The Leader News
BREAKING
Top Ad
පුවත්

පුංචි ඡන්දෙදී සජබත් එක්ක හවුලක් නැ - ශ්‍රීලනිපය කියයි

T

The Leader Desk

January 2, 2023 • 3:57 PM

පුංචි ඡන්දෙදී සජබත් එක්ක හවුලක් නැ - ශ්‍රීලනිපය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලාපොරොත්තු වන බව එම පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
  • උතුරු, නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේත්, සෙසු පළාත්වල එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ වෙනත් සන්ධානයක් යටතේත් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
  • මේ වන විටත් විමල් වීරවංශ ගේ සභාපතීත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම නියෝජනය කරන නිදහස ජනතා සභාව ඇතුළු කණ්ඩායම සමඟ මෙන්ම දේශපාලන පක්‍ෂ 27ක් සමඟ ඒ සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි ද දයාසිරි ජයසේකර කීවේය.
  • මෙහිදී සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා නොපවත්වන බව ද හෙතෙම අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලාපොරොත්තු වන බව එම පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

උතුරු, නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේත්, සෙසු පළාත්වල එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ වෙනත් සන්ධානයක් යටතේත් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වන විටත් විමල් වීරවංශ ගේ සභාපතීත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම නියෝජනය කරන නිදහස ජනතා සභාව ඇතුළු කණ්ඩායම සමඟ මෙන්ම දේශපාලන පක්‍ෂ 27ක් සමඟ ඒ සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි ද දයාසිරි ජයසේකර කීවේය.

මෙහිදී සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා නොපවත්වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රීලනිප පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේ දී අද (2) පැවති කෙටි උත්සවයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කර ලංකාවේ දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනගන්නට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය.

මැතිවරණය කල්දැමීමේ උත්සාහය ආණ්ඩුව තවමත් අත්හැර නැති බවත්, මැතිවරණය කල්දැමීමට රජය ගන්නා ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් පරාජය කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...