leader s

සභාපතිනි, මනුවෙල් උදයචන්ද්‍ර



රජයේ හමුදා විසින් අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීමට අසමත්ව, වන්දි ලබා දීම ගැන පමණක් කතා කරන අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලය [OMP] ඉවත් කරන ලෙස මන්නාරමේ ඥාතින් දැනුම් දී තිබේ.

2008 වසරේදී අතුරුදහන් කළ තම 24 හැවිරිදි පුත්‍රයා සොයමින් අරගල කරන, මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍ර මාධ්‍යයට පවසන්නේ අතුරුදහන් කළ තම ආදරණියයන්ට වන්දි ලබා දෙන බවට අධිකරණ ඇමැති කරන ප්‍රකාශ නවතා, OMP කාර්යාලය ද මන්නාරමෙන් ඉවත් කර ගන්නා ලෙසයි.

''OMP එක කරන්නේ අපේ දරුවන්ට වන්දි දෙන්නයි, නැත්නම් මරණ සහතික දෙන්නයි කතා කරන එක. අපිට වන්දිවත්, මරණ සහතිකවත් ඕනේ නැහැ. වන්දි කතා දැන්වත් නවත්වලා මන්නාරමේ OMP කාර්යාලය ඉවත් කර ගන්න නැත්නම් අපි ඉවත් කරනවා.''
 
අතුරුදහන් කළ සිය ඥාතීන්ට යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කෙරෙන අඛණ්ඩ අරගලය දින 2200 ඉක්මවා ඉදිරියට යමින් තිබියදී අධිකරණ ඇමැති සහ OMP නිලධාරින් රටපුරා ගොස් වන්දි ලබා දීමක් ගැන කතා කරන බවට මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකාව පවසන්නීය.

''වන්දි නෙවෙයි අපි ආණ්ඩුවේ හමුදාවට බාර දීපු අපේ දරුවෝ ආපහු දෙන්න කියලා ඉල්ලන්නේ ගොඩක් කල් ඉඳන්. එහෙම නැතුව වන්දි දෙන්න
කතා කරන්න අධිකරණ ඇමතිට බලයක් නැහැ. වන්දි කතා කියාගෙන මන්නාරමට නම් එන්න එපා.''

''මේ දරුවන් හොයන අරගලේට එක්ව හිටිය අම්මලා තාත්තලා 148 දෙනෙක් තමන්ගේ ඥාතීන්ට මොනාද වුනේ කියලා දන්නේ නැතිවම මැරිලා ගිහින් තියෙනවා. ලංකාවේ ආණ්ඩුවෙන් කරන විමර්ශන ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒකයි අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ.''
JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil