The Leader News
BREAKING
Top Ad
පුවත්

පේලේ අහිමිව පාපන්දු ලෝකයම කඳුළු සලයි

T

The Leader Desk

December 30, 2022 • 8:31 PM

පේලේ අහිමිව පාපන්දු ලෝකයම කඳුළු සලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තෙවරක් ලෝක කුසලානය දිනූ මේ ක්‍රීඩකයා, තම රසිකයින්ට සහ තම වයස සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී රෝහලේ සිට මාධ්‍යයට කතා කළේ ය.
  • පාපන්දු ලෝකයේ විශිෂ්ඨයා වන පේලේගේ අභාවය හේතුවෙන් පාපන්දු ලෝකයම දැඩි කම්පනයකට ලක්ව ඇත.
  • සුපිරි පාපන්දු තරු පේලේගේ නික්මයාම වෙනුවෙන් සිය කණගාටුව මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබේ.
  • බ්‍රසීලයේ සුප්‍රකට ස්ථාන ද කොළ සහ කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර ඇත්තේ පේලේට කරන ගෞරවයක් ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):



තෙවරක් ලෝක කුසලානය දිනූ මේ ක්‍රීඩකයා, තම රසිකයින්ට සහ තම වයස සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී රෝහලේ සිට මාධ්‍යයට කතා කළේ ය.

1940දී, අග්නිදිග බ්‍රසීලයේ දිළිඳු පවුලකට උපත ලැබූ පේලේ, දුප්පත්කම විඳදරා ගනිමින් පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට සමත්විය.

පාපන්දු ලෝකයේ විශිෂ්ඨයා වන පේලේගේ අභාවය හේතුවෙන් පාපන්දු ලෝකයම දැඩි කම්පනයකට ලක්ව ඇත. සුපිරි පාපන්දු තරු පේලේගේ නික්මයාම වෙනුවෙන් සිය කණගාටුව මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබේ.

ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියනෝල් මෙසී, පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමාර්, ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බපේ, එංගලන්ත සුපිරි ක්‍රීඩක හැරී කේන් ද ඒ අතර වේ.

cvxcvxcv

බ්‍රසීලයේ සුප්‍රකට ස්ථාන ද කොළ සහ කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර ඇත්තේ පේලේට කරන ගෞරවයක් ලෙසයි. රියෝද ජැනයිරෝ නුවර පිහිටි ගැලවුම්කාර ක්‍රිස්තූන්ගේ ඓතිහාසික ප්‍රතිමාව ද ඒ අතරට අයත් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පාපන්දු රසිකයින් පේලේගේ අභාවය සැලවීමත් සමඟ විවිධ ආකාරයේ සැමරුම් සහ උපහාර වැඩසටහන්වලට එක්ව සිටින බවය. නාසා අභ්‍යාවකාශ ආයතනය ද ඒ අතර වේ.

බ්‍රසීල රජය ද දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි මේ වන විටත් තීරණය කර ඇත්තේ. ලොව පුරා ප්‍රධාන පුවත්පත් රැසක්ම අද සිය මුල් පිටුව වෙන් කර තිබුණේද සුප්‍රකට පේලේ වෙනුවෙනි.

හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනාවේ දියාගෝ මැරඩෝනා මීට වසර දෙකකට පෙර මියගිය අවස්ථාවේ ශෝකය පළ කරමින් පේලේ පවසා තිබුණේ “දිනක ස්වර්ගයේදී අපට පාපන්දු ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති” බවටයි.

පේලේ නම් පාපන්දු පුරාවෘත්තයේ අමතක නොවන අවස්ථා කිහිපයක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

 

  

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පේලේ අහිමිව පාපන්දු ලෝකයම කඳුළු සලයි | The Leader