The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

වන්දි කතා නවතා OMP කාර්යාලය වසා දමන ලෙස අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

December 28, 2022 • 6:13 PM

 වන්දි කතා නවතා OMP කාර්යාලය වසා දමන ලෙස අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ හමුදා විසින් අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීමට අසමත්ව, වන්දි ලබා දීම ගැන පමණක් කතා කරන අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලය [OMP] ඉවත් කරන ලෙස මන්නාරමේ ඥාතින් දැනුම් දී තිබේ.
  • එහෙම නැතුව වන්දි දෙන්න කතා කරන්න අධිකරණ ඇමතිට බලයක් නැහැ.
  • වන්දි කතා කියාගෙන මන්නාරමට නම් එන්න එපා.'' ''මේ දරුවන් හොයන අරගලේට එක්ව හිටිය අම්මලා තාත්තලා 148 දෙනෙක් තමන්ගේ ඥාතීන්ට මොනාද වුනේ කියලා දන්නේ නැතිවම මැරිලා ගිහින් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රජයේ හමුදා විසින් අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීමට අසමත්ව, වන්දි ලබා දීම ගැන පමණක් කතා කරන අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලය [OMP] ඉවත් කරන ලෙස මන්නාරමේ ඥාතින් දැනුම් දී තිබේ.

2008 වසරේදී අතුරුදහන් කළ තම 24 හැවිරිදි පුත්‍රයා සොයමින් අරගල කරන, මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍ර මාධ්‍යයට පවසන්නේ අතුරුදහන් කළ තම ආදරණියයන්ට වන්දි ලබා දෙන බවට අධිකරණ ඇමැති කරන ප්‍රකාශ නවතා, OMP කාර්යාලය ද මන්නාරමෙන් ඉවත් කර ගන්නා ලෙසයි.

''OMP එක කරන්නේ අපේ දරුවන්ට වන්දි දෙන්නයි, නැත්නම් මරණ සහතික දෙන්නයි කතා කරන එක. අපිට වන්දිවත්, මරණ සහතිකවත් ඕනේ නැහැ. වන්දි කතා දැන්වත් නවත්වලා මන්නාරමේ OMP කාර්යාලය ඉවත් කර ගන්න නැත්නම් අපි ඉවත් කරනවා.''
 
අතුරුදහන් කළ සිය ඥාතීන්ට යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කෙරෙන අඛණ්ඩ අරගලය දින 2200 ඉක්මවා ඉදිරියට යමින් තිබියදී අධිකරණ ඇමැති සහ OMP නිලධාරින් රටපුරා ගොස් වන්දි ලබා දීමක් ගැන කතා කරන බවට මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකාව පවසන්නීය.

''වන්දි නෙවෙයි අපි ආණ්ඩුවේ හමුදාවට බාර දීපු අපේ දරුවෝ ආපහු දෙන්න කියලා ඉල්ලන්නේ ගොඩක් කල් ඉඳන්. එහෙම නැතුව වන්දි දෙන්න
කතා කරන්න අධිකරණ ඇමතිට බලයක් නැහැ. වන්දි කතා කියාගෙන මන්නාරමට නම් එන්න එපා.''

''මේ දරුවන් හොයන අරගලේට එක්ව හිටිය අම්මලා තාත්තලා 148 දෙනෙක් තමන්ගේ ඥාතීන්ට මොනාද වුනේ කියලා දන්නේ නැතිවම මැරිලා ගිහින් තියෙනවා. ලංකාවේ ආණ්ඩුවෙන් කරන විමර්ශන ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒකයි අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ.''
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...