The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ මළවුන් මිහිදන් කළ භුමිය අල්ලා ගැනීමේ උත්සාහයට විරෝධය

T

The Leader Desk

January 6, 2023 • 6:40 PM

දෙමළ මළවුන් මිහිදන් කළ භුමිය අල්ලා ගැනීමේ උත්සාහයට විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධයේදී ඝාතනයට ලක්වු දෙමළ ඊළම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ සිරුරු මිහිදන් කර තිබෙන නැගෙනහිර පළාතේ
  • 2022 ජනවාරි 4 වැනි බදාදා විරෝධතාවක් දියත් කරමින් ප්‍රදේශවාසීන් චෝදනා කළේ, 2009 වසරේදී යුද්ධය නිමා වීමෙන් පසුව මඩකලපුව කිරාන් ප්‍රදේශයේ පිහිටි තරවයි මහවිරු සුසාන භුමිය අත්පත් කරගන්නට ඒ සමීපයේ පිහිටි යුද හමුදා කදවුර අඛණ්ඩ උත්සාහයක යෙදී සිටින බවයි.
  • පළාත් බද මාධ්‍යවේදීන් පවසන පරිදි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 100කට අධික පිරිසකගේ සිරුරු තරවයි සුසාන භුමිය තුළ මිහිදන් කර තිබේ.
  • එම භුමිය අත්පත්කරගන්නට යුද හමුදාව ගෙවීගිය වසර 13 ට වැඩි කාලය තුළඅඛණ්ඩව ගන්නා ලද උත්සාහය ජනතා විරෝධය හමුවේ එම අසාර්ථක වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මහවිරු සුසාන භුමියක් අත්පත්කරගන්නට යුද හමුදාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරන බවට චෝදනා කරමින් විරෝධතාවයක් දියත් කර තිබේ.

2022 ජනවාරි 4 වැනි බදාදා විරෝධතාවක් දියත් කරමින් ප්‍රදේශවාසීන් චෝදනා කළේ, 2009 වසරේදී යුද්ධය නිමා වීමෙන් පසුව මඩකලපුව කිරාන් ප්‍රදේශයේ පිහිටි තරවයි මහවිරු සුසාන භුමිය අත්පත් කරගන්නට ඒ සමීපයේ පිහිටි යුද හමුදා කදවුර අඛණ්ඩ උත්සාහයක යෙදී සිටින බවයි.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන පරිදි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 100කට අධික පිරිසකගේ සිරුරු තරවයි සුසාන භුමිය තුළ මිහිදන් කර තිබේ. එම භුමිය අත්පත්කරගන්නට යුද හමුදාව ගෙවීගිය වසර 13 ට වැඩි කාලය තුළඅඛණ්ඩව ගන්නා ලද උත්සාහය ජනතා විරෝධය හමුවේ එම අසාර්ථක වී ඇත.

විරෝධතා කරුවන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා තරවයි මහවිරු සුසාන භුමිය තුළ අළුතින් පැල සිටුවා එහි "තොප්පිගල රක්ෂිතය" ලෙස නාම පුවරුවක් සවි කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවයි.

සිය සමීපතමයන්ගේ සිරුරු මිහිදන් කර තිබෙන තරවයි සුසාන භුමිය අත්පත්කරගන්නට යුද හමුදාව දරන උත්සාහයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ද අලුතින් එක්වී ඇති බවයි විරෝධතා කරුවන් එහිදී වැඩි දුරටත් චෝදනා කළේ.

00012 1

00012

00012 2

00012 3

00012 4

" ආක්‍රමණික හමුදාව මහවිරු සුසාන භුමිය විනාශ නොකරනු, හමුදාව අපේ භුමියෙන් ඉවත් වෙනු"  ආදී සටන් පාඨ කියමින් විරෝධතා දැක්වු දෙමළ ජනයා තරවයි මහවිරු සුසාන භුමිය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් "තොප්පිගල රක්ෂිතය" ලෙස සදහන් කරමින් සවිකර තිබු පුවරුව කඩා විනාශ කරන්නටද කටයුතු කර තිබුනි.

පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් පවසන්නේ සුසාන භුමිය තුළ අළුතින් රෝපනය කර තිබු පැල උදුරා දමන්නටත් විරෝධතාකරුවන් කටයුතු කළ බවයි.

රජයේ ආරක්ෂක අංශ වලට අමතරව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ වාර්තා වී තිබුනි. 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙමළ මළවුන් මිහිදන් කළ භුමිය අල්ලා ගැනීමේ උත්සාහයට විරෝධය | The Leader