The Leader News
BREAKING
ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

මාළු අල්ලන්න ගිය ආදිවාසී නායකයා අල්ලා උසාවි දාන කැලෑ මහත්තුරු

T

The Leader Desk

December 20, 2022 • 5:44 AM

මාළු අල්ලන්න ගිය ආදිවාසී නායකයා අල්ලා උසාවි දාන කැලෑ මහත්තුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''වැදි මිනිස්සුන්ට කැලයයි, ජිවිතයයි කියන්නේ ගහට පොත්ත වගේ, අපේ මුලු පරම්පරාවන්ම ජිවත්වෙලා තියෙන්නේ කැළයේ, අපේ ජිවිත රැඳීලා තියෙන්නේත් කැලේ.
  • සේනානායක සමුද්‍රය නිසා අපිව කැළයෙන් ඉවත්කරපු දා ඉදලා අපේ මිනිස්සු ඉන්නේ ලොකු අර්බුදයක, ඒත් අපිව තේරුම් ගන්න මේ රටේ නායකයොවත්, ඉහළ නිළධාරින්වත් උත්සාහ කරන්නේ නැහැ,'' යැයි බිබිල රතුගල ආදිවාසි නායක දානිගල මහබන්ඩියලාගේ සුදාවන්නිලා ඇත්තෝ චෝදනා කරති.
  • '' කැලේටත්, ගමටත් නැතිව අසරණවෙලා ඉන්න අපේ මිනිස්සු දිහා වෙනස් විදිහට හිතන්න ආණ්ඩු කරන ඇත්තන්ට මොලේ පහළ වෙන්න ඕනා,'' යි සුදා වන්නියා කියයි.
  • රතුගල ආදිවාසි පවුලක් දිනෙන් දින උග්‍ර වෙමින් ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පිඩා විදින මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රතුගල ගම්මානයේ පදිංචි පවුල් ප්‍රමාණය 260 කි.
අකුරු ප්‍රමාණය (Font Size):



''වැදි මිනිස්සුන්ට කැලයයි, ජිවිතයයි කියන්නේ ගහට පොත්ත වගේ, අපේ මුලු පරම්පරාවන්ම ජිවත්වෙලා තියෙන්නේ කැළයේ, අපේ ජිවිත රැඳීලා තියෙන්නේත් කැලේ. සේනානායක සමුද්‍රය නිසා අපිව කැළයෙන් ඉවත්කරපු දා ඉදලා අපේ මිනිස්සු ඉන්නේ ලොකු අර්බුදයක, ඒත් අපිව තේරුම් ගන්න මේ රටේ නායකයොවත්, ඉහළ නිළධාරින්වත් උත්සාහ කරන්නේ නැහැ,'' යැයි බිබිල රතුගල ආදිවාසි නායක දානිගල මහබන්ඩියලාගේ සුදාවන්නිලා ඇත්තෝ චෝදනා කරති.

 

ආදිවාසි නායකයා පෙන්වා දෙන්නේ, ගල්ඔය ජාතික වනෝද්‍යානය තුල උල්හෙල නම් කුඹුරු යායේ මහා පරිමානයෙන් මැණික් පතල් හාරද්දී, නීතිවිරෝධී මත්පැන් පෙරද්දී නිහඬව සිටින වනජීවි නිලධාරින්, තම ආදීවාසි ජන ප්‍රජාව අරළු, බුළු, නෙල්ලි, කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ සොයා ගැනීමට, එසේ නැත්නම් මාළු බෑමට වැවට ගියහොත් අත්අඩංගුවට ගෙන කුදලා ගෙන විත් උසාවි දමන බවයි.

 

''ගල්ඔය වනෝද්‍යානයේ මකර ආසන්නේ සේනානායක සමුද්‍රයට ගියේ දරු මල්ලන්ගේ බඩගින්න නිවන්න මාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එන්නයි. අපි වැවේ  මාලු අල්ල අල්ල ඉන්නකොට වනජිවි එකේ මහත්තුරු ටිකක් බෝට්ටුවෙන් ඇවිත් වටලලා කිව්වා දුවන්න එපා කියලා, අපිට දුවන්න තරම් හේතුවක් තිබුනේ නැහැනේ, ඒත් තුවක්කු තියාගෙන අපිට පොඩිඩක් එහායින් හිටිය කසිප්පු කාරයෝ ටිකකුයි, තවත් කීප දෙනෙකුයි වනජිවි මහත්තුරු දැකලා දිව්වා. ඒ අය අල්ලගන්න උත්සහ නොකර මේ මහත්වරු අපිත් එක්කම අල්ලගත්ත මාලුත් අත්අඩංගුවට අරන්, බෝට්ටුවෙන් අම්පාර වනජිවි කාර්යාලයට අරන් ගියා.''

''වනජිවි නිළධාරින් මාව අත්අඩංගුවට ගත්තේ මට කැලේට යන්න වනජිවි එකෙන්ම දුන්න අවසර පතක් තියෙද්දියි.''

රතුගල ආදිවාසි නායක සුදා වන්නියා ඇතුළු ඔහුගේ සගයන් හයදෙනෙකු ඉකුත් 11 වැනිදා සේනානායක සමුද්‍රයේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන 13 වැනිදා දක්වා රඳවා ගෙනපසුව ඇප මත මුදා හැර තිබේ.

'' කැලේටත්, ගමටත් නැතිව අසරණවෙලා ඉන්න අපේ මිනිස්සු දිහා වෙනස් විදිහට හිතන්න ආණ්ඩු කරන ඇත්තන්ට මොලේ පහළ වෙන්න ඕනා,'' යි සුදා
වන්නියා කියයි.

 

rathugala 1

රතුගල ආදිවාසි පවුලක් 

 

දිනෙන් දින උග්‍ර වෙමින් ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පිඩා විදින මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාශයට අයත් රතුගල ගම්මානයේ පදිංචි පවුල් ප්‍රමාණය 260 කි. එහි වෙසෙන ආදිවාසි වැදි ජනයා බහුතරයක් ගොවිතැන්හි නියැලෙන අතර, තව පිරිසක් නිල්ගල හා ගල්ඔය ජාතික වනෝද්‍යානයේ ඇති අරලු, බුලු, නෙල්ලි අහුලා විකුණාගෙන පවුල නඩත්තු කරති. සෙසු කොටස් සිය ජීවිකාව රැක ගන්නේ කැලේ වැවෙන බීඩි කොළ හෙවත් කුඩුම්බේරිය එකතුකර අළෙවි කිරීමෙනි.

 

rathugala 2

රතුගල ගම්මානයේ වෙළද සැලක් පවත්වාලෙන යන ආදිවාසි තරුණයෙක්

 

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් පවසන්නේ, සේනානායක සමුද්‍රයේ මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරී රතුගල ආදිවාසි නායකයා ඇතුලු පිරිස ජනවාරි 19 දා නැවත බිබිල මහේස්ත්‍රාත්වරයා වෙත  අධිකරණය පැමිණවිමට නියමිත බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...