The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මතයි

T

The Leader Desk

September 10, 2025 • 8:27 PM

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.
  • ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.
  • අද පෙරවරු 11:30 සිට පස්වරු 3:30 දක්වා අදාළ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
  • ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වුණි.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයක් අනුවය.

අද පෙරවරු 11:30 සිට පස්වරු 3:30 දක්වා අදාළ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ  අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

තව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බව ද කතානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේ ය.


බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.

ඒ අනුව, මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කරන ලදී.

ඒ අනුව පසුගිය දා පැවති කැබිනට් හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව යි.

නව කෙටුම්පතට ඇතුළත් වන සංශෝධන මොනවා ද?

ඒ අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි පළ කර ඇත.

මෙම පනත 2025 අංක දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබෙන අතර 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මෙයින් ඉවත් කරනු ලබන බව සඳහන් ව තිබේ.

ඉවත් වන හිමිකම් මොනවා ද?

මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසු ව තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට සඳහන් ඇති හිමිකම් මෙසේ ය.

* හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;

* හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ

* හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඊට අයත් ය.

වරප්‍රසාද අහිමිවන්නේ කාට ද ?

ඒ අනුව නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් දැනට ජිවතුන් අතර සිටින විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ජිවතුන් අතර නොමැති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට හිමි නොවනු ඇත.

මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ තෙවන විධායක ජනාධිපති ඩී.බි. විජේතුංග යන විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් මේ වන විට ජිවතුන් අතර නැත.

මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස තවමත් ජිවතුන් අතර සිටින අතර ඒ අනුව පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වුවුහොත් ඇයට ඉහත වරප්‍රසාද අහිමි විය හැකි ය.

එමෙන් ම දැනට ජිවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහට ද මෙම නව කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවුහොත් ඉහත සියලු හිමිකම් අහිමිවනු ඇත.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)


 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...