The Leader News
BREAKING
Top Ad
පුවත්

පේලේ සමුගනී

T

The Leader Desk

December 30, 2022 • 4:40 AM

පේලේ සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.
  • , 1962 සහ 1970 දී යන වර්ෂවලදී තෙවරක් පාපන්දු ලෝක ශුරතාව බ්‍රසීලයට දිනාදීමට දායකත්වය දැක්වු පේලේ 2000 වර්ෂයේ දී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණි.
  • ඊට අමතරව ඔහු බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ඇතුළුව වසර 21ක වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ.
  • පේලේ ඇතුළත් කර සිටියේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.
අකුරු ප්‍රමාණය (Font Size):

මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

15 හැවිරිදි වියේ දී බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් පේලේ ජාත්‍යන්තර තරග බිමට අවතීරණ වුණි.

1958, 1962 සහ 1970 දී යන වර්ෂවලදී තෙවරක් පාපන්දු ලෝක ශුරතාව බ්‍රසීලයට දිනාදීමට දායකත්වය දැක්වු පේලේ 2000 වර්ෂයේ දී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණි.

ඊට අමතරව ඔහු බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ඇතුළුව වසර 21ක වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ.


12 pele


පසුගිය දිනකීපය පුරා පේලේ රෝහල්ගතව සිටියේය. පේලේ ඇතුළත් කර සිටියේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.

පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි. පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.

පේලේ ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරේය.

එඩ්ස්ටන් නස්ටිමෙන්ටෝ නම් වු ඔහු ලොව ප්‍රකට වුයේ පේල් නම් අන්වර්ථ නාමයෙනි.


(ඒ.එෆ්.පී.)




12 pee a1223 pe
1234 pe

Soccer Legend Pele (Photo by ? Alex Gotfryd/CORBIS/Corbis via Getty Images)

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...