පමණ ඉක්මවා සිටින භට පිරිස් සංඛ්‍යාව අඩු කිරීමට මැලි කමක් දක්වන ශ්‍රී ලංකා යුද හමුදාව පලා ගිය දසදහස් සංඛ්‍යාත භට පිරිසකට සමාව දී තිබේ.



හමුදාව හැර ගිය ආරක්ෂක භටයන් 20,000 ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා නිවේදනය කළ පොදු සමා කාලය අතරතුර නිල වශයෙන් ඔවුන්ගේ සේවයෙන් ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ඉතා දිගු කාලයක සිට නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින සෙබළුන් සඳහා ලබා දී ඇති මෙම පොදු සමා කාලය 2022 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ.

"අඟහරුවාදා වන විට ඔවුන්ගෙන් 19,000 කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කර තිබෙනවා," යැයි ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක කර්නල් නලින් හේරත් PTI ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පවසා තිබේ.

සිය සේවා වගකීම් නිසිලෙස භාරදීමේ ක්‍රියා පටිපාටි විධිමත් ලෙස සිදු කිරීමෙන් අනතුරුව, ඔවුන් සියල්ලන්ම නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

මේ වන විට යුද හමුදාවෙන් සෙබලුන් 17,322 ක්, නාවික හමුදාවෙන් 1,145 ක් සහ ගුවන් හමුදාවෙන් 1,038 ක් මෙසේ සේවයෙන් ඉවත් කළ බව කර්නල් හේරත් ප්‍රකාශ කර තිබේ. ඔවුන් නිවාඩු නොගෙන ත්‍රිවිධ හමුදාවන්හි සේවයට වාර්තා නොකර සිටි අය වේ.


ආරක්ෂක වියදම් ඉහළ යයි



සෑම වසරකම අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ආරක්ෂක වියදම් ඉහළ යන තත්වයක් තුළ, සෙබලුන් 200,000 කට වැඩි ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය දිවයිනට දැරිය නොහැකි මට්ටමට පමණ ඉක්මවා ඇති බවට සලකනු ලැබේ. විදේශ විනිමය පවා සිඳී ගොස් ඇති දරුණුතම ආර්ථික අර්බුදය ජය ගැනීමට ශ්‍රී ලංකාව දැඩි උත්සාහයක යෙදී සිටින තත්වයක් තුළ, රජය විසින් මෙම පියවර ගෙන තිබේ.



මෑතකදී අනුමත කරන ලද 2023 අයවැයෙන් ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ සඳහා රුපියල් බිලියන 539ක් සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 322ක් සහ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 232ක් වෙන් කරනු ලැබිණි.

2009 මැයි මාසයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමඟ දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති හමුදා ගැටුම අවසන් වීමත් සමඟ, නාගරික සැලසුම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර වැනි වෙනත් ක්‍රියාකාරකම්වල මෙන්ම උතුරු නැගෙනහිර ව්‍යාපාර කටයුතුවලද ශ්‍රී ලංකා හමුදාව නියැලී සිටී. දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ වාඩිලා සිටින යුද හමුදාව තම ප්‍රදේශ වලින් ඉවත් කරන ලෙසයි.

කෙසේ වෙතත්, විශ්‍රාම වැටුප් අයිතිය ලබාගැනීමට නම් හමුදා සොල්දාදුවෙක්  වසර 22ක් සේවයේ නියුක්තව සිටිය යුතුය. නමුත්, වසර 12 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුප නොමැතිව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ඔවුන්ට හැකියාව තිබේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්