leader s

මහවිරු සමරු දිනයට සමගාමිව රජයේ හමුදා මගින්  මුලතිව්හිදී මරා දැමුණු දෙමළ පාසල් සිසුවියන් පිරිසක්

ඔවුන්ගේ හිතවතුන් හා පවුලේ ඥාතින් විසින් අනුස්මරණය කර තිබේ.

පහළොස් වසකට පෙර 2007 අවුරුද්දේ නොවැම්බර් මස 27 වැනිදා ගිලන් රථයකින් ගමන් කරමින් සිටියදී යුද හමුදාවේ දුර දිග මෙහෙයුම් ඒකකය මගින්
එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් පාසැල් ශිෂ්‍යාවන් හයදෙනා මරා දමා තිබිණි.

පාසැල් නිල ඇඳුමින් සැරසී ගිලන් රථයේ ගමන් ගත් නාගරත්නම් ප්‍රදීපා [16], නාගරත්නම්, මදීකරන් [15], නිත්‍යනාදන් නිදර්ශනා[14], කරුණාකරන් කෞෂිකා[15], චන්ද්‍රසේකරන් තිරෝජා[16], අත්පුදරාජා අජිත්නාත් [16] සිසුවියන් හය දෙනාට අමතරව ගිලන් රථයේ ගමන්ගත් සෞඛ්‍ය සේවකයන් වන ෂන්මුගවඩිවේල් සකුන්තලා දේවි [19] සහ මාරිමුත්තු ක්‍රිෂ්ණමේනි [21] මුලතිව් අයියන්කුලම් හිදී  හමුදා ක්ලෝමෝ ප්‍රහාරයෙන් මියගියවුන් අතර වුහ.

අයියන්කුලම් සුසාන භූමියට ඉරිදා [27] එක්වූ මරා දැමුණු සිසුවියන්ගේ හිතවතුන් හා පවුලේ ඥාතින් විසින් මල් පුදා පහන් දල්වා සිය ආදරණීයයන් සිහිපත් කෙරිණි.

zzsw

xcvdf

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil