The Leader News
BREAKING
Top Ad
පුවත්

නාවික හමුදාව උතුරේ ඉඩම් අල්ලන්නට ගොස් පසුබසී

T

The Leader Desk

December 14, 2022 • 2:35 AM

 නාවික හමුදාව උතුරේ ඉඩම් අල්ලන්නට ගොස් පසුබසී  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනයේ, කරෙයිනගර් නීලන්කාඩු ග්‍රම සේවා වසමේ පදිංචි පවුල් 40 ට අයත් ඉඩම් අක්කර 51ක භූමියක් නාවික හමුදා කඳවුරක් පුළුල් කිරීම සදහා මැන වෙන් කිරීමට දෙසැම්බර් 13 වැනි අගහරුවාදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.
  • දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් ඒ අතර සිටිනු දැකගත හැකිය.
  • නාවික හමුදා කදවුර පුළුල් කිරීම සදහා තම ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කරන ඉඩම් හිමියන් පවසන්නේ තමන්ට යළි එම භුමියේ පදිංචි විමට සහ වගා කටයුතු වෙනුවෙන් එම ඉඩම් අවශ්‍ය බවයි.
  • දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ ක්‍රියාත්මක වු බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

යාපනයේ, කරෙයිනගර් නීලන්කාඩු ග්‍රම සේවා වසමේ පදිංචි පවුල් 40 ට අයත් ඉඩම් අක්කර 51ක භූමියක් නාවික හමුදා කඳවුරක් පුළුල් කිරීම  සදහා මැන වෙන් කිරීමට දෙසැම්බර් 13 වැනි අගහරුවාදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු සිදු නොකරම ආපසු හැරී යන්නට සිදුව තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් ඒ අතර සිටිනු දැකගත හැකිය.

නාවික හමුදා කදවුර පුළුල් කිරීම සදහා තම ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කරන ඉඩම්  හිමියන් පවසන්නේ තමන්ට යළි එම භුමියේ පදිංචි විමට  සහ වගා කටයුතු වෙනුවෙන් එම ඉඩම් අවශ්‍ය බවයි.

සිය ඉඩම් නාවික හමුදාවට ලබා දීමට අකමැත්ත පළ කරමින් ලිපියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදීමටත් ඉඩම් හිමියන් කටයුතු කර තිබුනි.

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ ක්‍රියාත්මක වු බව උතුරේ  වාර්තාකරුවෝ  වැඩි දුරටත් පවසති.

uthur 2022.12.14

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...