The Leader News
BREAKING
HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●නොරොච්චෝලේ ඇනහිටීම හමුවේ තෙදින විදුලි කප්පාදුවක්●හොලිවුඩ් පුරාවෘත්ත ඇල් පැචිනෝට ජීවිතයේ එක්වරක් ලැබෙන උපහාරයක්●බටහිර ඉවුරේ සෞඛ්‍ය පද්ධතිය මූල්‍ය අර්බුදයක: රෝගී ජීවිත දැඩි අවදානමක●ඊශ්‍රායල ලීග් පාපන්දුවේ ක්‍රමානුකූල වංචාවක්: නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවේ!●මෙසීගේ උරුමයට උද්භිද විද්‍යාත්මක ගෞරවයක්!●මාලක දේවප්‍රිය: කලාත්මක සිනමාව ජාතියක ආත්මීය ආයෝජනයක්●සම්ප්‍රදාය අභිභවන ස්වභාවයක පිහිටි ''අඩි පහයි අඟල් නෑ''●භික්ෂු ඉල්ලීමට ජනපති සමාව දිය හැකි ද? | සුනිල් කන්නන්ගර●කෙට්ටු වීමේ උන්මාදය සහ එල්ලා වැටෙන සමේ අර්බුදය●
Top Ad
පුවත්

'මාධ්‍ය වාර්තා ද්වේශ සහගතයි - ඒකපාර්ශවිකයි' - පේරා මහා ශිෂ්‍ය සංගමයෙන් පැහැදිලි කිරීමක්

T

The Leader Desk

December 13, 2022 • 5:39 PM

'මාධ්‍ය වාර්තා ද්වේශ සහගතයි - ඒකපාර්ශවිකයි' - පේරා මහා ශිෂ්‍ය සංගමයෙන් පැහැදිලි කිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවැනි සිදුවීම් කිසිසේත් පිළිනොගන්නා බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.
  • මෙම සිදුවීම පිළිබඳ ඕනෑ ම විමර්ශනයකට විශ්වවිද්‍යාලයය වශයෙන් මහා ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහයෝගය දෙන බවත් අදාළ පරීක්ෂණය කඩිනම් හා නිවැරැදි මෙන් ම අපක්ෂපාති එකක් ද විය යුතු බවත් මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කර සිටියේය.
  • ශිෂ්‍ය පිරිසක් අදාල දිනයේ දි ගැටුමක් ඇති කරගෙන තිබුණේ උපකුලපතිවරයෙක් හෝ ඔහුගේ පුතෙක් සමග නොව, අතිශයින් බීමත්ව, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් රටේ මූලික නීතියත් බිඳදැමූ උද්දච්ඡ පුද්ගලයෙක් සමග බව මහා ශිෂ්‍ය සංගමය එහිදී කියා සිටියේය.
  • මේ වනවිට එම ගැටුම මාධ්‍ය ඔස්සේ ඉතා ද්වේශ සහගතව සහ ඒකපාර්ශවිකව වාර්තා කරමින් ඇති බවට ද ඔහු චෝදනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එවැනි සිදුවීම් කිසිසේත් පිළිනොගන්නා බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම පිළිබඳ ඕනෑ ම විමර්ශනයකට විශ්වවිද්‍යාලයය වශයෙන් මහා ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහයෝගය දෙන බවත් අදාළ පරීක්ෂණය කඩිනම් හා නිවැරැදි මෙන් ම අපක්ෂපාති එකක් ද විය යුතු බවත් මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කර සිටියේය.

ශිෂ්‍ය පිරිසක් අදාල දිනයේ දි ගැටුමක් ඇති කරගෙන තිබුණේ උපකුලපතිවරයෙක් හෝ ඔහුගේ පුතෙක් සමග නොව, අතිශයින් බීමත්ව, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් රටේ මූලික නීතියත් බිඳදැමූ උද්දච්ඡ පුද්ගලයෙක් සමග බව මහා ශිෂ්‍ය සංගමය එහිදී කියා සිටියේය.


''බේබද්දා උපකුලපතිගේ පුතා වග දැනගන්නකොට ආරවුල දුර දිග ගිහින් ''

මේ බීමත් පුද්ගලයා උපකුලපතිවරයාගේ පුතා බව දැනගන්නා විට ගැටුම බොහෝ දුරට ඇවිලී ගොස් තිබුණු බවත්, සරසවි විනය පාලකවරු, නියෝජ්‍ය උපකුලපති ඇතුළු සරසවියේ වගකිවයුතු සියලුම පාර්ශව  සේම මහා ශිෂ්‍ය සංගමය ද ගැටුම සමතයකට පත් කිරීමට මැදිහත් වුන බවත් මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් තත්සර කියා සිටියේය.

 මේ වනවිට එම ගැටුම මාධ්‍ය ඔස්සේ ඉතා ද්වේශ සහගතව සහ ඒකපාර්ශවිකව වාර්තා කරමින් ඇති බවට ද ඔහු චෝදනා කළේය.

පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මාධ්‍ය අමතා තවදුරටත් මෙසේ පැවසුවේය.

''පහුගිය 10 දා රාත්‍රියේ ඇති වූ තත්ත්වය පිළිබඳ මහා ශිෂ්‍ය සංගමය ලෙස අප බෙහෙවින්ම කණගාටු වෙනවා. මෙවැනි සිදුවීම්  අපට පිළිගන්න බෑ.''

“සිද්ධියට පාදක වෙන්නෙ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය අසල ඇති වුන තත්ත්වයක්. බීමත් පුද්ගලයෙක් වාහනයක් පදවාගෙන පැමිණෙනවා. මාර්ගය අසල නවතා ඇති යතුරු පැදි දෙකකට ඔහු පහර දී පෙරළා දමා පලා යන්න උත්සාහ කරනවා.“

“මේක දැකලා සිසුන් ලුහුබැද ගිහින් ඔහුව නවතා ගන්නවා. අහනවා ඔබ කවුද කියලා. “

“ මේ බීමත් පුද්ගලයා ප්‍රකාශ කරන්නේ මේක අපේ තාත්තගෙ කැම්පස් එක. අපිට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා. එවැනි ප්‍රකාශයක් කරන්න තරම් ඔහු අසිහියෙන් ඉන්නෙ. “



“ඉන් පසුව ඇතිවන බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග යනවා. සිසුන් ඉල්ලා සිටින්නෙ යතුරුපැදි දෙකට සිද්ධ වෙච්චි අලාභය. ඔහු ලබා දෙන්නෙ අපි බලා ගනිමු. උඹලගෙ මූණවල් ඔක්කොම මතකයි වගේ පිළිතුරු. මේ තැනැත්තා හිටපු උපකුලපතිගේ පුතා වග දැනගන්නෙ ගැටුම දුරදිග ගියාට පස්සේ. “ .



“ ගැටුම් ඇතිවන විදිහට හැසිරුනේ. ඒ වෙලාවෙදි සරසවි වානය පාලක, උප කුලපති සම්බන්ධ වෙනවා. පොලිසිය සම්බන්ධ වෙනවා. මහා ශිෂ්‍ය සංගමය විදිහට අපිත්  මැදිහත් වෙනවා. ගැටලුව නිරාකරණය කරගන්න හැකි වෙනවා.“

“ ඒ වෙලාවේ මේ බීමත් පුද්ගලයාව පොලිසියෙන් ඇවිත් මාංචු දලා ජිප් එකේ පටවාගෙන අරන් යනවා. ඔහු ජීප් එකට නගින්නෙ වැරැද්ද පිළි අරන් අලාභයත් ගෙවන්න පොරොන්දු වෙලා.“

“පොලිසියෙන් ඔහුව රෝහලට යවනවා. පැය කීපයකින් නැවත නිවස කරා එනවා. ඔහු නිවසට ඇවිත් තමයි මාධ්‍යයට කතා කරන්නෙ.“



''සිද්ධිය සම්බන්ධව සරසවි ශිෂ්‍යයො විදිහට පැමිණිලි දෙකක් කරනවා. පැමිණිල්ල දාන්න ගිය සිසුන්ගේ ඇල්කොහෝල ටෙස්ට් කළා. ඒත් මේ ගැටුම ඇති කරගත්තු රටේ මූලික නීතිය කඩ කරමින් අපරික්ෂාකාරීව  බීමතින් රිය පැදවූ  උපකුලපති පුතාගෙ ඇල්කොහොල් ටෙස්ට් කරන්නෙ නෑ. “


“නැවත අපි සියලුම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී වාර්තාකරණයක් කරන්න. අපෙන් පළි ගන්න එපා.  ඒ ගැටුම ගැන අපි යළිත්   මහා ශිෂ්‍ය සංගමය විදිහට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. වහාම මේ ගැන නැවැරදි  පරීක්ෂණයක් කරන්න. අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් කඩිනමින් කරන්න. වැරදි කළ සියලුම පාර්ශවයන්ට දඬුවම් කරන්න. “




“අප එහෙම කියන්නෙ මේ පරීක්ෂණය කෙරෙන විදිහ සාධාරණ නැති නිසා. මේ වනවිට ශිෂ්‍ය භාවය ආහෝසිකර අත්අඩංගුවට පත්වුණු සහෝදරයෙක් ඉන්නවා මේ ගැටුම ඇති වුන වෙලාවෙ පලාතකවත් හිටපු නැති. පළි ගැනීමේ අභිලාෂයෙන් මෙවැනි දේ කරන්න එපා කියලා අපි වගකිවයුතු පාර්ශවලින් ඉල්ලා සිටිනවා. “


(ankasara.com)
 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මාධ්‍ය වාර්තා ද්වේශ සහගතයි - ඒකපාර්ශවිකයි' - පේරා මහා ශිෂ්‍ය සංගමයෙන් පැහැදිලි කිරීමක් | The Leader