැඩවර්ජන හා උද්ඝෝෂණය කරමින් කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට සහාය ලබා දුන් අයුරින් අනෙකුත් වෘත්තීය සමිති මෙම සටනට ද එක් වන ලෙස ලංකා කම්කරු කොංග්‍රස් ලේකම්වරයා ඉල්ලීමක් කරයි.


'' කම්කරුවෝ හැමදාම වැඩට යනවා, ඒත් එක තේ දල්ලක්වත් වත්තෙන් එළියට ගෙනියන්න දෙන්නේ නැහැ. රෑට එළියට ගෙනියන්න වතු පාලකයෝ උත්සහා කළොත් ඒකට ඉඩ නොදී, වත්තේ තරුණයෝ ඒ ගැන බලා ගන්න ඕනෑ.''

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...