The Leader News
BREAKING
නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●
Top Ad
පුවත්

බල සෙනග කප්පාදු නොකරන හමුදාව පලාගිය දසදහස් ගණනකට සමාව දෙයි

T

The Leader Desk

December 24, 2022 • 6:11 PM

බල සෙනග කප්පාදු නොකරන හමුදාව පලාගිය දසදහස් ගණනකට සමාව දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමුදාව හැර ගිය ආරක්ෂක භටයන් 20,000 ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා නිවේදනය කළ පොදු සමා කාලය අතරතුර නිල වශයෙන් ඔවුන්ගේ සේවයෙන් ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
  • ඉතා දිගු කාලයක සිට නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින සෙබළුන් සඳහා ලබා දී ඇති මෙම පොදු සමා කාලය 2022 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ.
  • "අඟහරුවාදා වන විට ඔවුන්ගෙන් 19,000 කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කර තිබෙනවා," යැයි ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක කර්නල් නලින් හේරත් PTI ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පවසා තිබේ.
  • සිය සේවා වගකීම් නිසිලෙස භාරදීමේ ක්‍රියා පටිපාටි විධිමත් ලෙස සිදු කිරීමෙන් අනතුරුව, ඔවුන් සියල්ලන්ම නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):



හමුදාව හැර ගිය ආරක්ෂක භටයන් 20,000 ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා නිවේදනය කළ පොදු සමා කාලය අතරතුර නිල වශයෙන් ඔවුන්ගේ සේවයෙන් ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ඉතා දිගු කාලයක සිට නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින සෙබළුන් සඳහා ලබා දී ඇති මෙම පොදු සමා කාලය 2022 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ.

"අඟහරුවාදා වන විට ඔවුන්ගෙන් 19,000 කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කර තිබෙනවා," යැයි ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක කර්නල් නලින් හේරත් PTI ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පවසා තිබේ.

සිය සේවා වගකීම් නිසිලෙස භාරදීමේ ක්‍රියා පටිපාටි විධිමත් ලෙස සිදු කිරීමෙන් අනතුරුව, ඔවුන් සියල්ලන්ම නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

මේ වන විට යුද හමුදාවෙන් සෙබලුන් 17,322 ක්, නාවික හමුදාවෙන් 1,145 ක් සහ ගුවන් හමුදාවෙන් 1,038 ක් මෙසේ සේවයෙන් ඉවත් කළ බව කර්නල් හේරත් ප්‍රකාශ කර තිබේ. ඔවුන් නිවාඩු නොගෙන ත්‍රිවිධ හමුදාවන්හි සේවයට වාර්තා නොකර සිටි අය වේ.


ආරක්ෂක වියදම් ඉහළ යයි



සෑම වසරකම අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ආරක්ෂක වියදම් ඉහළ යන තත්වයක් තුළ, සෙබලුන් 200,000 කට වැඩි ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය දිවයිනට දැරිය නොහැකි මට්ටමට පමණ ඉක්මවා ඇති බවට සලකනු ලැබේ. විදේශ විනිමය පවා සිඳී ගොස් ඇති දරුණුතම ආර්ථික අර්බුදය ජය ගැනීමට ශ්‍රී ලංකාව දැඩි උත්සාහයක යෙදී සිටින තත්වයක් තුළ, රජය විසින් මෙම පියවර ගෙන තිබේ.



මෑතකදී අනුමත කරන ලද 2023 අයවැයෙන් ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ සඳහා රුපියල් බිලියන 539ක් සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 322ක් සහ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 232ක් වෙන් කරනු ලැබිණි.

2009 මැයි මාසයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති හමුදා ගැටුම අවසන් වීමත් සමඟ, නාගරික සැලසුම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර වැනි වෙනත් ක්‍රියාකාරකම්වල මෙන්ම උතුරු නැගෙනහිර ව්‍යාපාර කටයුතුවලද ශ්‍රී ලංකා හමුදාව නියැලී සිටී. දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ වාඩිලා සිටින යුද හමුදාව තම ප්‍රදේශ වලින් ඉවත් කරන ලෙසයි.

කෙසේ වෙතත්, විශ්‍රාම වැටුප් අයිතිය ලබාගැනීමට නම් හමුදා සොල්දාදුවෙක්  වසර 22ක් සේවයේ නියුක්තව සිටිය යුතුය. නමුත්, වසර 12 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුප නොමැතිව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ඔවුන්ට හැකියාව තිබේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බල සෙනග කප්පාදු නොකරන හමුදාව පලාගිය දසදහස් ගණනකට සමාව දෙයි | The Leader